ගීතාවලිය 119:9-21

ගීතාවලිය 119:9-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)

යෞවනයකුට තම ජීවිත මාර්ගය පවිත්‍ර ව තබා ගත හැක්කේ කෙසේ ද? ඔබගේ වචනයට අනුකූලව පැවැත්මෙනි. මගේ මුළු හදින් මම ඔබ සොයන්නෙමි; ඔබගේ ආඥාවලින් ඈත් ව, මුළාව යෑමට මට ඉඩ නුදුන මැනවි. ඔබට එරෙහිව පව් නො කරන පිණිස, ඔබගේ වචන මා හදවතේ ගබඩා කර ගතිමි. ඔබවහන්සේ ප්‍රශංසනීය ය, අහෝ ස්වාමින්වහන්ස; ඔබගේ නියෝග, මට ඉගැන්වුව මැනව. ඔබේ මුවින් ප්‍රකාශිත නියමයන්, මගේ දෙතොලතරින් මම පවසන්නෙමි. ඔබේ පනත් රැකීමෙන් මා ප්‍රීති වන්නේ, සියලු ධන-නිධාන ලැබූවකු පරිද්දෙනි. ඔබගේ ශික්ෂා ඔස්සේ මෙනෙහි කරමින්, ඔබගේ මාර්ග මත සිත් යොමන්නෙමි. ඔබගේ නියෝග තුළ ප්‍රමෝදවෙමින්, ඔබගේ වචනය අමතක නො කරන්නෙමි. මා ජීවත් වන පිණිස හා ඔබගේ වචනය රක්ෂා කරන පිණිස, ඔබේ සේවකයාට ත්‍යාගශීලී ව සැලකුව මැනව. ඔබගේ ව්‍යවස්ථාව තුළින් ආශ්චර්යවත් දෑ මැනවින් දකින පිණිස, මගේ නෙත් විවර කළ මැනව. මම මේ පොළොවේ තාවකාලික පදිංචිකරුවෙක්මි; ඔබගේ ආඥා මගෙන් නො සැඟවුව මැනව. ඔබගේ නියමයන් වෙත වූ දැඩි අභිලාෂයෙන් මා ජීවය හැම විට ඇවිළේ. ඔබගේ ආඥාවලින් බැහැර ව, මුළාව යන ගරු සරු නැති ශාප ලද්දවුන්ට ඔබ තරවටු කරන සේක.

ගීතාවලිය 119:9-21 Sinhala Revised Old Version (SROV)

තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි. මාගේ මුළු සිතින් ඔබ සෙවීමි. ඔබගේ ආඥාවලින් මුළාවයන්ට මට ඉඩ නුදුන මැනව. ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි. ස්වාමිනි, ඔබ ප්‍රශංසිතය. ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව. ඔබගේ මුඛයේ සියලු විනිශ්චයන් මාගේ තොල්වලින් ප්‍රකාශකෙළෙමි. සියලු සම්පතෙහි මෙන් ඔබගේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත්වීමි. ඔබගේ නියෝග භාවනාකරන්නෙමි, ඔබගේ මාර්ග සලකන්නෙමි. ඔබගේ පනත්වලට ප්‍රියවන්නෙමි. ඔබගේ වචනය සිහිනැති නොකරන්නෙමි. මා ජීවත්වන පිණිස ඔබගේ මෙහෙකරුවාට බොහෝසේ යහපත්කම් කළ මැනව; එවිට ඔබගේ වචනය පවත්වන්නෙමි. ඔබගේ ව්‍යවස්ථාවෙන් ආශ්චර්යමත් දේ දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව. මම පොළොවෙහි විදේශිකයෙක්ව සිටිමි. ඔබගේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව. සෑමවිටම ඔබගේ විනිශ්චයන් කෙරෙහි ඇති ආශාවෙන් මාගේ සිත බිඳේ. ඔබගේ ආඥාවලින් මුළාව යන්නාවූ, ශාපලද්දාවූ උඩඟුවූවන්ට ඔබ තරවටුකළසේක.

ගීතාවලිය 119:9-21 Sinhala New Revised Version (NRSV)

තරුණයෙකු තම දිවි මඟ පිවිතුරු ව තබාගන්නේ කෙසේ ද? ඔබේ ආඥාවට කීකරු වීමෙනි. මාගේ මුළු සිතින් ඔබ සෙවීමි; ඔබේ ආඥාවලට පිටුපා යන්නට මට ඉඩ නුදුන මැනව. ඔබට විරුද්ධ ව පව් නොකරන පිණිස ඔබේ වචනය මාගේ සිතේ නිදන් කරගනිමි. සමිඳුනි, මම ඔබ පසසමි, ඔබේ පණත් මට ඉගැන්නුව මැනව. ඔබ ප්‍රකාශ කළ සියලු නීති මාගේ මුවින් පතුරුවා හැරීමි. සියලු යස ඉසුරෙහි ප්‍රීති වීමට වඩා ඔබේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත් වෙමි. ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි; ඔබේ මාර්ග කෙරෙහි මාගේ සිත යොමු කරන්නෙමි. ඔබේ නියමවලට ප්‍රිය වන්නෙමි; ඔබේ වචනය අමතක නොකරන්නෙමි. ඔබේ මෙහෙකරුගේ යහපත ගැන හොඳින් සලකා බැලුව මැනව. එවිට මම ජීවත් වන්නෙමි, ඔබේ ඉගැන්වීම් පවත්වන්නෙමි. ඔබේ ව්‍යවස්ථාවෙහි පුදුම අගයන් දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව. මම මිහි පිට ආගන්තුක ව වසන්නෙක්මි. ඔබේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව. සැම විට ම ඔබේ නීති දැනගැනීමට මා සිත දැඩි ආශාවෙන් දැවෙන්නේ ය. ඔබේ ආඥාවලට පිටුපා යන, සාපලත් උඩඟු අයට ඔබ තරවටු කරන සේක.

ගීතාවලිය 119:9-21 Sinhala New Revised Version 2018 (SNRV)

තරුණයෙකු තම දිවි මඟ පිවිතුරු ව තබාගන්නේ කෙසේ ද? ඔබේ ආඥාවට කීකරු වීමෙනි. මාගේ මුළු සිතින් ඔබ සෙවීමි; ඔබේ ආඥාවලට පිටුපා යන්නට මට ඉඩ නුදුන මැනව. ඔබට විරුද්ධ ව පව් නොකරන පිණිස ඔබේ වචනය මාගේ සිතේ නිදන් කරගනිමි. සමිඳුනි, මම ඔබ පසසමි, ඔබේ පනත් මට ඉගැන්නුව මැනව. ඔබ ප්‍රකාශ කළ සියලු නීති මාගේ මුවින් පතුරුවා හැරීමි. සියලු යස ඉසුරෙහි ප්‍රීති වීමට වඩා ඔබේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත් වෙමි. ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි; ඔබේ මාර්ග කෙරෙහි මාගේ සිත යොමු කරන්නෙමි. ඔබේ නියමවලට ප්‍රිය වන්නෙමි; ඔබේ වචනය අමතක නොකරන්නෙමි. ඔබේ මෙහෙකරුගේ යහපත ගැන හොඳින් සලකා බැලුව මැනව. එවිට මම ජීවත් වන්නෙමි, ඔබේ ඉගැන්වීම් පවත්වන්නෙමි. ඔබේ ව්‍යවස්ථාවෙහි පුදුම අගයන් දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව. මම මිහි පිට ආගන්තුක ව වසන්නෙක්මි. ඔබේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව. සැම විට ම ඔබේ නීති දැනගැනීමට මා සිත දැඩි ආශාවෙන් දැවෙන්නේ ය. ඔබේ ආඥාවලට පිටුපා යන, සාපලත් උඩඟු අයට ඔබ තරවටු කරන සේක.