ගීතාවලිය 111:7-9
ගීතාවලිය 111:7-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේගේ අත්වලින් කළ කාර්යයන් විශ්වසනීය ය; සාධාරණය ය. උන්වහන්සේගේ ශික්ෂා වගකීමෙන් යුක්ත ය. සදහට ම ස්ථිර ව පවතින ලෙස ඒවා පනවා ඇත්තේ, විශ්වසනීයත්වයෙන් හා අවංකත්වයෙනි. උන්වහන්සේ ස්වකීය ජනයාට මිදීම සලසා දුන් සේක; උන්වහන්සේ ස්වකීය ගිවිසුම, සදාතනික ව ස්ථාපිත කළ සේක. උන්වහන්සේගේ නාමය ශුද්ධ ය. භයංකර ය.
ගීතාවලිය 111:7-9 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේගේ කර්මාන්තයෝ සත්‍යය හා යුක්තිය වෙති; උන්වහන්සේගේ පනත් සියල්ල නියතය. ඒවා නිතරම සදාකාලයටම පිහිටුවා තිබේ, ඒවා සැබෑකමෙන් හා අවංකකමින් කරන ලද්දේය. උන්වහන්සේ තමන් සෙනඟට මිදීම එවුසේක; තමන් ගිවිසුම සදාකාලයටම නියමකළසේක. උන්වහන්සේගේ නාමය ශුද්ධය, ගරුකටයුතුය.
ගීතාවලිය 111:7-9 Sinhala New Revised Version (NRSV)
එතුමන්ගේ ක්‍රියා සත්‍යය හා යුක්තිය ප්‍රකාශ කරයි; එතුමන්ගේ පණත් සියල්ල විශ්වාසී ය. ඒවා සදහට ම පවතිනු ඇත. සත්‍යයෙන් හා අවංකකමෙන් ඒවා සිදු කරන ලද්දේ ය. එතුමාණෝ සිය සෙනඟ මුදා ලූ සේක; සිය ගිවිසුම සදහට ම පිහිටෙවු සේක. එතුමන්ගේ නාමය සුවිශුද්ධ ය; ගරු ගම්භීර ය.
ගීතාවලිය 111:7-9 Sinhala New Revised Version 2018 (SNRV)
එතුමාණන්ගේ ක්‍රියා සත්‍යය හා යුක්තිය ප්‍රකාශ කරයි; එතුමාණන්ගේ පනත් සියල්ල විශ්වාසී ය. ඒවා සදහට ම පවතිනු ඇත. සත්‍යයෙන් හා අවංකකමෙන් ඒවා සිදු කරන ලද්දේ ය. එතුමාණෝ සිය සෙනඟ මුදා ලූ සේක; සිය ගිවිසුම සදහට ම පිහිටෙවු සේක. එතුමාණන්ගේ නාමය සුවිශුද්ධ ය; ගරු ගම්භීර ය.
ගීතාවලිය 111:7-9 New International Version (NIV)
The works of his hands are faithful and just; all his precepts are trustworthy. They are established for ever and ever, enacted in faithfulness and uprightness. He provided redemption for his people; he ordained his covenant forever— holy and awesome is his name.