ගීතාවලිය 113:1-9

ගීතාවලිය 113:1-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. ස්වාමින්වහන්සේගේ සේවකයිනි, ප්‍රශංසා කරන්න; ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරන්න. දැනුත්, මෙතැන් සිට සදහටත් ස්වාමින්වහන්සේගේ නාමයට පැසසුම් අත් වේවා! හිරු නැගෙනා තැන් පටන්, හිරු බැස යන තැන් දක්වා ස්වාමින්වහන්සේගේ නාමය, ප්‍රශංසා කටයුතු ය. ස්වාමින්වහන්සේ සියලු ජාතීන්ට ඉහළින් ද උන්වහන්සේගේ තේජස ස්වර්ගවලට ඉහළින් ද උසස් ව පැවත සිටී. අපේ ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ හා සමාන අන් කවුරු ද? උසස් ස්ථානයේ සිංහාසනාරූඪ ව සිටිනා තැනැන්වහන්සේ වන උන්වහන්සේ, අහස් හා පොළොව දෙස නැඹුරු ව පහළ බලන සේක. දුප්පතා දූලියෙන් නැගිටුවන උන්වහන්සේ, දිළින්දා අළු ගොඩෙන් ඔසවන්නේ, අධිපතීන් සමඟ, ඔවුන්ගේ ජනයාගේ අධිපතීන් සමඟ ඔවුන් හිඳුවන පිණිස ය. උන්වහන්සේ වඳ ස්ත්‍රියට දරුවන්ගේ ප්‍රීතිමත් මවක් වන නිවසක් සලසා දෙන සේක.

ගීතාවලිය 113:1-9 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ගේ මෙහෙකරුවෙනි, ප්‍රශංසාකරව්, ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකරව්. මෙතැන් පටන් සදාකල් ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාවේවා; නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසා කටයුතුය. ස්වාමීන්වහන්සේ සියලු ජාතීන්ට උසස්ව සිටිනසේක, උන්වහන්සේගේ තේජස ස්වර්ගවලට වඩා උසස්ය. උසස් තැන්හි වැඩ හිඳින්නාවූ, ස්වර්ගයේද පෘථිවියේද තිබෙන දේ බලන්ට තමන්ම යටත්වන්නාවූ අපේ දෙවිවූ ස්වාමීන්ට සමාන කවුද? අධිපතීන් සමඟ, එනම්, ස්වකීය සෙනඟගේ අධිපතීන් සමඟ, හිඳුවන පිණිස උන්වහන්සේ දුප්පතා ධූලියෙන් නැගුටුවනසේක, දිළිඳා කසල ගොඩින් ඔසවනසේක. උන්වහන්සේ වඳ ස්ත්‍රීය දරුවන් ඇති ගෙය රක්නාවූ ප්‍රීතිමත් මවෙක් කරවනසේක. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.

ගීතාවලිය 113:1-9 Sinhala New Revised Version (NRSV)

සමිඳුන්ට ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ මෙහෙකරුවෙනි, ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න. මෙතැන් පටන් සදහට සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා වේ වා! සමිඳුන්ගේ නාමයට නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ප්‍රශංසා කටයුතු ය. සියලු ජාතීන්ට ඉහළින් සමිඳාණෝ වැජඹෙන සේක. එතුමන්ගේ මහිමාලංකාරය අහස් තලය ඉක්මවා යයි. අපේ දෙවි සමිඳුන්ට සමාන අන් කෙනෙක් නැත; එතුමාණෝ උසස් තැන්හි වැඩ හිඳින සේක. එහෙත්, අහසත්, පොළොවත් බලන පිණිස එතුමාණෝ පහතට නැමෙන සේක. එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළිඳා කසළ ගොඩින් ඔසවන සේක. එසේ කරන්නේ, ඔවුන් අධිපතීන් සමඟ, තම සෙනඟගේ අධිපතීන් සමඟ හිඳුවන පිණිස ය. එතුමාණෝ වඳ ස්ත්‍රිය දරුවන් ඇති ප්‍රීතිමත් මවක කරන සේක; ඈට නිවෙසක් දෙන සේක. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

ගීතාවලිය 113:1-9 Sinhala New Revised Version 2018 (SNRV)

සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ මෙහෙකරුවෙනි, ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න. මෙතැන් පටන් සදහට සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා වේ වා! සමිඳුන්ගේ නාමයට නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ප්‍රශංසා කටයුතු ය. සියලු ජාතීන්ට ඉහළින් සමිඳාණෝ වැජඹෙන සේක. එතුමාණන්ගේ මහිමාලංකාරය අහස් තලය ඉක්මවා යයි. අපේ දෙවි සමිඳුන්ට සමාන අන් කෙනෙක් නැත; එතුමාණෝ උසස් තැන්හි වැඩ හිඳින සේක. එහෙත්, අහසත්, පොළොවත් බලන පිණිස එතුමාණෝ පහතට නැමෙන සේක. එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළිඳා කසළ ගොඩින් ඔසවන සේක. එසේ කරන්නේ, ඔවුන් අධිපතීන් සමඟ, තම සෙනඟගේ අධිපතීන් සමඟ හිඳුවන පිණිස ය. එතුමාණෝ වඳ ස්ත්‍රිය දරුවන් ඇති ප්‍රීතිමත් මවක කරන සේක; ඈට නිවෙසක් දෙන සේක. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.