ගීතාවලිය 111:4-5
ගීතාවලිය 111:4-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ ස්වකීය ආශ්චර්යයන් මතක හිටින්නට සලසන සේක; ස්වාමින්වහන්සේ කරුණාන්විත ය; අනුකම්පා සහගත ය. තමන්වහන්සේට භය පක්ෂපාතවූවන්ට උන්වහන්සේ අහර සපයා දෙන සේක; උන්වහන්සේ ස්වකීය ගිවිසුම සදා සිහි කරන සේක.
බෙදාගන්න
ගීතාවලිය 111 කියවන්නගීතාවලිය 111:4-5 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ තමන් ආශ්චර්ය ක්රියා සිහිවෙන්ට සැලැස්වූසේක. ස්වාමීන්වහන්සේ දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය. උන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ට කෑම දුන්සේක. උන්වහන්සේ ස්වකීය ගිවිසුම සදාකල්ම සිහිකරනසේක.
බෙදාගන්න
ගීතාවලිය 111 කියවන්නගීතාවලිය 111:4-5 Sinhala New Revised Version (NRSV)
සිය පුදුම ක්රියාවන් අපට අමතක වන්නට ඉඩ නාරින සේක. සමිඳාණෝ, දයාවන්ත ය; සානුකම්පිත ය. එතුමාණෝ තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට ආහාර දෙන සේක. එතුමාණෝ සිය ගිවිසුම කිසි කලක අමතක නොකරන සේක.
බෙදාගන්න
ගීතාවලිය 111 කියවන්න