ගීතාවලිය 109:1-31

ගීතාවලිය 109:1-31 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අහෝ මා ප්‍රශංසා කරන දෙවියන්වහන්ස, නිහඬ ව නො සිටිය මැනව. මන්ද, දුෂ්ට වූ ද රැවටිලිකාරවූ ද මිනිසුන් මට එරෙහිව, ඔවුන්ගේ මුව විවර කර, මට එරෙහිව, මුසා පවසා ඇත. ඔවුහු ද්වේෂ සහගත වදනින් මා වට කොට, අහේතුක ව මට පහර දෙති. මගේ මිත්‍රත්වය වෙනුවට ඔවුහු මට වරද පවරති; එහෙත් මම යාච්ඤාවේ මනුෂ්‍යයෙක්මි. කළ හොඳට ඔවුන් මට සලකන්නේ නො හොඳිනි; මා ආදරය පාද්දී ඔවුහු මට වෛර කරති. ඔහුට එරෙහි වීමට දුෂ්ට මිනිසකු පත් කරන්න; ඔහුට චෝදනාකරන්නකු ඔහුගේ දකුණු පසින් නැගී සිටීවා! විනිශ්චයේදී ඔහු වරදකරු වශයෙන් තීන්දු කෙරේවා; ඔහුගේ ආයාචනය ද ඔහු දඬුවමට පත් කෙරේවා! ඔහුගේ ජීවිත කාලය අල්ප වේවා; ඔහුගේ තනතුරට වෙනකකු පත් වෙත්වා! ඔහුගේ දරුවන් පියා නැති අනාථයින් ද ඔහුගේ බිරිඳ වැන්දඹුවක ද වේවා! ඔහුගේ දරුවෝ සිඟමින්, ඉබාගාතෙ යත්වා; ගරා වැටුණු ඔවුන්ගේ ගෙවලින් ඔවුහු පන්නා දමනු ලබත්වා! ණය හිමියා ඔහු සන්තක සියල්ල අත්කර ගනීවා; දුක් මහන්සියෙන් ඔහු උපයා ගත් දෑ විදෙස්සෝ පැහැර ගනිත්වා! කිසිවෙක් හෝ ඔහුට කරුණාව නො දක්වත්වා; කිසිවෙක් හෝ ඔහුගේ අනාථ දරුවනට අනුකම්පා නො කරත්වා! ඔහුගෙන් පැවත එන්නෝ සිඳ දමනු ලබත්වා; ඔවුන්ගේ නාම ඊළඟ පරම්පරාවේදී ම මකා දමනු ලැබේවා! ඔහුගේ පියවරුන්ගේ අයුතුකම්, ස්වාමින්වහන්සේ ඉදිරියේ සිහි කරනු ලැබේවා; ඔහුගේ මවගේ පාපය, කිසි කල නො මැකේවා! ඔවුන් පිළිබඳ මතකය, පොළෝ තලයෙන් සිඳ දමන පිණිස, ඔවුන්ගේ පාප, ස්වාමින්වහන්සේ ඉදිරියේ සදා පවතීවා! මන්ද, කිසි කල කරුණාවක් දක්වන්නට සිතුවේවත් නැති ඔහු, දුගියන් ද දුප්පතුන් ද බිඳුණු සිතැත්තන් ද මැරෙන තුරා ඔවුන් දඩයම් කළේ ය. ශාප කරන්නට ඔහු ඇලුම් කළේ ය; ශාපය ඔහු පිටට පැමිණේවා! ආශිර්වාද කරන්නට ඔහු මනාප නො වී ය; ආශිර්වාද ඔහුගෙන් දුරින් දුරු වේවා! ඔහු තම වස්ත්‍රය මෙන් ශාප කිරීම හැඳ සිටී; ජලය මෙන් ඔහුගේ සිරුර තුළට ද තෙල් මෙන් ඔහුගේ ඇට මිදුලු තුළට ද එය උරා ගනී. එය, ඔහු ඇඟ දවටා සිටින කබායක් මෙන් ද ඔහු බැඳ සිටින ඉඟ පටියක් මෙන් ද සදහට ම ඔහු වටා පවතීවා! මට චෝදනාකරන්නන්ටත්, මා ගැන නපුර කතාකරන්නන්ටත් ස්වාමින්වහන්සේගෙන් ලැබෙන ගෙවීම එය වේවා! එහෙත් ඔබ, අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, මා සම්බන්ධ ව ඔබගේ නාමයේ ගෞරවයෙන් ක්‍රියා කළ මැනව; ඔබගේ නොමියෙන ප්‍රේමයේ යහ ගුණයෙන් මා මුදනු මැනවි. මන්ද මම දුප්පතෙක්මි. දිළින්දෙක්මි; මගේ හදවත වේදනාවෙන් පෙළෙයි. මැකීයන, සැඳෑ සෙවණැල්ල සේ මම පහව යමින් සිටිමි; පළඟැටියකු සේ මම ඉවත ගසා දමනු ලැබ සිටිමි. නිරාහාර ව සිටීමෙන් මගේ දණහිස් බෙලහීන ව ඇත; මගේ සිරුර වැහැරී, කෘශ ව ගොසිනි. මට චෝදනාකරන්නන්ට මා සමච්චලයට හේතුවකි; ඔවුහු මා දකින කල තමන්ගේ හිස් වන වනා යති. මට උපකාර කළ මැනව, අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබගේ නොමියෙන ප්‍රේමයට අනුකූලව මා ගැලෙවුව මැනවි. තවද, එය කළේ ඔබ, ඔබේ ම හස්තයෙන් වග අහෝ ස්වාමින්වහන්ස, එය ඔබ ම කළ දෙයක් වග ඔවුන්ට දැනගන්නට සැලසුව මැනව. ඔවුහු ශාප කරත්දෙන්; එහෙත් ඔබ ආශිර්වාද කරන සේක; ඔවුන් මට පහර දෙන කල ලජ්ජාවට පත් කරනු ලබති. එහෙත් ඔබගේ සේවක මම ප්‍රීතිමත් වන්නෙමි. මට චෝදනාකරන්නෝ නින්දාවෙන් හඳවනු ලැබ, ලජ්ජාවේ කබායෙන් දවටනු ලබන්නෝ ය. මගේ මුවින් මම ස්වාමින්වහන්සේට මහත් සේ ප්‍රශංසා කරන්නෙමි. මහා ජන සමූහයා මැද මම, උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි. මන්ද දිළිඳාට මරණ දඬුවම දෙන්නන්ගෙන් ඔහු ගලවා ගනු පිණිස උන්වහන්සේ දිළිඳාගේ දකුණු පසින් සිටගන්නා සේක.

ගීතාවලිය 109:1-31 Sinhala Revised Old Version (SROV)

මාගේ ප්‍රශංසා භූමියවූ දෙවියන්වහන්ස, නිශ්ශබ්දනූව මැනව; මක්නිසාද දුෂ්ටයාගේ මුඛයද රැවටිලි මුඛයද මට විරුද්ධව ඇරියෝය. ඔව්හු බොරු කියන දිවකින් මට කථාකළෝය. ඔව්හු ද්වේෂ වචනවලින් මා වටකොට නිෂ්කාරණයේ මට විරුද්ධව සටන්කළෝය. මාගේ ප්‍රේමය වෙනුවට ඔව්හු මට එදිරිකාරයෝව සිටිති. නුමුත් මම යාච්ඤාවෙහිම යෙදීසිටිමි. තවද මට ඔව්හු යහපතට අයහපතද මාගේ ප්‍රේමයට වෛරයද කළෝය. ඔහු කෙරෙහි දුෂ්ටයෙකු පත්කළ මැනව. විරුද්ධකාරයෙක් ඔහුගේ දකුණතින් සිටීවා. විනිශ්චයේදී ඔහු වරදකාරයෙක් වේවා; ඔහුගේ යාච්ඤාවද පාපයක් වේවා. ඔහුගේ දවස් ස්වල්ප වේවා, ඔහුගේ තනතුර අනිකෙක් ගනීවා, ඔහුගේ දරුවෝ පියා නැත්තෝ වෙත්වා, ඔහුගේ භාර්යාවද වැන්දඹුවක් වේවා. ඔහුගේ දරුවෝ පාදඩයෝව සිඟාකත්වා; ඔව්හු තමුන්ගේ පාළු ඉඩම්වලින් කෑම සොයත්වා. ණය හිමියා ඔහු සන්තක සියල්ලම අල්වා ගනීවා; විදේශියෝ ඔහුගේ උත්සාහයේ ලාභය කොල්ලකත්වා. ඔහුට කරුණාකරන්ට කිසිවෙක් නොවේවා; ඔහුගේ පියා නැති දරුවන්ට අනුකම්පාකරන්ට කිසිවෙක් නොසිටීවා. ඔහුගෙන් පැවතඑන්නෝ සිඳදමනු ලබත්වා; එන පරම්පරාවේදී ඔවුන්ගේ නම මැකේවා. ඔහුගේ පියවරුන්ගේ අයුතුකම ස්වාමීන් ඉදිරියෙහි සිහිව පවතීවා, ඔහුගේ පාපය නොමැකේවා. ඔවුන් සිහිවීම ස්වාමීන් විසින් පොළොවෙන් සිඳදමන පිණිස ඒවා උන්වහන්සේ ඉදිරියෙහි නිතරම පවතීවා. මක්නිසාද ඔහු දයා පැවැත්වීම සිහිනොකොට, දුප්පතා හා දිළිඳාද බිඳුණු සිත් ඇත්තාද මරන පිණිස පීඩාකෙළේය. එසේය, ශාපකිරීමට ඔහු ප්‍රියවිය, ඒක ඔහුට පැමුණුණේය; ඔහු ආශීර්වාදකිරීමට ප්‍රිය නොවීය, ඒක ඔහුගෙන් දුරුව තිබුණේය. ඔහු ශාපකිරීම තමාගේ වස්ත්‍රය මෙන් හැඳගත්තේය, එය ඔහු තුළට දිය මෙන්ද ඔහුගේ ඇට තුළට තෙල් මෙන්ද ආයේය. එය තමා පොරවන වස්ත්‍රය මෙන්ද නිතර බඳින ඉඟපටිය මෙන්ද ඔහුට වේවා. මාගේ එදිරිකාරයන්ටත් මාගේ ප්‍රාණයට විරුද්ධව නපුර කථාකරන්නන්ටත් ස්වාමීන්ගෙන් ලැබෙන විපාකය මේය. නුමුත් ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ නාමය නිසා මා සමඟ ක්‍රියා කළ මැනව. ඔබගේ කරුණාව යහපත් බැවින් මා මුදාගත මැනව. මක්නිසාද මම දුප්පත්මි, දිළින්දෙමි, මාගේ සිත මා තුළේ තුවාලවී තිබේ. බැසයන සෙවණැල්ලක් මෙන් පහවයමි. පළඟැටියා මෙන් ඔබ මොබ එළවනු ලබමි. නිරාහාරව සිටීමෙන් මාගේ දණහිස් දුර්වලය; මාගේ මාංසයේ තරකමක් නැත. මම ඔවුන්ට නින්දාවක්ව සිටිමි. ඔව්හු මා දකිනවිට හිස් වනති. මාගේ දෙවිවූ ස්වාමිනි, මට පිහිටවුව මැනව; ඔබගේ කරුණාව ප්‍රකාර මා ගැළෙවුව මැනව. එවිට මෙය ඔබගේ හස්තය බවත්, ස්වාමිනි, ඔබ මේක කළ බවත් ඔව්හු දැනගන්නෝය. ඔවුන් ශාපකළාවේ, නුමුත් ඔබ ආශීර්වාදකළ මැනව; ඔව්හු නැගිටින කල ලජ්ජාවන්නෝය, නමුත් ඔබගේ මෙහෙකරුවා ප්‍රීතිවන්නේය. මාගේ එදිරිකාරයෝ අගෞරවයෙන් පළඳනු ලබත්වා, උතුරු සළුවකින් මෙන් තමුන්ගේ ලජ්ජාවෙන් තමුන්ම වසාගනිත්වා. මාගේ මුවෙන් ස්වාමීන්ට බොහෝසෙයින් ස්තුතිකරන්නෙමි; එසේය, සමූහයා අතරේදී උන්වහන්සේට ප්‍රශංසාකරන්නෙමි. මක්නිසාද දිළිඳාගේ ආත්මය විනිශ්චය කරන්නන්ගෙන් ගළවන පිණිස උන්වහන්සේ ඔහුගේ දකුණතින් සිටිනසේක.

ගීතාවලිය 109:1-31 Sinhala New Revised Version (NRSV)

මාගේ පැසසුම වන හිමි දෙවිඳුනි, නිහඬ ව නොසිටිය මැනව. මන්ද, දුෂ්ටයන් ද රැවටිලිකාරයන් ද මට බැණ වැදී ඇත; ඔව්හු මට විරුද්ධ ව බොරු චෝදනා නඟති. ඔව්හු ද්වේෂ සහගත වචනවලින් මට පහර දෙති; මට විරුද්ධ ව නිකරුණේ සටන් කරති. මා ඔවුන්ට ප්‍රේම කළත්, ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළත් ඔව්හු මට විරුද්ධ ව චෝදනා නඟති. තවද, ඔව්හු මා කළ යහපතට අයහපත කරති; ප්‍රේමයට වෛරය දක්වති. මාගේ සතුරාට විරුද්ධ ව කුරිරු විනිශ්චයකරුවෙකු පත් කළ මැනව. ඔහුගේ ම සතුරෙකු පැමිණිලිකරුවෙකු මෙන් ඉදිරිපත් කළ මැනව. විනිශ්චයයේ දී ඔහු වරදකරු වේ වා! ඔහුගේ යාච්ඤාව ද පාපයක් මෙන් ගණන් ගැනේ වා! ඔහු වැඩිකල් ජීවත් නො වේ වා! ඔහුගේ තනතුර අනිකෙක් ගනී වා! ඔහුගේ දරුවෝ අනාථයෝ වෙත් වා! ඔහුගේ බිරිඳ ද වැන්දඹුවක් වේ වා! ඔහුගේ දරුවෝ ඉබාගාතේ යමින් සිඟා කත් වා! ඔවුන් වාසය කරන පැල්පත්වලින් ඔව්හු පලවා හරිනු ලබත් වා! ණය හිමියා ඔහු සන්තක සියල්ල ම පැහැර ගනී වා! ඔහු වෙහෙස වී සපයා ගත් සියල්ල විදේශිකයෝ කොල්ලකත් වා! ඔහුට කරුණා කරන්න කිසිවෙක් නො වේ වා! ඔහුගේ අනාථ දරුවන්ට අනුකම්පා කරන්න කිසිවෙක් නොසිටී වා! ඔහුගෙන් පැවත එන්නෝ වැනසී යත් වා! මීළඟ පරම්පරාවේ දී ඔවුන්ගේ නම මැකී යේ වා! ඔහුගේ පියවරුන්ගේ අයුතුකම සමිඳුන් ඉදිරියෙහි සිහිකරනු ලැබේ වා! ඔහුගේ මවගේ පාප නොමැකේ වා! සමිඳාණෝ ඔවුන්ගේ පව් නිතර ම සිහි කරන සේක් වා! මිහි මත කිසිවෙක් ඔහු සිහි නොකෙරේ වා! මේ මිනිසා, දයාව දැක්වීම අමතක කර දුප්පතා හා දිළිඳා ද බිඳුණු සිත් ඇත්තා ද මරුමුවට යන තෙක් පීඩා කෙළේ ය. එසේ ය, සාප කිරීමට ඔහු ප්‍රිය විය; ඒ සාපය ඔහු පිට ම පැමිණේ වා! ඔහු ආශීර්වාද කිරීමට ප්‍රිය නො වී ය, ඒ ආශීර්වාදය ඔහුගෙන් දුරු වේ වා! ඔහු තමාගේ වස්ත්‍රය ඇඳගන්නාක් මෙන් පහසුවෙන් සාප කෙළේ ය. ඒ සාපය ඔහු තුළට දිය මෙන් ද ඔහුගේ ඇට තුළට තෙල් මෙන් ද උරාගනු ලැබේ වා! ඇඟ දවටන සළුව මෙන් ද නිතර බඳින ඉඟ පටිය මෙන් ද ඒ සාපය ඔහු සමඟ නවතී වා! මාගේ එදිරිකාරයන්ටත්, මට විරුද්ධ ව නපුරු දේ කියන්නන්ටත් සමිඳුන්ගෙන් ලැබෙන විපාකය ඒ සාපය වේ වා! එහෙත්, මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ පොරොන්දු වූ පරිදි මට පිහිට වුව මැනව; ඔබේ තිර පෙම යහපත් බැවින් මා මුදාගත මැනව. මන්ද, මම දුප්පත් ය; අසරණ ය; මා සිත සන්තාපයෙන් පෙළෙයි. මම සවස සෙවණැල්ලක් මෙන් පහ වී යමි; මම පළඟැටියෙකු මෙන් සුළඟට ගසාගෙන යනු ලබමි. නිරාහාර ව සිටීමෙන් මාගේ මාංසය වැහැරී යෑම නිසා මා කෙසඟ වී ඇත. මම ඔවුන්ගේ නින්දාවට ලක් වී සිටිමි; ඔව්හු මා දකින විට සරදම් කරමින් හිස් වනති. මාගේ දෙවි සමිඳුනි, මට පිහිට වුව මැනව; ඔබේ තිර පෙම ප්‍රකාරයට මා ගැළෙවුව මැනව. එවිට මෙය, ඔබේ ක්‍රියාවක් බවත්, සමිඳුනි, ඔබ මෙය කළ බවත් ඔව්හු දැනගනිත් වා! ඔවුන් මට සාප කරතත් ඔබ මට ආශීර්වාද කළ මැනව. මට පීඩා කරන්නෝ ලජ්ජාවට පත් වෙත් වා! ඔබේ මෙහෙකරුවා වන මම ප්‍රීතියට පත් වෙම් වා! මාගේ එදිරිකාරයෝ අගෞරවයෙන් වැසී යෙත් වා! උතුරු සළුවකින් මෙන් ඔවුන්ගේ ලජ්ජාව ඔව්හු වසාගනිත්වා. මාගේ මුවින් සමිඳුන්ට බොහෝ සෙයින් තුති කරන්නෙමි; එසේ ය, මහා සභාවේ දී එතුමන්ට ප්‍රශංසා කරන්නෙමි. දිළිඳා මරණයට තීන්දු කරන්නන්ගෙන් ඔහු ගළවන පිණිස එතුමාණෝ ඔහුට ආරක්ෂාව වී සිටින සේක.

ගීතාවලිය 109:1-31 Sinhala New Revised Version 2018 (SNRV)

මාගේ පැසසුම වන හිමි දෙවිඳුනි, නිහඬ ව නොසිටිය මැනව. මන්ද, දුෂ්ටයන් ද රැවටිලිකාරයන් ද මට බැණ වැදී ඇත; ඔව්හු මට විරුද්ධ ව බොරු චෝදනා නඟති. ඔව්හු ද්වේෂ සහගත වචනවලින් මට පහර දෙති; මට විරුද්ධ ව නිකරුණේ සටන් කරති. මා ඔවුන්ට ප්‍රේම කළත්, ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළත් ඔව්හු මට විරුද්ධ ව චෝදනා නඟති. තවද, ඔව්හු මා කළ යහපතට අයහපත කරති; ප්‍රේමයට වෛරය දක්වති. මාගේ සතුරාට විරුද්ධ ව කුරිරු විනිශ්චයකරුවෙකු පත් කළ මැනව. ඔහුගේ ම සතුරෙකු පැමිණිලිකරුවෙකු මෙන් ඉදිරිපත් කළ මැනව. විනිශ්චයයේ දී ඔහු වරදකරු වේ වා! ඔහුගේ යාච්ඤාව ද පාපයක් මෙන් ගණන් ගැනේ වා! ඔහු වැඩිකල් ජීවත් නො වේ වා! ඔහුගේ තනතුර අනිකෙක් ගනී වා! ඔහුගේ දරුවෝ අනාථයෝ වෙත් වා! ඔහුගේ බිරිඳ ද වැන්දඹුවක් වේ වා! ඔහුගේ දරුවෝ ඉබාගාතේ යමින් සිඟා කත් වා! ඔවුන් වාසය කරන පැල්පත්වලින් ඔව්හු පලවා හරිනු ලබත් වා! ණය හිමියා ඔහු සන්තක සියල්ල ම පැහැර ගනී වා! ඔහු වෙහෙස වී සපයා ගත් සියල්ල විදේශිකයෝ කොල්ලකත් වා! ඔහුට කරුණා කරන්න කිසිවෙක් නො වේ වා! ඔහුගේ අනාථ දරුවන්ට අනුකම්පා කරන්න කිසිවෙක් නොසිටී වා! ඔහුගෙන් පැවත එන්නෝ වැනසී යත් වා! මීළඟ පරම්පරාවේ දී ඔවුන්ගේ නම මැකී යේ වා! ඔහුගේ පියවරුන්ගේ අයුතුකම සමිඳුන් ඉදිරියෙහි සිහිකරනු ලැබේ වා! ඔහුගේ මවගේ පාප නොමැකේ වා! සමිඳාණෝ ඔවුන්ගේ පව් නිතර ම සිහි කරන සේක් වා! මිහි මත කිසිවෙක් ඔහු සිහි නොකෙරේ වා! මේ මිනිසා, දයාව දැක්වීම අමතක කර දුප්පතා හා දිළිඳා ද බිඳුණු සිත් ඇත්තා ද මරුමුවට යන තෙක් පීඩා කෙළේ ය. එසේ ය, සාප කිරීමට ඔහු ප්‍රිය විය; ඒ සාපය ඔහු පිට ම පැමිණේ වා! ඔහු ආශීර්වාද කිරීමට ප්‍රිය නො වී ය, ඒ ආශීර්වාදය ඔහුගෙන් දුරු වේ වා! ඔහු තමාගේ වස්ත්‍රය ඇඳගන්නාක් මෙන් පහසුවෙන් සාප කෙළේ ය. ඒ සාපය ඔහු තුළට දිය මෙන් ද ඔහුගේ ඇට තුළට තෙල් මෙන් ද උරාගනු ලැබේ වා! ඇඟ දවටන සළුව මෙන් ද නිතර බඳින ඉඟ පටිය මෙන් ද ඒ සාපය ඔහු සමඟ නවතී වා! මාගේ එදිරිකාරයන්ටත්, මට විරුද්ධ ව නපුරු දේ කියන්නන්ටත් සමිඳුන්ගෙන් ලැබෙන විපාකය ඒ සාපය වේ වා! එහෙත්, මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ පොරොන්දු වූ පරිදි මට පිහිට වුව මැනව; ඔබේ තිර පෙම යහපත් බැවින් මා මුදාගත මැනව. මන්ද, මම දුප්පත් ය; අසරණ ය; මා සිත සන්තාපයෙන් පෙළෙයි. මම සවස සෙවණැල්ලක් මෙන් පහ වී යමි; මම පළඟැටියෙකු මෙන් සුළඟට ගසාගෙන යනු ලබමි. නිරාහාර ව සිටීමෙන් මාගේ මාංසය වැහැරී යෑම නිසා මා කෙසඟ වී ඇත. මම ඔවුන්ගේ නින්දාවට ලක් වී සිටිමි; ඔව්හු මා දකින විට සරදම් කරමින් හිස් වනති. මාගේ දෙවි සමිඳුනි, මට පිහිට වුව මැනව; ඔබේ තිර පෙම ප්‍රකාරයට මා ගැළෙවුව මැනව. එවිට මෙය, ඔබේ ක්‍රියාවක් බවත්, සමිඳුනි, ඔබ මෙය කළ බවත් ඔව්හු දැනගනිත් වා! ඔවුන් මට සාප කරතත් ඔබ මට ආශීර්වාද කළ මැනව. මට පීඩා කරන්නෝ ලජ්ජාවට පත් වෙත් වා! ඔබේ මෙහෙකරුවා වන මම ප්‍රීතියට පත් වෙම් වා! මාගේ එදිරිකාරයෝ අගෞරවයෙන් වැසී යෙත් වා! උතුරු සළුවකින් මෙන් ඔවුන්ගේ ලජ්ජාව ඔව්හු වසාගනිත්වා. මාගේ මුවින් සමිඳුන්ට බොහෝ සෙයින් තුති කරන්නෙමි; එසේ ය, මහා සභාවේ දී එතුමාණන්ට ප්‍රශංසා කරන්නෙමි. දිළිඳා මරණයට තීන්දු කරන්නන්ගෙන් ඔහු ගළවන පිණිස එතුමාණෝ ඔහුට ආරක්ෂාව වී සිටින සේක.

ගීතාවලිය 109:1-31 New International Version (NIV)

My God, whom I praise, do not remain silent, for people who are wicked and deceitful have opened their mouths against me; they have spoken against me with lying tongues. With words of hatred they surround me; they attack me without cause. In return for my friendship they accuse me, but I am a man of prayer. They repay me evil for good, and hatred for my friendship. Appoint someone evil to oppose my enemy; let an accuser stand at his right hand. When he is tried, let him be found guilty, and may his prayers condemn him. May his days be few; may another take his place of leadership. May his children be fatherless and his wife a widow. May his children be wandering beggars; may they be driven from their ruined homes. May a creditor seize all he has; may strangers plunder the fruits of his labor. May no one extend kindness to him or take pity on his fatherless children. May his descendants be cut off, their names blotted out from the next generation. May the iniquity of his fathers be remembered before the LORD; may the sin of his mother never be blotted out. May their sins always remain before the LORD, that he may blot out their name from the earth. For he never thought of doing a kindness, but hounded to death the poor and the needy and the brokenhearted. He loved to pronounce a curse— may it come back on him. He found no pleasure in blessing— may it be far from him. He wore cursing as his garment; it entered into his body like water, into his bones like oil. May it be like a cloak wrapped about him, like a belt tied forever around him. May this be the LORD’s payment to my accusers, to those who speak evil of me. But you, Sovereign LORD, help me for your name’s sake; out of the goodness of your love, deliver me. For I am poor and needy, and my heart is wounded within me. I fade away like an evening shadow; I am shaken off like a locust. My knees give way from fasting; my body is thin and gaunt. I am an object of scorn to my accusers; when they see me, they shake their heads. Help me, LORD my God; save me according to your unfailing love. Let them know that it is your hand, that you, LORD, have done it. While they curse, may you bless; may those who attack me be put to shame, but may your servant rejoice. May my accusers be clothed with disgrace and wrapped in shame as in a cloak. With my mouth I will greatly extol the LORD; in the great throng of worshipers I will praise him. For he stands at the right hand of the needy, to save their lives from those who would condemn them.