ගීතාවලිය 119:92-94
ගීතාවලිය 119:92-94 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ ව්‍යවස්ථාව, මගේ ප්‍රමෝදය නො වී නම්, මගේ විපත්තියේදී මා වැනසී යන්නට තිබිණි. ඔබගේ ශික්ෂා කිසි කල අමතක නො කරමි; මන්ද ඔබ මට ජීවනය දුන්නේ ඒවා මගිනි. මා ඔබගේ ය, ගැලෙවුව මැනවි; මන්ද මම ඔබගේ ශික්ෂා සෙවුවෙමි.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්නගීතාවලිය 119:92-94 Sinhala Revised Old Version (SROV)
ඔබගේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය නොවී නම්, මාගේ විපත්තියේදී මා විනාශවෙන්ට තිබුණේය. ඔබගේ නියෝග කිසිකලක සිහි නැති නොකරන්නෙමි; මක්නිසාද ඔබ එයින් මා ප්‍රාණවත් කළසේක. මම ඔබගේය, මා ගැළෙවුව මැනව; මක්නිසාද ඔබගේ නියෝග සෙවීමි.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්නගීතාවලිය 119:92-94 Sinhala New Revised Version (NRSV)
ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය නොවී නම්, මාගේ විපතේ දී මා වැනසෙන්නට ඉඩ තිබුණේ ය. ඔබේ නියෝග කිසි කලෙක අමතක නොකරන්නෙමි. මන්ද, ඔබ ඒවායින් මා පණ ගැන්වූ සේක. මම ඔබේ ය; මා මුදාලුව මැනව. ඔබේ නියෝග මම මෙනෙහි කෙළෙමි.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්න