ගීතාවලිය 119:1-20
ගීතාවලිය 119:1-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තමන්ගේ මාර්ගය නිර්දෝෂී වූවෝ, ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන්නෝ භාග්‍යවත් ය. උන්වහන්සේගේ පනත් රක්ෂා කරන්නෝ, තමන්ගේ මුළු හදින් උන්වහන්සේ සොයන්නෝ භාග්‍යවත් ය; කිසි වරදක් නො කරන ඔවුහු, උන්වහන්සේගේ මාර්ගවල ගමන් කරති. උද්යෝගී ව පිළිපැදිය යුතු වූ ශික්ෂා, ඔබ නියම කළ සේක. අහෝ ඔබගේ නියෝග පිළිපැදීම සඳහා මගේ මාර්ග ස්ථිර වී නම්! ඔබගේ ආඥා සියල්ල වෙත මා නෙත් යොමු කරනා කල, මා ලජ්ජාවට පත් කරනු ලබන්නේ නැත. ඔබගේ දමිටු නියමයන් උගෙනිද්දී මම, අවංක හදකින් ඔබට ප්‍රශංසා කරන්නෙමි. ඔබගේ නියෝග, මම පිළිපදින්නෙමි. මුළුමනින් මා අත්හැර නො දැමුව මැනව. යෞවනයකුට තම ජීවිත මාර්ගය පවිත්‍ර ව තබා ගත හැක්කේ කෙසේ ද? ඔබගේ වචනයට අනුකූලව පැවැත්මෙනි. මගේ මුළු හදින් මම ඔබ සොයන්නෙමි; ඔබගේ ආඥාවලින් ඈත් ව, මුළාව යෑමට මට ඉඩ නුදුන මැනවි. ඔබට එරෙහිව පව් නො කරන පිණිස, ඔබගේ වචන මා හදවතේ ගබඩා කර ගතිමි. ඔබවහන්සේ ප්‍රශංසනීය ය, අහෝ ස්වාමින්වහන්ස; ඔබගේ නියෝග, මට ඉගැන්වුව මැනව. ඔබේ මුවින් ප්‍රකාශිත නියමයන්, මගේ දෙතොලතරින් මම පවසන්නෙමි. ඔබේ පනත් රැකීමෙන් මා ප්‍රීති වන්නේ, සියලු ධන-නිධාන ලැබූවකු පරිද්දෙනි. ඔබගේ ශික්ෂා ඔස්සේ මෙනෙහි කරමින්, ඔබගේ මාර්ග මත සිත් යොමන්නෙමි. ඔබගේ නියෝග තුළ ප්‍රමෝදවෙමින්, ඔබගේ වචනය අමතක නො කරන්නෙමි. මා ජීවත් වන පිණිස හා ඔබගේ වචනය රක්ෂා කරන පිණිස, ඔබේ සේවකයාට ත්‍යාගශීලී ව සැලකුව මැනව. ඔබගේ ව්‍යවස්ථාව තුළින් ආශ්චර්යවත් දෑ මැනවින් දකින පිණිස, මගේ නෙත් විවර කළ මැනව. මම මේ පොළොවේ තාවකාලික පදිංචිකරුවෙක්මි; ඔබගේ ආඥා මගෙන් නො සැඟවුව මැනව. ඔබගේ නියමයන් වෙත වූ දැඩි අභිලාෂයෙන් මා ජීවය හැම විට ඇවිළේ.
ගීතාවලිය 119:1-20 Sinhala Revised Old Version (SROV)
නිර්දෝෂ මාර්ගයෙහි යන්නාවූ, ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය. උන්වහන්සේගේ ශික්ෂා පවත්වන්නාවූ, මුළු සිතින් උන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය. එසේය, ඔව්හු කිසි අධර්මිෂ්ඨකමක් නොකෙරෙති; ඔව්හු උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙති. අප විසින් ඔබගේ නියෝග උත්සාහයෙන් පවත්වන පිණිස ඔබ ඒවා අපට අණකළසේක. ඔබගේ පනත් පවත්වන පිණිස මාගේ මාර්ග ස්ථිර නම් කොපමණ යහපත්ද! ඔබගේ ආඥා සියල්ල සලකන විට මම ලජ්ජා නොවන්නෙමි. ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් මා ඉගෙනගන්න කල සිතේ අවංකකමින් ඔබට ස්තුතිකරන්නෙමි. ඔබගේ පනත් පවත්වන්නෙමි, මා සහමුලින්ම අත් නොහළ මැනව. තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි. මාගේ මුළු සිතින් ඔබ සෙවීමි. ඔබගේ ආඥාවලින් මුළාවයන්ට මට ඉඩ නුදුන මැනව. ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි. ස්වාමිනි, ඔබ ප්‍රශංසිතය. ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව. ඔබගේ මුඛයේ සියලු විනිශ්චයන් මාගේ තොල්වලින් ප්‍රකාශකෙළෙමි. සියලු සම්පතෙහි මෙන් ඔබගේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත්වීමි. ඔබගේ නියෝග භාවනාකරන්නෙමි, ඔබගේ මාර්ග සලකන්නෙමි. ඔබගේ පනත්වලට ප්‍රියවන්නෙමි. ඔබගේ වචනය සිහිනැති නොකරන්නෙමි. මා ජීවත්වන පිණිස ඔබගේ මෙහෙකරුවාට බොහෝසේ යහපත්කම් කළ මැනව; එවිට ඔබගේ වචනය පවත්වන්නෙමි. ඔබගේ ව්‍යවස්ථාවෙන් ආශ්චර්යමත් දේ දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව. මම පොළොවෙහි විදේශිකයෙක්ව සිටිමි. ඔබගේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව. සෑමවිටම ඔබගේ විනිශ්චයන් කෙරෙහි ඇති ආශාවෙන් මාගේ සිත බිඳේ.
ගීතාවලිය 119:1-20 Sinhala New Revised Version (NRSV)
නිදොස් දිවියක් ගත කරන අය, සමිඳුන්ගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන අය භාග්‍යවන්ත ය. එතුමන්ගේ ශික්ෂා පද පවත්වන අය, මුළු සිතින් එතුමන් සොයන අය භාග්‍යවන්ත ය. එසේ ය, ඔව්හු කිසි නපුරක් නොකරති; ඔව්හු එතුමන්ගේ මාර්ගවල හැසිරෙති. අප ඔබේ නියෝග අනලස් ව පවත්වන පිණිස ඔබ ඒවා අපට නියම කළ සේක. ඔබේ පණත් පිළිපැදීමෙන් මාගේ චර්යාව ස්ථිර ව පැවතේ වා! ඔබේ ආඥා සියල්ලට ඇලුම් ව සිටින විට මම ලජ්ජා නොවන්නෙමි. ඔබේ දැහැමි අණපණත් මා දැනගත් විට අවංක සිතින් ඔබට ස්තුති කරන්නෙමි. ඔබේ පණත් පිළිපදින්නෙමි; මා කිසි දා අත් නොහැරිය මැනව. තරුණයෙකු තම දිවි මඟ පිවිතුරු ව තබාගන්නේ කෙසේ ද? ඔබේ ආඥාවට කීකරු වීමෙනි. මාගේ මුළු සිතින් ඔබ සෙවීමි; ඔබේ ආඥාවලට පිටුපා යන්නට මට ඉඩ නුදුන මැනව. ඔබට විරුද්ධ ව පව් නොකරන පිණිස ඔබේ වචනය මාගේ සිතේ නිදන් කරගනිමි. සමිඳුනි, මම ඔබ පසසමි, ඔබේ පණත් මට ඉගැන්නුව මැනව. ඔබ ප්‍රකාශ කළ සියලු නීති මාගේ මුවින් පතුරුවා හැරීමි. සියලු යස ඉසුරෙහි ප්‍රීති වීමට වඩා ඔබේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත් වෙමි. ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි; ඔබේ මාර්ග කෙරෙහි මාගේ සිත යොමු කරන්නෙමි. ඔබේ නියමවලට ප්‍රිය වන්නෙමි; ඔබේ වචනය අමතක නොකරන්නෙමි. ඔබේ මෙහෙකරුගේ යහපත ගැන හොඳින් සලකා බැලුව මැනව. එවිට මම ජීවත් වන්නෙමි, ඔබේ ඉගැන්වීම් පවත්වන්නෙමි. ඔබේ ව්‍යවස්ථාවෙහි පුදුම අගයන් දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව. මම මිහි පිට ආගන්තුක ව වසන්නෙක්මි. ඔබේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව. සැම විට ම ඔබේ නීති දැනගැනීමට මා සිත දැඩි ආශාවෙන් දැවෙන්නේ ය.
ගීතාවලිය 119:1-20 Sinhala New Revised Version 2018 (SNRV)
නිදොස් දිවියක් ගත කරන අය, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන අය භාග්‍යවන්ත ය. එතුමාණන්ගේ ශික්ෂා පද පවත්වන අය, මුළු සිතින් එතුමාණෝ සොයන අය භාග්‍යවන්ත ය. එසේ ය, ඔව්හු කිසි නපුරක් නොකරති; ඔව්හු එතුමාණන්ගේ මාර්ගවල හැසිරෙති. අප ඔබේ නියෝග අනලස් ව පවත්වන පිණිස ඔබ ඒවා අපට නියම කළ සේක. ඔබේ පනත් පිළිපැදීමෙන් මාගේ චර්යාව ස්ථිර ව පැවතේ වා! ඔබේ ආඥා සියල්ලට ඇලුම් ව සිටින විට මම ලජ්ජා නොවන්නෙමි. ඔබේ දැහැමි අණපනත් මා දැනගත් විට අවංක සිතින් ඔබට ස්තුති කරන්නෙමි. ඔබේ පනත් පිළිපදින්නෙමි; මා කිසි දා අත් නොහැරිය මැනව. තරුණයෙකු තම දිවි මඟ පිවිතුරු ව තබාගන්නේ කෙසේ ද? ඔබේ ආඥාවට කීකරු වීමෙනි. මාගේ මුළු සිතින් ඔබ සෙවීමි; ඔබේ ආඥාවලට පිටුපා යන්නට මට ඉඩ නුදුන මැනව. ඔබට විරුද්ධ ව පව් නොකරන පිණිස ඔබේ වචනය මාගේ සිතේ නිදන් කරගනිමි. සමිඳුනි, මම ඔබ පසසමි, ඔබේ පනත් මට ඉගැන්නුව මැනව. ඔබ ප්‍රකාශ කළ සියලු නීති මාගේ මුවින් පතුරුවා හැරීමි. සියලු යස ඉසුරෙහි ප්‍රීති වීමට වඩා ඔබේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත් වෙමි. ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි; ඔබේ මාර්ග කෙරෙහි මාගේ සිත යොමු කරන්නෙමි. ඔබේ නියමවලට ප්‍රිය වන්නෙමි; ඔබේ වචනය අමතක නොකරන්නෙමි. ඔබේ මෙහෙකරුගේ යහපත ගැන හොඳින් සලකා බැලුව මැනව. එවිට මම ජීවත් වන්නෙමි, ඔබේ ඉගැන්වීම් පවත්වන්නෙමි. ඔබේ ව්‍යවස්ථාවෙහි පුදුම අගයන් දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව. මම මිහි පිට ආගන්තුක ව වසන්නෙක්මි. ඔබේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව. සැම විට ම ඔබේ නීති දැනගැනීමට මා සිත දැඩි ආශාවෙන් දැවෙන්නේ ය.
ගීතාවලිය 119:1-20 New International Version (NIV)
Blessed are those whose ways are blameless, who walk according to the law of the LORD. Blessed are those who keep his statutes and seek him with all their heart— they do no wrong but follow his ways. You have laid down precepts that are to be fully obeyed. Oh, that my ways were steadfast in obeying your decrees! Then I would not be put to shame when I consider all your commands. I will praise you with an upright heart as I learn your righteous laws. I will obey your decrees; do not utterly forsake me. How can a young person stay on the path of purity? By living according to your word. I seek you with all my heart; do not let me stray from your commands. I have hidden your word in my heart that I might not sin against you. Praise be to you, LORD; teach me your decrees. With my lips I recount all the laws that come from your mouth. I rejoice in following your statutes as one rejoices in great riches. I meditate on your precepts and consider your ways. I delight in your decrees; I will not neglect your word. Be good to your servant while I live, that I may obey your word. Open my eyes that I may see wonderful things in your law. I am a stranger on earth; do not hide your commands from me. My soul is consumed with longing for your laws at all times.