ගීතාවලිය 11:4-7
ගීතාවලිය 11:4-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ ස්වකීය ශුද්ධ මාලිගයේ ය. ස්වාමින්වහන්සේ ස්වර්ගයේ ස්වකීය සිංහාසනයේ ය. උන්වහන්සේ මිනිස් දූ පුතුන් නිරීක්ෂණ කරන සේක්, ස්වකීය දෑසින් ඔවුන් පිරික්සන සේක. ස්වාමින්වහන්සේ දමිටුන් පිරික්සන සේක්, සැහැසිකමට හිත බැඳි අදමිටුන්ට සපුරාම වෛර කරන සේක. අදමිටුන් පිට උන්වහන්සේ ගිනිගත් අඟුරු හා දැවෙන ගෙන්දගම් වස්සන සේක. ඔවුන්ට වෙන් කළ කොටස වන්නේ, ගිනියම් වියළි සුළඟ ය. මන්ද ස්වාමින්වහන්සේ ධර්මිෂ්ඨ ය. උන්වහන්සේ යුක්තියට ප්‍රේම කරන සේක. අවංක ජනයා උන්වහන්සේගේ මුහුණ දකිනු ඇත.
ගීතාවලිය 11:4-7 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ස්වකීය ශුද්ධ මන්දිරයෙහි වැඩ සිටිනසේක, ස්වාමීන්ගේ සිංහාසනය ස්වර්ගයෙහිය; උන්වහන්සේගේ ඇස්වලින් මනුෂ්‍ය පුත්‍රයන් බලා ඇසිපියවලින් ඔවුන් පරීක්ෂාකරනසේක. ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයා විමසනසේක. නුමුත් උන්වහන්සේගේ ආත්මය දුෂ්ටයාටත් බලාත්කාරකමට ප්‍රිය වෙන්නාටත් ද්වේෂකරයි. දුෂ්ටයන් පිට උන්වහන්සේ මලපත් වස්වනසේක; ගිනිද ගෙන්දගම්ද දවන සුළඟද ඔවුන්ගේ කුසලානට බෙදෙන කොටස වන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨසේක; උන්වහන්සේ ධර්මිෂ්ඨකමට ප්‍රියවනසේක. අවංක අය උන්වහන්සේගේ මුහුණ දකින්නෝය.
ගීතාවලිය 11:4-7 Sinhala New Revised Version (NRSV)
හිමි තුමාණෝ සිය ශුද්ධ මැදුරේ වැඩ වසන සේක. එතුමාණන්ගේ සිහසුන සගලොවෙහි ය. හිමි තුමාණෝ සියැසින් ලෝ සත විමසා බලන සේක. සමිඳාණෝ සුදනන් හා දුදනන් හැම විමසා බලන සේක; එතුමාණෝ සැහැසිකම් කරන්නාට වෙර බඳින සේක; දුදනන් මත ගිනි පුපුරු වස්වන සේක; ගෙන්දගම් දවා පුළුස්සන සුළඟ ද ඔවුන් හිස පිටට එවන සේක. හිමි තුමාණෝ දැහැමි ය, ගුණ දහමට ප්‍රිය ඇත්තෙකි. දැහැමි අය එතුමන්ගේ මුහුණ දකින්නෝ ය.
ගීතාවලිය 11:4-7 Sinhala New Revised Version 2018 (SNRV)
හිමිතුමාණෝ සිය ශුද්ධ මැදුරේ වැඩ වසන සේක. එතුමාණන්ගේ සිහසුන සගලොවෙහි ය. හිමිතුමාණෝ සියැසින් ලෝ සත විමසා බලන සේක. සමිඳාණෝ සුදනන් හා දුදනන් හැම විමසා බලන සේක; එතුමාණෝ සැහැසිකම් කරන්නාට වෙර බඳින සේක; දුදනන් මත ගිනි පුපුරු වස්වන සේක; ගෙන්දගම් දවා පුළුස්සන සුළඟ ද ඔවුන් හිස පිටට එවන සේක. හිමිතුමාණෝ දැහැමි ය, ගුණ දහමට ප්‍රිය ඇත්තෙකි. දැහැමි අය එතුමාණන්ගේ මුහුණ දකින්නෝ ය.
ගීතාවලිය 11:4-7 New International Version (NIV)
The LORD is in his holy temple; the LORD is on his heavenly throne. He observes everyone on earth; his eyes examine them. The LORD examines the righteous, but the wicked, those who love violence, he hates with a passion. On the wicked he will rain fiery coals and burning sulfur; a scorching wind will be their lot. For the LORD is righteous, he loves justice; the upright will see his face.