ගීතාවලිය 119:11-16
ගීතාවලිය 119:11-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබට එරෙහිව පව් නො කරන පිණිස, ඔබගේ වචන මා හදවතේ ගබඩා කර ගතිමි. ඔබවහන්සේ ප්රශංසනීය ය, අහෝ ස්වාමින්වහන්ස; ඔබගේ නියෝග, මට ඉගැන්වුව මැනව. ඔබේ මුවින් ප්රකාශිත නියමයන්, මගේ දෙතොලතරින් මම පවසන්නෙමි. ඔබේ පනත් රැකීමෙන් මා ප්රීති වන්නේ, සියලු ධන-නිධාන ලැබූවකු පරිද්දෙනි. ඔබගේ ශික්ෂා ඔස්සේ මෙනෙහි කරමින්, ඔබගේ මාර්ග මත සිත් යොමන්නෙමි. ඔබගේ නියෝග තුළ ප්රමෝදවෙමින්, ඔබගේ වචනය අමතක නො කරන්නෙමි.
ගීතාවලිය 119:11-16 Sinhala Revised Old Version (SROV)
ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි. ස්වාමිනි, ඔබ ප්රශංසිතය. ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව. ඔබගේ මුඛයේ සියලු විනිශ්චයන් මාගේ තොල්වලින් ප්රකාශකෙළෙමි. සියලු සම්පතෙහි මෙන් ඔබගේ ශික්ෂා මාර්ගයෙහි ප්රීතිමත්වීමි. ඔබගේ නියෝග භාවනාකරන්නෙමි, ඔබගේ මාර්ග සලකන්නෙමි. ඔබගේ පනත්වලට ප්රියවන්නෙමි. ඔබගේ වචනය සිහිනැති නොකරන්නෙමි.
ගීතාවලිය 119:11-16 Sinhala New Revised Version (NRSV)
ඔබට විරුද්ධ ව පව් නොකරන පිණිස ඔබේ වචනය මාගේ සිතේ නිදන් කරගනිමි. සමිඳුනි, මම ඔබ පසසමි, ඔබේ පණත් මට ඉගැන්නුව මැනව. ඔබ ප්රකාශ කළ සියලු නීති මාගේ මුවින් පතුරුවා හැරීමි. සියලු යස ඉසුරෙහි ප්රීති වීමට වඩා ඔබේ ශික්ෂා මාර්ගයෙහි ප්රීතිමත් වෙමි. ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි; ඔබේ මාර්ග කෙරෙහි මාගේ සිත යොමු කරන්නෙමි. ඔබේ නියමවලට ප්රිය වන්නෙමි; ඔබේ වචනය අමතක නොකරන්නෙමි.
ගීතාවලිය 119:11-16 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබට විරුද්ධ ව පව් නොකරන පිණිස ඔබේ වචනය මාගේ සිතේ නිදන් කරගනිමි. සමිඳුනි, මම ඔබ පසසමි, ඔබේ පනත් මට ඉගැන්නුව මැනව. ඔබ ප්රකාශ කළ සියලු නීති මාගේ මුවින් පතුරුවා හැරීමි. සියලු යස ඉසුරෙහි ප්රීති වීමට වඩා ඔබේ ශික්ෂා මාර්ගයෙහි ප්රීතිමත් වෙමි. ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි; ඔබේ මාර්ග කෙරෙහි මාගේ සිත යොමු කරන්නෙමි. ඔබේ නියමවලට ප්රිය වන්නෙමි; ඔබේ වචනය අමතක නොකරන්නෙමි.
ගීතාවලිය 119:11-16 New International Version (NIV)
I have hidden your word in my heart that I might not sin against you. Praise be to you, LORD; teach me your decrees. With my lips I recount all the laws that come from your mouth. I rejoice in following your statutes as one rejoices in great riches. I meditate on your precepts and consider your ways. I delight in your decrees; I will not neglect your word.
