ගීතාවලිය 119:156-176 - Compare All Versions

ගීතාවලිය 119:156-176 SROV (Sinhala Revised Old Version)

ස්වාමිනි, ඔබගේ අනුකම්පා මහත්ය. ඔබගේ විනිශ්චයන් ලෙස මා ප්‍රාණවත්කළ මැනව. මට පීඩාකරන්නෝද මාගේ එදිරිකාරයෝද බොහෝය; එහෙත් මම ඔබගේ ශික්ෂාවලින් ඉවත නොගියෙමි. මම ද්‍රෝහිකම්කරන්නන් දැක දුක්වීමි; මක්නිසාද ඔව්හු ඔබගේ වචනය නොපවත්වති. ඔබගේ නියෝගවලට මා ප්‍රේම කරන හැටි කල්පනාකළ මැනව. ස්වාමිනි, ඔබගේ කරුණාගුණය පරිද්දෙන් මා ප්‍රාණවත්කළ මැනව. ඔබගේ වචනයේ මුළු අදහස නම් සත්‍යයය; ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් සියල්ල සදාකල් පවත්නේය. අධිපතීහු නිකරුණේ මට පීඩාකළෝය; නුමුත් මාගේ සිත ඔබගේ වචන වලට භයින් පවතී. මහත් කොල්ලයක් ලබන කෙනෙකු මෙන් මම ඔබගේ වචනයෙහි ප්‍රීතිමත්වෙමි. බොරුවට වෛරකොට පිළිකුල් කරමි; නුමුත් ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරමි. ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් නිසා දවසට සත් වරක් ඔබට ප්‍රශංසා කරමි. ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරන්නන්ට මහත් සමාදානයක් ඇත; පැකිලීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය. ස්වාමිනි, ඔබගේ ගැළවීම බලා සිටියෙමි, ඔබගේ ආඥා ඉෂ්ටකෙළෙමි. මාගේ ආත්මය ඔබගේ ශික්ෂා පැවැත්විය; මම ඊට බොහෝසෙයින් ප්‍රේමකරමි. මම ඔබගේ නියෝග හා ශික්ෂා පැවැත්වීමි; මක්නිසාද මගේ සියලු මාර්ග ඔබ ඉදිරියෙහිය. ස්වාමිනි, මාගේ මොරගැසීම ඔබ ඉදිරියට පැමිණේවා. ඔබගේ වචනය පරිද්දෙන් මට නුවණ දුන මැනව. මාගේ අයදීම ඔබ ඉදිරියට පැමිණේවා. ඔබගේ වචනය ලෙස මා මිදුව මැනව. ඔබගේ පනත් ඔබ මට උගන්වන බැවින් මාගේ තොල් ප්‍රශංසාව ප්‍රකාශ කෙරේවා. ඔබගේ සියලු ආඥා ධර්මිෂ්ඨකම වන බැවින් මාගේ දිව ඔබගේ වචනය ගැන ගී කියාවා. ඔබගේ හස්තය මට උපකාර පිණිස සූදානම්වේවා; මක්නිසාද මම ඔබගේ නියෝග තෝරාගතිමි. ස්වාමිනි, මම ඔබ දෙන ගැළවීම ගැන ආශාවෙමි; ඔබගේ ව්‍යවස්ථාවද මාගේ ප්‍රීතියය. මාගේ ආත්මය ජීවත්වේවා, එවිට එය ඔබට ප්‍රශංසාකරන්නේය; ඔබගේ විනිශ්චයෝ මට උපකාර කෙරෙත්වා. නැතිවූ බැටළුවෙකු මෙන් මුළාව ගියෙමි; ඔබගේ මෙහෙකරුවා සෙවුව මැනව; මක්නිසාද ඔබගේ ආඥා සිහිනැති නොකරමි.

බෙදාගන්න
ගීතාවලිය 119 SROV

ගීතාවලිය 119:156-176 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබගේ දයාව ඉමහත් ය, අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නියමයන් ලෙස මට ජීවනය දුන මැනව. මට පීඩා කරන්නන් හා මට සතුරු වූවන් බොහෝ ය; එහෙත් ඔබගේ පනත් වෙතින් මා ඉවත හැරුණේ නැත. අවිශ්වාසිකයින් දෙස මා බලන්නේ පිළිකුලෙනි; මන්ද ඔවුන් ඔබගේ වචනයට අවනත නැත. අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ශික්ෂාවනට මා කොතරම් ප්‍රේම කරම්දැයි කල්පනාවට ගත මැනව; ඔබගේ නොමියෙන ප්‍රේමයට අනුව, මට ජීවනය දුන මැනව. ඔබගේ සියලු වචන සත්‍යය ය; ඔබගේ සෑම දමිටු නියමයක් ම සදාතනික ය. අහේතුක ව අධිපතීහු මට හිංසා කරති; එහෙත් මගේ හදවත ඔබගේ වචනයට භය පක්ෂපාතී ය. ඔබගේ පොරොන්දුව ගැන මා ප්‍රීති ප්‍රමෝද වන්නේ, මහා කොල්ලයක් ලබන්නකු පරිද්දෙනි. මුසාවට මම ද්වේෂ කරමි, පිළිකුල් කරමි; එනමුදු ඔබගේ ව්‍යවස්ථාවට මම ප්‍රේම කරමි. ඔබගේ දමිටු නියමයන් ගැන දවසට හත් වරක් මම ඔබ පසසමි. ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේම කරන්නන්ට විශිෂ්ට සාමයක් ඇත; ඔවුන් පැකිළවන්නට කිසිවකට බැරි ය. ඔබගේ ගැලවීම ගැන බලාපොරොත්තුව සිටිමි. අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ආඥා, මම රක්ෂා කරන්නෙමි. මගේ ජීවය, ඔබගේ පනත් පිළිපදියි. ඒවාට මම අතිශයෙන් ප්‍රේම කරමි. ඔබගේ ශික්ෂා හා පනත් මම පිළිපදිමි. මන්ද මගේ සියලු මාර්ග ඔබ ඉදිරියෙහි ය. මගේ හඬ ගෑම, ඔබ ඉදිරියට පැමිණේවා අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ වචනයට අනුව මට අවබෝධය දුන මැනව. මගේ අයැදුම ඔබ අබියසට පැමිණේවා; ඔබගේ වචනයට අනුව මා මුදාලුව මැනව. මගේ දෙතොලින් ප්‍රශංසාව දෝරෙ ගලයි; මන්ද ඔබගේ නියෝග ඔබ මට ඉගැන් වූ සේක. ඔබගේ සියලු ආඥා ධර්මිෂ්ඨ බැවින්, මගේ දිව, ඔබගේ වචනය ගැන ගී ගයයි. මා ඔබගේ ශික්ෂා තෝරාගත් බැවින්, ඔබගේ හස්තය මගේ උපකාරයට සූදානමින් තියේවා! ඔබගෙන් ලබන ගැලවීමට මම ආශා වෙමි; අහෝ ස්වාමින්වහන්ස, මගේ සොම්නස, ඔබගේ ව්‍යවස්ථාවයි. මගේ ජීවය, ජීවත් ව ප්‍රශංසා කරාවා; ඔබගේ නියමයන් මා දරා සිටීවා! මග වැරදුණු බැටළුවකු සේ මම මුළාව ගියෙමි. ඔබගේ සේවකයා සොයාගත මැනවි. මන්ද ඔබගේ ආඥා මම අමතක නො කළෙමි.

බෙදාගන්න
ගීතාවලිය 119 SCV

ගීතාවලිය 119:156-176 NRSV (Sinhala New Revised Version)

සමිඳුනි, ඔබේ අනුකම්පාව ඉමහත් ය. ඔබේ නියමයන් ලෙස මට නව දිවියක් දුන මැනව. මට පීඩා කරන්නෝ ද මාගේ එදිරිකාරයෝ ද බොහෝ ය. එහෙත් මම, ඔබේ ශික්ෂා පදවලින් ඉවත් ව නොගියෙමි. ද්‍රෝහිකම් කරන්නන් දැක මම ඔවුන් පිළිකුල් කෙළෙමි. ඔව්හු ඔබේ නියමයන් නොපිළිපදිති. ඔබේ නියෝගවලට මා ප්‍රේම කරන හැටි සිතා බැලුව මැනව. සමිඳුනි, ඔබේ පෙම තිර නිසා මට නව දිවියක් දුන මැනව. ඔබේ ව්‍යවස්ථාවේ හරය සත්‍යය වේ. ඔබේ සියලු දැහැමි විනිසුම් සදහට පවත්නේ ය. අධිපතීහු නිකරුණේ මට පීඩා කළෝ ය. එහෙත් මම, ඔබේ ව්‍යවස්ථාවට ගරු කරමි. මහා නිධානයක් ලබන කෙනෙකු මෙන් මම ඔබේ පොරොන්දුව ගැන ප්‍රීතිමත් වෙමි. මුසාවට ද්වේෂ කරමි; එය පිළිකුල් කරමි. එහෙත්, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරමි. ඔබේ දැහැමි විනිශ්චයයන් නිසා දවසට සත් වරක් මම ඔබට ප්‍රශංසා කරමි. ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරන්නන්ට ඉමහත් සාමයක් ඇත. කිසි අවහිරයක් ඔවුන්ට නැත. සමිඳුනි, ඔබේ ගැළවීම ගැන උදක් ම බලා සිටිමි. ඔබේ ආඥා ඉටු කෙළෙමි. මම ඔබේ ශික්ෂා පද පිළිපැදීමි. මම ඒවාට බොහෝ සෙයින් ප්‍රේම කරමි. මම ඔබේ නියෝග හා ශික්ෂා පද පිළිපැදීමි. මාගේ දිවි මඟ ඔබ ඉදිරියෙහි ය. සමිඳුනි, මාගේ මොරගැසීම ඔබ ඉදිරියට පැමිණේ වා! ඔබේ පොරොන්දුව අනුව මට නැණනුවණ දුන මැනව. මාගේ අයැදීම ඔබ ඉදිරියට පැමිණේ වා! ඔබේ පොරොන්දුව ලෙස මා මිදුව මැනව. ඔබේ පණත් ඔබ මට උගන්වන බැවින් මා මුව ඔබට පැසසුම් ගී පිළිරැව් දේ වා! ඔබේ සියලු ආඥා සාධාරණ ය; මම ඔබේ ව්‍යවස්ථාව ගැන ගී ගයමි. ඔබේ හස්තය මට උපකාර පිණිස සූදානම් වේ වා! මම ඔබේ නියෝග අනුව යමි. සමිඳුනි, මම ඔබ දෙන ගැළවීමට ආසා වෙමි. ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය වේ. ඔබට ප්‍රශංසා කරන පිණිස මට ජීවත් වන්නට ඉඩ දුන මැනව. ඔබේ නියමයෝ මට උපකාරවත් වෙත් වා! නැති වූ බැටළුවෙකු මෙන් මම මුළා ව ගියෙමි. ඔබේ මෙහෙකරුවා වන මා සොයා එනු මැනව. මම ඔබේ ආඥා අමතක නොකරමි.

බෙදාගන්න
ගීතාවලිය 119 NRSV

ගීතාවලිය 119:156-176 SNRV (Sinhala New Revised Version 2018)

සමිඳුනි, ඔබේ අනුකම්පාව ඉමහත් ය. ඔබේ නියමයන් ලෙස මට නව දිවියක් දුන මැනව. මට පීඩා කරන්නෝ ද මාගේ එදිරිකාරයෝ ද බොහෝ ය. එහෙත් මම, ඔබේ ශික්ෂා පදවලින් ඉවත් ව නොගියෙමි. ද්‍රෝහිකම් කරන්නන් දැක මම ඔවුන් පිළිකුල් කෙළෙමි. ඔව්හු ඔබේ නියමයන් නොපිළිපදිති. ඔබේ නියෝගවලට මා ප්‍රේම කරන හැටි සිතා බැලුව මැනව. සමිඳුනි, ඔබේ පෙම තිර නිසා මට නව දිවියක් දුන මැනව. ඔබේ ව්‍යවස්ථාවේ හරය සත්‍යය වේ. ඔබේ සියලු දැහැමි විනිසුම් සදහට පවත්නේ ය. අධිපතීහු නිකරුණේ මට පීඩා කළෝ ය. එහෙත් මම, ඔබේ ව්‍යවස්ථාවට ගරු කරමි. මහා නිධානයක් ලබන කෙනෙකු මෙන් මම ඔබේ පොරොන්දුව ගැන ප්‍රීතිමත් වෙමි. මුසාවට ද්වේෂ කරමි; එය පිළිකුල් කරමි. එහෙත්, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරමි. ඔබේ දැහැමි විනිශ්චයයන් නිසා දවසට සත් වරක් මම ඔබට ප්‍රශංසා කරමි. ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරන්නන්ට ඉමහත් සාමයක් ඇත. කිසි අවහිරයක් ඔවුන්ට නැත. සමිඳුනි, ඔබේ ගැළවීම ගැන උදක් ම බලා සිටිමි. ඔබේ ආඥා ඉටු කෙළෙමි. මම ඔබේ ශික්ෂා පද පිළිපැදීමි. මම ඒවාට බොහෝ සෙයින් ප්‍රේම කරමි. මම ඔබේ නියෝග හා ශික්ෂා පද පිළිපැදීමි. මාගේ දිවි මඟ ඔබ ඉදිරියෙහි ය. සමිඳුනි, මාගේ මොරගැසීම ඔබ ඉදිරියට පැමිණේ වා! ඔබේ පොරොන්දුව අනුව මට නැණනුවණ දුන මැනව. මාගේ අයැදීම ඔබ ඉදිරියට පැමිණේ වා! ඔබේ පොරොන්දුව ලෙස මා මිදුව මැනව. ඔබේ පනත් ඔබ මට උගන්වන බැවින් මා මුව ඔබට පැසසුම් ගී පිළිරැව් දේ වා! ඔබේ සියලු ආඥා සාධාරණ ය; මම ඔබේ ව්‍යවස්ථාව ගැන ගී ගයමි. ඔබේ හස්තය මට උපකාර පිණිස සූදානම් වේ වා! මම ඔබේ නියෝග අනුව යමි. සමිඳුනි, මම ඔබ දෙන ගැළවීමට ආසා වෙමි. ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය වේ. ඔබට ප්‍රශංසා කරන පිණිස මට ජීවත් වන්නට ඉඩ දුන මැනව. ඔබේ නියමයෝ මට උපකාරවත් වෙත් වා! නැති වූ බැටළුවෙකු මෙන් මම මුළා ව ගියෙමි. ඔබේ මෙහෙකරුවා වන මා සොයා එනු මැනව. මම ඔබේ ආඥා අමතක නොකරමි.

බෙදාගන්න
ගීතාවලිය 119 SNRV

ගීතාවලිය 119:156-176 NIV (New International Version)

Your compassion, LORD, is great; preserve my life according to your laws. Many are the foes who persecute me, but I have not turned from your statutes. I look on the faithless with loathing, for they do not obey your word. See how I love your precepts; preserve my life, LORD, in accordance with your love. All your words are true; all your righteous laws are eternal. Rulers persecute me without cause, but my heart trembles at your word. I rejoice in your promise like one who finds great spoil. I hate and detest falsehood but I love your law. Seven times a day I praise you for your righteous laws. Great peace have those who love your law, and nothing can make them stumble. I wait for your salvation, LORD, and I follow your commands. I obey your statutes, for I love them greatly. I obey your precepts and your statutes, for all my ways are known to you. May my cry come before you, LORD; give me understanding according to your word. May my supplication come before you; deliver me according to your promise. May my lips overflow with praise, for you teach me your decrees. May my tongue sing of your word, for all your commands are righteous. May your hand be ready to help me, for I have chosen your precepts. I long for your salvation, LORD, and your law gives me delight. Let me live that I may praise you, and may your laws sustain me. I have strayed like a lost sheep. Seek your servant, for I have not forgotten your commands.

බෙදාගන්න
ගීතාවලිය 119 NIV