ගීතාවලිය 119:1-5
ගීතාවලිය 119:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තමන්ගේ මාර්ගය නිර්දෝෂී වූවෝ, ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන්නෝ භාග්‍යවත් ය. උන්වහන්සේගේ පනත් රක්ෂා කරන්නෝ, තමන්ගේ මුළු හදින් උන්වහන්සේ සොයන්නෝ භාග්‍යවත් ය; කිසි වරදක් නො කරන ඔවුහු, උන්වහන්සේගේ මාර්ගවල ගමන් කරති. උද්යෝගී ව පිළිපැදිය යුතු වූ ශික්ෂා, ඔබ නියම කළ සේක. අහෝ ඔබගේ නියෝග පිළිපැදීම සඳහා මගේ මාර්ග ස්ථිර වී නම්!
ගීතාවලිය 119:1-5 Sinhala Revised Old Version (SROV)
නිර්දෝෂ මාර්ගයෙහි යන්නාවූ, ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය. උන්වහන්සේගේ ශික්ෂා පවත්වන්නාවූ, මුළු සිතින් උන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය. එසේය, ඔව්හු කිසි අධර්මිෂ්ඨකමක් නොකෙරෙති; ඔව්හු උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙති. අප විසින් ඔබගේ නියෝග උත්සාහයෙන් පවත්වන පිණිස ඔබ ඒවා අපට අණකළසේක. ඔබගේ පනත් පවත්වන පිණිස මාගේ මාර්ග ස්ථිර නම් කොපමණ යහපත්ද!
ගීතාවලිය 119:1-5 Sinhala New Revised Version (NRSV)
නිදොස් දිවියක් ගත කරන අය, සමිඳුන්ගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන අය භාග්‍යවන්ත ය. එතුමන්ගේ ශික්ෂා පද පවත්වන අය, මුළු සිතින් එතුමන් සොයන අය භාග්‍යවන්ත ය. එසේ ය, ඔව්හු කිසි නපුරක් නොකරති; ඔව්හු එතුමන්ගේ මාර්ගවල හැසිරෙති. අප ඔබේ නියෝග අනලස් ව පවත්වන පිණිස ඔබ ඒවා අපට නියම කළ සේක. ඔබේ පණත් පිළිපැදීමෙන් මාගේ චර්යාව ස්ථිර ව පැවතේ වා!
ගීතාවලිය 119:1-5 Sinhala New Revised Version 2018 (SNRV)
නිදොස් දිවියක් ගත කරන අය, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන අය භාග්‍යවන්ත ය. එතුමාණන්ගේ ශික්ෂා පද පවත්වන අය, මුළු සිතින් එතුමාණෝ සොයන අය භාග්‍යවන්ත ය. එසේ ය, ඔව්හු කිසි නපුරක් නොකරති; ඔව්හු එතුමාණන්ගේ මාර්ගවල හැසිරෙති. අප ඔබේ නියෝග අනලස් ව පවත්වන පිණිස ඔබ ඒවා අපට නියම කළ සේක. ඔබේ පනත් පිළිපැදීමෙන් මාගේ චර්යාව ස්ථිර ව පැවතේ වා!
ගීතාවලිය 119:1-5 New International Version (NIV)
Blessed are those whose ways are blameless, who walk according to the law of the LORD. Blessed are those who keep his statutes and seek him with all their heart— they do no wrong but follow his ways. You have laid down precepts that are to be fully obeyed. Oh, that my ways were steadfast in obeying your decrees!