ගීතාවලිය 118:21-26
ගීතාවලිය 118:21-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම ඔබට ස්තුති දෙන්නෙමි, මන්ද ඔබ මට උත්තර දුන් සේක; ඔබ මගේ ගැලවීම වූ සේක. ඉදිකරන්නන් විසින් ඉවත ලූ ගල, ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත් ව ඇත; මෙය ස්වාමින්වහන්සේ ම කළ දෙයකි; අපගේ ඇස් හමුවේ එය ආශ්චර්යවත් ය. ස්වාමින්වහන්සේසෑදූ දවස මේ ය; එන්න, අපි මෙදවසේ ප්‍රීතිවමු; ප්‍රමෝද වමු. අහෝ ස්වාමින්වහන්ස, අප ගැලෙවුව මැනව; අහෝ ස්වාමින්වහන්ස, සඵලත්වය අපට දානය කළ මැනව. ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය; ස්වාමින්වහන්සේගේ ගෘහයේ සිට අපි ඔබට ආශිර්වාද කරන්නෙමු.
ගීතාවලිය 118:21-26 Sinhala Revised Old Version (SROV)
මම ඔබට ස්තුතිකරන්නෙමි, මක්නිසාද ඔබ මට උත්තරදී, මාගේ ගැළවීම වී සිටිනසේක. ගෙය සාදන්නන් විසින් එපාකළ ගලම කොනේ ප්‍රධාන ගල විය. මේක ස්වාමීන්ගේ ක්‍රියාවය; එය අපේ ඇසට ආශ්චර්යමත්ය. ස්වාමීන් විසින් සෑදූ දවස මේය; එහිදී අපි ප්‍රීතිවෙමුව, සන්තෝෂවෙමුව. ස්වාමිනි, දැන් අප ගැළෙවුව මැනව. ස්වාමිනි, දැන් අප සඵලකළ මැනව. ස්වාමීන්ගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය. ස්වාමීන්ගේ ගෘහයේ සිට අපි නුඹලාට ආශීර්වාදකෙළෙමුව.
ගීතාවලිය 118:21-26 Sinhala New Revised Version (NRSV)
මම ඔබට ස්තුති කරන්නෙමි, මන්ද, ඔබ මට පිළිතුරු දී මාගේ ගැළවීම වූ සේක. ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම මුල් ගල වී ඇත. මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි; එය අපේ දෙනෙතට අසිරිමත් ය. මෙන්න, සමිඳුන්ගේ ජය මංගල දිනය! මෙදින අපි ප්‍රීති වමු; සන්තෝෂ වමු. සමිඳුනි, දැන් අප ගැළෙවුව මැනව. සමිඳුනි, දැන් අපට ජය අත්කර දුන මැනව. සමිඳුන්ගේ නාමයෙන් වඩින තැනැත්තේ ආසිරි ලද්දෙකි. සමිඳුන්ගේ මාලිගාවේ සිට අපි ඔබට ආසිරි පතමු.
ගීතාවලිය 118:21-26 Sinhala New Revised Version 2018 (SNRV)
මම ඔබට ස්තුති කරන්නෙමි, මන්ද, ඔබ මට පිළිතුරු දී මාගේ ගැළවීම වූ සේක. ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම මුල් ගල වී ඇත. මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි; එය අපේ දෙනෙතට අසිරිමත් ය. මෙන්න, සමිඳුන්ගේ ජය මංගල දිනය! මෙදින අපි ප්‍රීති වමු; සන්තෝෂ වමු. සමිඳුනි, දැන් අප ගැළෙවුව මැනව. සමිඳුනි, දැන් අපට ජය අත්කර දුන මැනව. සමිඳුන්ගේ නාමයෙන් වඩින තැනැත්තේ ආසිරි ලද්දෙකි. සමිඳුන්ගේ මාලිගාවේ සිට අපි ඔබට ආසිරි පතමු.
ගීතාවලිය 118:21-26 New International Version (NIV)
I will give you thanks, for you answered me; you have become my salvation. The stone the builders rejected has become the cornerstone; the LORD has done this, and it is marvelous in our eyes. The LORD has done it this very day; let us rejoice today and be glad. LORD, save us! LORD, grant us success! Blessed is he who comes in the name of the LORD. From the house of the LORD we bless you.