ගීතාවලිය 107:32-42
ගීතාවලිය 107:32-42 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුහු ජන එකමුතුවේදී උන්වහන්සේ උසස් කරත්වා! වැඩිහිටි සභා මඬුල්ලේදී උන්වහන්සේට ප්‍රශංසා කරත්වා! උන්වහන්සේ ගංගා, නිරුදක කතරක් බවට පමුණු වන සේක; ජල උල්පත්, වියළි බිමක් බවට පමුණු වන සේක. උන්වහන්සේ සාර භූමිය, ලවණ මුඩු බිමක් කරන සේක; එසේ කරන්නේ, එහි විසූ ජනයාගේ දුෂ්ටකම් නිසා ය. නිරුදක කතර, දිය පොකුණු බවට හරවන සේක්; වියළි භූමිය, ජල උල්පත් තෝතැන්නක් බවට හරවන සේක. උන්වහන්සේ සාගිනි වූවන් එහි වාසයට කැඳවාගෙන එන සේක; ඔවුහු පදිංචියට එහි නුවරක් පිහිටුවා ගනිති. ඔවුහු කුඹුරු වපුරන්නෝ ය; මිදි වතු වවන්නෝ ය; සරු සාර අස්වැන්නක් නෙළාගන්නෝ ය. උන්වහන්සේ ඔවුනට ආශිර්වාද කරන සේක; ඔවුහු ගණනින් වැඩි වර්ධන වන්නාහ; ඔවුන්ගේ සත්ව සම්පත ද අඩු වන්නට උන්වහන්සේ ඉඩ නො දෙන සේක. මෙයින් පසු, පීඩනය ද විපත්තිය හා දුක් කරදර ද හේතුවෙන්, ගණනින් හීන වන්නට වන් ඔවුහු යටත් කරනු ද ලැබූහ. අධිපතීන් පිට අවඥාව වැගුරූ උන්වහන්සේ, ඔවුන් මග තොට නො දැන, මංමුළා ව යන්නට සැලසූ සේක. එහෙත් දුගීන් ඔවුන්ගේ දුක් හිරිහැරවලින් මුදා ලූ උන්වහන්සේ, ඔවුන්ගේ පවුල් බැටළු රංචු මෙන් බොහෝ වන්නට සැලසූ සේක. ධාර්මිකයෝ ඒ දැක ප්‍රීති ප්‍රමෝද වන්නාහ; එහෙත් දුෂ්ට සියල්ලෝ කට පියා ගනිති.
ගීතාවලිය 107:32-42 Sinhala Revised Old Version (SROV)
ඔව්හු ජන සමාගමේදී උන්වහන්සේ උසස්කරමින්, වැඩිමහල්ලන්ගේ ආසනයේදී උන්වහන්සේට ප්‍රශංසාකෙරෙත්වා. උන්වහන්සේ ගංගා කාන්තාරයක්ද දිය උල්පත් වියළි බිමක්ද කරනසේක; වැසියන්ගේ දුෂ්ටකම නිසා සාරවූ දේශය ලවණ කාන්තාරයක් කරනසේක. උන්වහන්සේ කාන්තාරයක් දිය පොකුණක්ද වියළි බිමක් දිය උල්පත්ද කරනසේක. බඩගිනිවූවන් විසින් වාසයට යෝග්‍යවූ නුවරක් සාදන පිණිසත්, කෙත් වපුරා, මිදිවතු වවා, ඵල ලබාගන්නා පිණිසත්, ඔවුන් එහි වාසයකරවනසේක. ඔවුන් අතිශයින් බෝවන ලෙස උන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකරනසේක; ඔවුන්ගේ සිව්පාවුන් අඩුවෙන්ට නොදෙනසේක. ඉන්පසු ඔව්හු පීඩා, විපත්ති හා දුක් නිසා අඩුවී පහත්කරනු ලබති. උන්වහන්සේ අධිපතීන් කෙරෙහි නින්දාව වගුරුවා, මං නැති පාළු තැන්වල මුළාවයන්ට සලස්වනසේක. එහෙත් උන්වහන්සේ දිළිඳා පීඩාවෙන් මුදා උසස්කොට, බැටළු රැළක් මෙන් ඔහුගෙන් පවුල් උපදවනසේක. අවංකයෝ ඒ දැක සන්තෝෂවන්නෝය; සියලු ආකාර අයුතුකමද කට පියාගන්නේය.
ගීතාවලිය 107:32-42 Sinhala New Revised Version (NRSV)
ඔව්හු මහා සභාව මැද එතුමන්ගේ ශ්‍රේෂ්ඨත්වය පසසත් වා! ප්‍රජා මූලිකයන්ගේ රැස්වීමේ දී එතුමන්ට ප්‍රශංසා කරත් වා! එතුමාණෝ ගංගා වැලි කතරට හරවන සේක; දිය උල්පතක් වියළි බිමක් කරන සේක. එතුමාණෝ සරු බිම ලුණු කතරක් කරන සේක. ඊට හේතුව වැසියන්ගේ අපරාධ වන්නේ ය. එතුමාණෝ කාන්තාරය දිය පොකුණක් කරන සේක; වියළි බිමක් දිය උල්පතක් ද කරන සේක; සාගිනි වූවන් එහි වාසය කරවූ සේක; ඔව්හු ජීවත් වීමට සුදුසු නුවරක් සෑදුවෝ ය. ඔව්හු කෙත් වපුරා මිදි වතු වගා කළෝ ය; එයින් සරු අස්වැන්න ලබාගත්හ. ඔවුන්ට බොහෝ දරුපල ලැබෙන ලෙස එතුමාණෝ ඔවුන්ට ආසිරි දුන් සේක; ඔවුන්ගේ සිවුපාවුන්ගේ ගණන අඩු වන්න ඉඩ නුදුන් සේක. ඉන්පසු දුක් පීඩා හා විපත්ති නිසා ඔවුන්ගේ ගණන අඩු වී ඔව්හු දුබල වූ හ. එතුමාණෝ අධිපතීන් නින්දාවට පත් කොට, මං නැති පාළු තැන්වල මුළා වී යන්න සැලැසූ සේක. එහෙත්, එතුමාණෝ දිළිඳුන් පීඩාවෙන් මුදා උසස් කොට බැටළු රැළක් මෙන් ඔවුන්ගේ පවුල් වැඩි කළ සේක. සුදනෝ ඒ දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; දුදනෝ කලකිරීමට පත්වන්නෝ ය.
ගීතාවලිය 107:32-42 Sinhala New Revised Version 2018 (SNRV)
ඔව්හු මහා සභාව මැද එතුමාණන්ගේ ශ්‍රේෂ්ඨත්වය පසසත් වා! ප්‍රජා මූලිකයන්ගේ රැස්වීමේ දී එතුමාණන්ට ප්‍රශංසා කරත් වා! එතුමාණෝ ගංගා වැලි කතරට හරවන සේක; දිය උල්පතක් වියළි බිමක් කරන සේක. එතුමාණෝ සරු බිම ලුණු කතරක් කරන සේක. ඊට හේතුව වැසියන්ගේ අපරාධ වන්නේ ය. එතුමාණෝ කාන්තාරය දිය පොකුණක් කරන සේක; වියළි බිමක් දිය උල්පතක් ද කරන සේක; සාගිනි වූවන් එහි වාසය කරවූ සේක; ඔව්හු ජීවත් වීමට සුදුසු නුවරක් සෑදුවෝ ය. ඔව්හු කෙත් වපුරා මිදි වතු වගා කළෝ ය; එයින් සරු අස්වැන්න ලබාගත්හ. ඔවුන්ට බොහෝ දරුපල ලැබෙන ලෙස එතුමාණෝ ඔවුන්ට ආසිරි දුන් සේක; ඔවුන්ගේ සිවුපාවුන්ගේ ගණන අඩු වන්න ඉඩ නුදුන් සේක. ඉන්පසු දුක් පීඩා හා විපත්ති නිසා ඔවුන්ගේ ගණන අඩු වී ඔව්හු දුබල වූ හ. එතුමාණෝ අධිපතීන් නින්දාවට පත් කොට, මං නැති පාළු තැන්වල මුළා වී යන්න සැලැසූ සේක. එහෙත්, එතුමාණෝ දිළිඳුන් පීඩාවෙන් මුදා උසස් කොට බැටළු රැළක් මෙන් ඔවුන්ගේ පවුල් වැඩි කළ සේක. සුදනෝ ඒ දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; දුදනෝ කලකිරීමට පත්වන්නෝ ය.
ගීතාවලිය 107:32-42 New International Version (NIV)
Let them exalt him in the assembly of the people and praise him in the council of the elders. He turned rivers into a desert, flowing springs into thirsty ground, and fruitful land into a salt waste, because of the wickedness of those who lived there. He turned the desert into pools of water and the parched ground into flowing springs; there he brought the hungry to live, and they founded a city where they could settle. They sowed fields and planted vineyards that yielded a fruitful harvest; he blessed them, and their numbers greatly increased, and he did not let their herds diminish. Then their numbers decreased, and they were humbled by oppression, calamity and sorrow; he who pours contempt on nobles made them wander in a trackless waste. But he lifted the needy out of their affliction and increased their families like flocks. The upright see and rejoice, but all the wicked shut their mouths.