ගීතාවලිය 107:4-32 - Compare All Versions
ගීතාවලිය 107:4-32 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඇතැම්හු පදිංචියට සුදුසු නගරයක් සොයාගත නො හැකි ව කාන්තාර මුඩුබිම්හි මංමුළා ව ගියහ. ඔවුහු සාගින්නෙන් ද පිපාසයෙන් ද යුතු වූවෝ, ශක්තිය පිරිහී බෙලහීන ව සිටියෝ ය. එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ; උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක. ඔවුනට පදිංචියට සුදුසු නගරයක් වෙතට උන්වහන්සේ ඍජු මාර්ගයකින් ඔවුනට මග පෙන් වූ සේක. ඔවුහු උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැනත්, මිනිසුන් උදෙසා වූ උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැනත් ස්වාමින්වහන්සේට ස්තුති කරත්වා! මන්ද උන්වහන්සේ පිපාසිතවූවන් තෘප්තියට පමුණුවා, සාගිනි වූවන් යහ දෙයින් පුරවන සේක. ඇතැම්හු අන්ධකාරයේ හා මරණාන්ධකාර ගැඹුරේ ද සිරකොට යදමින් බඳිනු ලැබ පීඩිත ව ද සිටියහ. මන්ද ඔවුන් දෙවියන්වහන්සේගේ වචනයට එරෙහිව කැරලි ගැසූ අතර, මහෝත්තමයාණන්ගේ උපදෙස් නීච කොට සලකා තිබුණි. එබැවින් උන්වහන්සේ ඔවුන් දැඩි අසීරුතාවට පත් කළ සේක; පිහිට වන්නට කිසිවකු නැතිව, ඔවුහු පැකිළී වැටුණහ. එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ; උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක. උන්වහන්සේ අන්ධකාරයේ හා මරණාන්ධකාර ගැඹුරින් ඔවුන් ඉවතට ගත් සේක; ඔවුන් බැඳි බැඳුම්, බිඳ දැමූ සේක. ඔවුහු උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැනත්, මිනිසුන් උදෙසා වූ උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැනත් ස්වාමින්වහන්සේට ස්තුති කරත්වා! මන්ද උන්වහන්සේ ලෝකඩ දොරටු බිඳ දැමූ සේක්, යකඩ හරස් පොලු කපා හෙළූ සේක. ඇතැම්හු තම කැරලිකාරී මාර්ග නිසා, අඥාන බවට පැමිණියෝ, තම අයුතුකම් හේතු කොට හිංසා-පීඩා වින්දෝ ය. සියලු ආහාර ඔවුනට අප්පිරියා වී, ඔවුහු මරණයේ දොරටුවට ම ළං වූහ. එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ; උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක. උන්වහන්සේ ස්වකීය වචනය එවා, ඔවුන් සුව කළ සේක්, විනාශයෙන් ඔවුන් බේරා ගත් සේක. ඔවුහු උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැනත්, මිනිසුන් උදෙසා වූ උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැනත් ස්වාමින්වහන්සේට ස්තුති කරත්වා! ඔවුහු ස්තුති පූජා යාග කරත්වා! ප්‍රීති ගීතයෙන් උන්වහන්සේ කළ දෑ පවසත්වා! ඇතැම්හු නැව්වලින් මුහුදු ගියහ; ඔවුහු මහ සමුදුරේ වෙළඳ ව්‍යාපාරිකයෝ ය. ඔවුහු ස්වාමින්වහන්සේගේ ක්‍රියා දුටුවෝ ය; සාගර ගැඹුරෙහි උන්වහන්සේගේ අසිරිමත් වැඩ දුටුවෝ ය. මන්ද උන්වහන්සේ අණ කරමින්, චණ්ඩ මාරුතය කැලඹූ කල, රළ රැළි ඉහළ පැන නැංගේ ය. එවිට නැව් ඉහළට අහසට විසි විණ; යළි පහළ ගැඹුරට පහත් විණ; එම උපද්‍රවයෙන් ඔවුන්ගේ ධෛර්යය දියවී ගියේ ය. ඔවුහු බීමත් මිනිසුන් මෙන් වැනි වැනී, ගාට ගාටා ගියෝ, කිසිවක් කර කියාගත නො හැකි තැනට පත් වූවෝ ය. එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ; උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක. උන්වහන්සේ චණ්ඩ මාරුතය, නිශ්චල කළ සේක; මුහුදු රළ පෙළ ද නිසල විණ. නිසලතාව ඇති වූ බැවින් ඔවුහු ප්‍රමෝදයට පත් වූහ; ඔවුන්ගේ අභිලාෂය වූ වරායට උන්වහන්සේ ඔවුන්ට මග පෙන් වූ සේක. ඔවුහු උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැනත්, මිනිසුන් උදෙසා වූ උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැනත් ස්වාමින්වහන්සේට ස්තුති කරත්වා! ඔවුහු ජන එකමුතුවේදී උන්වහන්සේ උසස් කරත්වා! වැඩිහිටි සභා මඬුල්ලේදී උන්වහන්සේට ප්‍රශංසා කරත්වා!
ගීතාවලිය 107:4-32 SROV (Sinhala Revised Old Version)
ඔව්හු වනාන්තරයෙහි කාන්තාර මාර්ගයක මුළාව ගියෝය; වාසයට නුවරක් නොලැබුවෝය. සයින් පීඩිතව පිපාසිතව, ඔවුන්ගේ ආත්මය ඔවුන් තුළ ක්ලාන්තවිය. එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගැසුවෝය, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් මුදාගත්සේක. වාසයකිරීමට යෝග්‍යවූ නුවරකට පැමිණෙන පිණිස උන්වහන්සේ හරි මගකින් ඔවුන් ගෙනගියසේක. ස්වාමීන්ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා. මක්නිසාද උන්වහන්සේ පිපාසිතයා තෘප්තියට පමුණුවා, ක්ෂුධා ඇත්තා යහපතින් පිනවනසේක. සමහරෙක් පීඩාවෙන් සහ යදමින් බඳිනු ලැබ, අඳුරෙහිද මරණ සෙවණෙහිද සිටියෝය; කුමක් හෙයින්ද ඔව්හු දෙවියන්වහන්සේගේ වචනවලට විරුද්ධව කැරළිගසා, මහෝත්තමයාණන්ගේ මන්ත්‍රණය හෙළාදැක්කෝය. ඒ නිසා උන්වහන්සේ වෙහෙස පැමිණවීමෙන් ඔවුන්ගේ සිත් පහත්කළසේක. ඔව්හු වැටුණෝය, පිහිටවෙන්ට කිසිවෙක් නොවීය. එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගැසුවෝය, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් ගැළෙවුසේක. උන්වහන්සේ අඳුරෙන්ද මරණ සෙවණෙන්ද ඔවුන් පිටතට ගෙන, ඔවුන්ගේ බැමි බින්දසේක. ස්වාමීන්ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා. මක්නිසාද උන්වහන්සේ පිත්තල දොරවල් බිඳ, යකඩ පොලු කපාදැමූසේක. මෝඩයෝ තමුන්ගේ අපරාධ නිසාත් අයුතුකම් නිසාත් පීඩා විඳිති. ඔවුන්ට සියලු ආකාර කෑම අප්‍රියවේ; ඔව්හු මරණ ද්වාරවලට ළංවෙති. එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගසති. උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් ගළවනසේක. උන්වහන්සේ ස්වකීය වචනය එවා ඔවුන් සුවකොට ඔවුන්ගේ විනාශවලින් මුදාහරිනසේක. ස්වාමීන්ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා. ඔව්හු ස්තුති පූජා පුදා, ගී කීමෙන් උන්වහන්සේගේ ක්‍රියාවන් ප්‍රකාශකෙරෙත්වා. නැව්වලින් මුහුදේ යන්නාවූ, මහත් ජලයේ වැඩකරන්නාවූ තැනැත්තෝ ස්වාමීන්ගේ ක්‍රියාද ගැඹුරෙහි උන්වහන්සේගේ පුදුමද දකිති. මක්නිසාද උන්වහන්සේ අණකොට, එහි රැළ නංවන්නාවූ තද කුණාටුව හටගන්වනසේක. ඔව්හු අහසට නගිති, ගැඹුරට බසිති. ඒ විපතින් ඔවුන්ගේ ප්‍රාණය දියවෙයි. ඔව්හු බේබද්දෙකු මෙන් ඇලවෙවී ඔබ මොබ වැනි වැනී යති, ඔවුන්ගේ නුවන නැතිවී යයි. එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගසති, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් පිටතට ගෙනෙනසේක. උන්වහන්සේ මුහුදේ රැළ නිශ්චල වන ලෙස කුණාටුව සන්සිඳවනසේක. එවිට නිශ්චලයක් වූ බැවින් ඔව්හු සන්තෝෂවෙති; උන්වහන්සේද රිසිවූ වරායට ඔවුන් පමුණුවනසේක. ස්වාමීන්ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා. ඔව්හු ජන සමාගමේදී උන්වහන්සේ උසස්කරමින්, වැඩිමහල්ලන්ගේ ආසනයේදී උන්වහන්සේට ප්‍රශංසාකෙරෙත්වා.
ගීතාවලිය 107:4-32 NRSV (Sinhala New Revised Version)
සමහරු වල් බිහි වූ පාළුකරයේ වල්මත් වූ හ. විසීමට නගරයක් ඔවුන්ට සොයාගත නොහැකි විය. සාගින්නෙන් හා පිපාසයෙන් පෙළී ඔව්හු ක්ලාන්තයෙන් බෙලහීන වූ හ. එවිට, ඔව්හු තම විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ගේ විපතින් ඔවුන් මුදාගත් සේක. වාසය කිරීමට සුදුසු නුවරකට පැමිණෙන තුරු එතුමාණෝ හරි මඟකින් ඔවුන් ගෙන ගිය සේක. සමිඳුන්ගේ තිර පෙම ගැන ද මිනිසුන්ට කළ පුදුම දේ ගැන ද ඔව්හු එතුමන්ට පැසසුම් කරත් වා! මන්ද, එතුමාණෝ පිපාසිත වූවන් තෘප්තියට පමුණුවන සේක; සාගිනි වූවන් යහපත් දෙයින් පිනවන සේක. සමහරු තිත්ත කළුවරෙහි ලැගුම් ගත්හ; පීඩනයට භාජන වී සිරගත වූ හ. මන්ද, ඔව්හු දෙවිඳුන්ගේ ආඥාවට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය; මහෝත්තමයාණන්ගේ උපදෙස් හෙළා දුටුවෝ ය. බර වැඩ නිසා ඔව්හු අධික වෙහෙසට පත් වූ හ. ඔව්හු ඇද වැටුණෝ ය, පිහිට වන්න කිසිවෙක් නො වූ හ. එවිට ඔව්හු තම විපතේ දී සමිඳුන්ට මොරගැසුවෝ ය. එතුමාණෝ ඔවුන්ට පැමිණි විපතින් ඔවුන් ගළවාගත් සේක. එතුමාණෝ තිත්ත කළුවරින් ඔවුන් පිටතට ගෙන, ඔවුන්ගේ යදම් බිඳදැමූ සේක. සමිඳුන්ගේ තිර පෙම ද මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ද ගැන මනුෂ්‍යයෝ එතුමන්ට තුති පුදත් වා! මන්ද, එතුමාණෝ ලෝකඩ දොරටු බිඳදැමූ සේක; යකඩ පොලු කපාදැමූ සේක. ඇතැම් අනුවණයෝ තමන්ගේ අපරාධ නිසාත්, අයුතුකම් නිසාත් පීඩා විඳිති. ඔවුන්ට සියලු ආකාර කෑම අප්‍රිය වේ; ඔව්හු මරුමුවට ළං ව සිටියෝ ය. එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ගේ විපතින් ඔවුන් ගළවාගත් සේක. එතුමාණෝ සිය වදනින් ඔවුන් සුවපත් කළ සේක. ඔවුන් මරණින් ගොඩගත් සේක. සමිඳුන්ගේ තිර පෙම ද මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ද ගැන මනුෂ්‍යයෝ එතුමන්ට තුති පුදත් වා! ඔව්හු තුති පූජා පුදත් වා! ප්‍රීති ගී ගයා එතුමන්ගේ ක්‍රියා ප්‍රකාශ කරත් වා! සමහරු නැව්වලින් සමුදුර තරණය කරති; මෙලෙස සිය ජීවිකාව සඳහා වෙළෙඳාම් කරති. ඔව්හු සමිඳුන්ගේ ක්‍රියා ද මුහුද මත එතුමන් කළ අරුමපුදුම දේ ද දකිති. මන්ද, එතුමාණෝ අණ දෙමින් එහි රැළ නංවන චණ්ඩ මාරුතය හටගැන්වූ සේක. නැව් අහස උඩට විසි වී ගැඹුරේ පතිත විය. ඒ විපතින් නැවියෝ අධෛර්යයට පත් වූ හ. ඔව්හු බේබද්දන් මෙන් වීසි වෙමින් වැනි වැනී ගියහ. ඔවුන්ගේ දස්කමින් පලක් නො වී ය. එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ට පැමිණි විපතින් ඔවුන් මුදාගත් සේක. එතුමාණෝ කුණාටුව සංසිඳෙවු සේක. එවිට මුහුදේ රැළ නිසල විය. නිසලතාව ඇති වූ බැවින් ඔව්හු සතුටු වූ හ. එතුමාණෝ ඔවුන් අදහස් කළ වරායට ඔවුන් පැමිණෙවු සේක. සමිඳුන්ගේ තිර පෙම හා මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ එතුමන්ට තුති පුදත් වා! ඔව්හු මහා සභාව මැද එතුමන්ගේ ශ්‍රේෂ්ඨත්වය පසසත් වා! ප්‍රජා මූලිකයන්ගේ රැස්වීමේ දී එතුමන්ට ප්‍රශංසා කරත් වා!
ගීතාවලිය 107:4-32 SNRV (Sinhala New Revised Version 2018)
සමහරු වල් බිහි වූ පාළුකරයේ වල්මත් වූ හ. විසීමට නගරයක් ඔවුන්ට සොයාගත නොහැකි විය. සාගින්නෙන් හා පිපාසයෙන් පෙළී ඔව්හු ක්ලාන්තයෙන් බෙලහීන වූ හ. එවිට, ඔව්හු තම විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ගේ විපතින් ඔවුන් මුදාගත් සේක. වාසය කිරීමට සුදුසු නුවරකට පැමිණෙන තුරු එතුමාණෝ හරි මඟකින් ඔවුන් ගෙන ගිය සේක. සමිඳුන්ගේ තිර පෙම ගැන ද මිනිසුන්ට කළ පුදුම දේ ගැන ද ඔව්හු එතුමාණන්ට පැසසුම් කරත් වා! මන්ද, එතුමාණෝ පිපාසිත වූවන් තෘප්තියට පමුණුවන සේක; සාගිනි වූවන් යහපත් දෙයින් පිනවන සේක. සමහරු තිත්ත කළුවරෙහි ලැගුම් ගත්හ; පීඩනයට භාජන වී සිරගත වූ හ. මන්ද, ඔව්හු දෙවිඳුන්ගේ ආඥාවට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය; මහෝත්තමයාණන්ගේ උපදෙස් හෙළා දුටුවෝ ය. බර වැඩ නිසා ඔව්හු අධික වෙහෙසට පත් වූ හ. ඔව්හු ඇද වැටුණෝ ය, පිහිට වන්න කිසිවෙක් නො වූ හ. එවිට ඔව්හු තම විපතේ දී සමිඳුන්ට මොරගැසුවෝ ය. එතුමාණෝ ඔවුන්ට පැමිණි විපතින් ඔවුන් ගළවාගත් සේක. එතුමාණෝ තිත්ත කළුවරින් ඔවුන් පිටතට ගෙන, ඔවුන්ගේ යදම් බිඳදැමූ සේක. සමිඳුන්ගේ තිර පෙම ද මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ද ගැන මනුෂ්‍යයෝ එතුමාණන්ට තුති පුදත් වා! මන්ද, එතුමාණෝ ලෝකඩ දොරටු බිඳදැමූ සේක; යකඩ පොලු කපාදැමූ සේක. ඇතැම් අනුවණයෝ තමන්ගේ අපරාධ නිසාත්, අයුතුකම් නිසාත් පීඩා විඳිති. ඔවුන්ට සියලු ආකාර කෑම අප්‍රිය වේ; ඔව්හු මරුමුවට ළං ව සිටියෝ ය. එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ගේ විපතින් ඔවුන් ගළවාගත් සේක. එතුමාණෝ සිය වදනින් ඔවුන් සුවපත් කළ සේක. ඔවුන් මරණින් ගොඩගත් සේක. සමිඳුන්ගේ තිර පෙම ද මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ද ගැන මනුෂ්‍යයෝ එතුමාණන්ට තුති පුදත් වා! ඔව්හු තුති පූජා පුදත් වා! ප්‍රීති ගී ගයා එතුමාණන්ගේ ක්‍රියා ප්‍රකාශ කරත් වා! සමහරු නැව්වලින් සමුදුර තරණය කරති; මෙලෙස සිය ජීවිකාව සඳහා වෙළෙඳාම් කරති. ඔව්හු සමිඳුන්ගේ ක්‍රියා ද මුහුද මත එතුමාණෝ කළ අරුමපුදුම දේ ද දකිති. මන්ද, එතුමාණෝ අණ දෙමින් එහි රැළ නංවන චණ්ඩ මාරුතය හටගැන්වූ සේක. නැව් අහස උඩට විසි වී ගැඹුරේ පතිත විය. ඒ විපතින් නැවියෝ අධෛර්යයට පත් වූ හ. ඔව්හු බේබද්දන් මෙන් වීසි වෙමින් වැනි වැනී ගියහ. ඔවුන්ගේ දස්කමින් පලක් නො වී ය. එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ට පැමිණි විපතින් ඔවුන් මුදාගත් සේක. එතුමාණෝ කුණාටුව සංසිඳෙවු සේක. එවිට මුහුදේ රැළ නිසල විය. නිසලතාව ඇති වූ බැවින් ඔව්හු සතුටු වූ හ. එතුමාණෝ ඔවුන් අදහස් කළ වරායට ඔවුන් පැමිණෙවු සේක. සමිඳුන්ගේ තිර පෙම හා මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ එතුමාණන්ට තුති පුදත් වා! ඔව්හු මහා සභාව මැද එතුමාණන්ගේ ශ්‍රේෂ්ඨත්වය පසසත් වා! ප්‍රජා මූලිකයන්ගේ රැස්වීමේ දී එතුමාණන්ට ප්‍රශංසා කරත් වා!
ගීතාවලිය 107:4-32 NIV (New International Version)
Some wandered in desert wastelands, finding no way to a city where they could settle. They were hungry and thirsty, and their lives ebbed away. Then they cried out to the LORD in their trouble, and he delivered them from their distress. He led them by a straight way to a city where they could settle. Let them give thanks to the LORD for his unfailing love and his wonderful deeds for mankind, for he satisfies the thirsty and fills the hungry with good things. Some sat in darkness, in utter darkness, prisoners suffering in iron chains, because they rebelled against God’s commands and despised the plans of the Most High. So he subjected them to bitter labor; they stumbled, and there was no one to help. Then they cried to the LORD in their trouble, and he saved them from their distress. He brought them out of darkness, the utter darkness, and broke away their chains. Let them give thanks to the LORD for his unfailing love and his wonderful deeds for mankind, for he breaks down gates of bronze and cuts through bars of iron. Some became fools through their rebellious ways and suffered affliction because of their iniquities. They loathed all food and drew near the gates of death. Then they cried to the LORD in their trouble, and he saved them from their distress. He sent out his word and healed them; he rescued them from the grave. Let them give thanks to the LORD for his unfailing love and his wonderful deeds for mankind. Let them sacrifice thank offerings and tell of his works with songs of joy. Some went out on the sea in ships; they were merchants on the mighty waters. They saw the works of the LORD, his wonderful deeds in the deep. For he spoke and stirred up a tempest that lifted high the waves. They mounted up to the heavens and went down to the depths; in their peril their courage melted away. They reeled and staggered like drunkards; they were at their wits’ end. Then they cried out to the LORD in their trouble, and he brought them out of their distress. He stilled the storm to a whisper; the waves of the sea were hushed. They were glad when it grew calm, and he guided them to their desired haven. Let them give thanks to the LORD for his unfailing love and his wonderful deeds for mankind. Let them exalt him in the assembly of the people and praise him in the council of the elders.