ගීතාවලිය 107:28-30
ගීතාවලිය 107:28-30 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ; උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක. උන්වහන්සේ චණ්ඩ මාරුතය, නිශ්චල කළ සේක; මුහුදු රළ පෙළ ද නිසල විණ. නිසලතාව ඇති වූ බැවින් ඔවුහු ප්රමෝදයට පත් වූහ; ඔවුන්ගේ අභිලාෂය වූ වරායට උන්වහන්සේ ඔවුන්ට මග පෙන් වූ සේක.
ගීතාවලිය 107:28-30 Sinhala Revised Old Version (SROV)
එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගසති, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් පිටතට ගෙනෙනසේක. උන්වහන්සේ මුහුදේ රැළ නිශ්චල වන ලෙස කුණාටුව සන්සිඳවනසේක. එවිට නිශ්චලයක් වූ බැවින් ඔව්හු සන්තෝෂවෙති; උන්වහන්සේද රිසිවූ වරායට ඔවුන් පමුණුවනසේක.
ගීතාවලිය 107:28-30 Sinhala New Revised Version (NRSV)
එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ට පැමිණි විපතින් ඔවුන් මුදාගත් සේක. එතුමාණෝ කුණාටුව සංසිඳෙවු සේක. එවිට මුහුදේ රැළ නිසල විය. නිසලතාව ඇති වූ බැවින් ඔව්හු සතුටු වූ හ. එතුමාණෝ ඔවුන් අදහස් කළ වරායට ඔවුන් පැමිණෙවු සේක.
ගීතාවලිය 107:28-30 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ට පැමිණි විපතින් ඔවුන් මුදාගත් සේක. එතුමාණෝ කුණාටුව සංසිඳෙවු සේක. එවිට මුහුදේ රැළ නිසල විය. නිසලතාව ඇති වූ බැවින් ඔව්හු සතුටු වූ හ. එතුමාණෝ ඔවුන් අදහස් කළ වරායට ඔවුන් පැමිණෙවු සේක.
ගීතාවලිය 107:28-30 New International Version (NIV)
Then they cried out to the LORD in their trouble, and he brought them out of their distress. He stilled the storm to a whisper; the waves of the sea were hushed. They were glad when it grew calm, and he guided them to their desired haven.