ගීතාවලිය 111:3-5
ගීතාවලිය 111:3-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේගේ ක්රියා ආනුභාසම්පන්න ය; ගරු ගාම්භීර ය. උන්වහන්සේගේ ධර්මිෂ්ඨත්වය, සදහට පවත්නේ ය. උන්වහන්සේ ස්වකීය ආශ්චර්යයන් මතක හිටින්නට සලසන සේක; ස්වාමින්වහන්සේ කරුණාන්විත ය; අනුකම්පා සහගත ය. තමන්වහන්සේට භය පක්ෂපාතවූවන්ට උන්වහන්සේ අහර සපයා දෙන සේක; උන්වහන්සේ ස්වකීය ගිවිසුම සදා සිහි කරන සේක.
ගීතාවලිය 111:3-5 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේගේ ක්රියාව ගෞරවයෙන් හා මහිමයෙන් යුක්තය. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. උන්වහන්සේ තමන් ආශ්චර්ය ක්රියා සිහිවෙන්ට සැලැස්වූසේක. ස්වාමීන්වහන්සේ දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය. උන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ට කෑම දුන්සේක. උන්වහන්සේ ස්වකීය ගිවිසුම සදාකල්ම සිහිකරනසේක.
ගීතාවලිය 111:3-5 Sinhala New Revised Version (NRSV)
එතුමන්ගේ ක්රියා ගෞරවයෙන් හා මහිමයෙන් පූර්ණ ය; එතුමන්ගේ දැහැමිකම සදාතන ය. සිය පුදුම ක්රියාවන් අපට අමතක වන්නට ඉඩ නාරින සේක. සමිඳාණෝ, දයාවන්ත ය; සානුකම්පිත ය. එතුමාණෝ තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට ආහාර දෙන සේක. එතුමාණෝ සිය ගිවිසුම කිසි කලක අමතක නොකරන සේක.
ගීතාවලිය 111:3-5 Sinhala New Revised Version 2018 (SNRV)
එතුමාණන්ගේ ක්රියා ගෞරවයෙන් හා මහිමයෙන් පූර්ණ ය; එතුමාණන්ගේ දැහැමිකම සදාතන ය. සිය පුදුම ක්රියාවන් අපට අමතක වන්නට ඉඩ නාරින සේක. සමිඳාණෝ, දයාවන්ත ය; සානුකම්පිත ය. එතුමාණෝ තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට ආහාර දෙන සේක. එතුමාණෝ සිය ගිවිසුම කිසි කලක අමතක නොකරන සේක.
ගීතාවලිය 111:3-5 New International Version (NIV)
Glorious and majestic are his deeds, and his righteousness endures forever. He has caused his wonders to be remembered; the LORD is gracious and compassionate. He provides food for those who fear him; he remembers his covenant forever.