ගීතාවලිය 119:58-60
ගීතාවලිය 119:58-60 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ මුළු හදින් ම මම ඔබේ පිහිට සොයන්නෙමි; ඔබගේ පොරොන්දුව ලෙස මට දයා වුව මැනවි. මගේ මාර්ග කල්පනාවට ගත් මම, ඔබගේ පනත්වලට මගේ පාද හරවා ගතිමි. ඔබගේ ආඥා පැවැත්වීමට මම ඉක්මන් වන්නෙමි, පමා නො වන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්නගීතාවලිය 119:58-60 Sinhala Revised Old Version (SROV)
මාගේ මුළු සිතින් ඔබගේ කරුණාව ඉල්ලීමි. ඔබගේ වචනය පරිද්දෙන් මට කරුණාකළ මැනව. මාගේ මාර්ග කල්පනාකොට ඔබගේ ශික්ෂාවලට මාගේ පාද හරවා ගතිමි. ඔබගේ ආඥා පැවැත්වීමට මම පමානූණෙමි, ඉක්මන්වීමි.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්නගීතාවලිය 119:58-60 Sinhala New Revised Version (NRSV)
මාගේ මුළු සිතින් ඔබේ කරුණාව ඉල්ලමි. ඔබේ පොරොන්දුව පරිදි මට කරුණා කළ මැනව. මම මාගේ හැසිරීම ගැන සිහිකර ඔබේ ශික්ෂා පද දෙසට යළි හැරෙන්නෙමි. මම ඔබේ ආඥා පිළිපැදීමට පමා නොවී ඉක්මන් වීමි.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්න