ගීතාවලිය 107:21-30

ගීතාවලිය 107:21-30 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඔවුහු උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැනත්, මිනිසුන් උදෙසා වූ උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැනත් ස්වාමින්වහන්සේට ස්තුති කරත්වා! ඔවුහු ස්තුති පූජා යාග කරත්වා! ප්‍රීති ගීතයෙන් උන්වහන්සේ කළ දෑ පවසත්වා! ඇතැම්හු නැව්වලින් මුහුදු ගියහ; ඔවුහු මහ සමුදුරේ වෙළඳ ව්‍යාපාරිකයෝ ය. ඔවුහු ස්වාමින්වහන්සේගේ ක්‍රියා දුටුවෝ ය; සාගර ගැඹුරෙහි උන්වහන්සේගේ අසිරිමත් වැඩ දුටුවෝ ය. මන්ද උන්වහන්සේ අණ කරමින්, චණ්ඩ මාරුතය කැලඹූ කල, රළ රැළි ඉහළ පැන නැංගේ ය. එවිට නැව් ඉහළට අහසට විසි විණ; යළි පහළ ගැඹුරට පහත් විණ; එම උපද්‍රවයෙන් ඔවුන්ගේ ධෛර්යය දියවී ගියේ ය. ඔවුහු බීමත් මිනිසුන් මෙන් වැනි වැනී, ගාට ගාටා ගියෝ, කිසිවක් කර කියාගත නො හැකි තැනට පත් වූවෝ ය. එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ; උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක. උන්වහන්සේ චණ්ඩ මාරුතය, නිශ්චල කළ සේක; මුහුදු රළ පෙළ ද නිසල විණ. නිසලතාව ඇති වූ බැවින් ඔවුහු ප්‍රමෝදයට පත් වූහ; ඔවුන්ගේ අභිලාෂය වූ වරායට උන්වහන්සේ ඔවුන්ට මග පෙන් වූ සේක.

ගීතාවලිය 107:21-30 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා. ඔව්හු ස්තුති පූජා පුදා, ගී කීමෙන් උන්වහන්සේගේ ක්‍රියාවන් ප්‍රකාශකෙරෙත්වා. නැව්වලින් මුහුදේ යන්නාවූ, මහත් ජලයේ වැඩකරන්නාවූ තැනැත්තෝ ස්වාමීන්ගේ ක්‍රියාද ගැඹුරෙහි උන්වහන්සේගේ පුදුමද දකිති. මක්නිසාද උන්වහන්සේ අණකොට, එහි රැළ නංවන්නාවූ තද කුණාටුව හටගන්වනසේක. ඔව්හු අහසට නගිති, ගැඹුරට බසිති. ඒ විපතින් ඔවුන්ගේ ප්‍රාණය දියවෙයි. ඔව්හු බේබද්දෙකු මෙන් ඇලවෙවී ඔබ මොබ වැනි වැනී යති, ඔවුන්ගේ නුවන නැතිවී යයි. එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගසති, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් පිටතට ගෙනෙනසේක. උන්වහන්සේ මුහුදේ රැළ නිශ්චල වන ලෙස කුණාටුව සන්සිඳවනසේක. එවිට නිශ්චලයක් වූ බැවින් ඔව්හු සන්තෝෂවෙති; උන්වහන්සේද රිසිවූ වරායට ඔවුන් පමුණුවනසේක.

ගීතාවලිය 107:21-30 Sinhala New Revised Version (NRSV)

සමිඳුන්ගේ තිර පෙම ද මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ද ගැන මනුෂ්‍යයෝ එතුමන්ට තුති පුදත් වා! ඔව්හු තුති පූජා පුදත් වා! ප්‍රීති ගී ගයා එතුමන්ගේ ක්‍රියා ප්‍රකාශ කරත් වා! සමහරු නැව්වලින් සමුදුර තරණය කරති; මෙලෙස සිය ජීවිකාව සඳහා වෙළෙඳාම් කරති. ඔව්හු සමිඳුන්ගේ ක්‍රියා ද මුහුද මත එතුමන් කළ අරුමපුදුම දේ ද දකිති. මන්ද, එතුමාණෝ අණ දෙමින් එහි රැළ නංවන චණ්ඩ මාරුතය හටගැන්වූ සේක. නැව් අහස උඩට විසි වී ගැඹුරේ පතිත විය. ඒ විපතින් නැවියෝ අධෛර්යයට පත් වූ හ. ඔව්හු බේබද්දන් මෙන් වීසි වෙමින් වැනි වැනී ගියහ. ඔවුන්ගේ දස්කමින් පලක් නො වී ය. එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ට පැමිණි විපතින් ඔවුන් මුදාගත් සේක. එතුමාණෝ කුණාටුව සංසිඳෙවු සේක. එවිට මුහුදේ රැළ නිසල විය. නිසලතාව ඇති වූ බැවින් ඔව්හු සතුටු වූ හ. එතුමාණෝ ඔවුන් අදහස් කළ වරායට ඔවුන් පැමිණෙවු සේක.

ගීතාවලිය 107:21-30 Sinhala New Revised Version 2018 (SNRV)

සමිඳුන්ගේ තිර පෙම ද මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ද ගැන මනුෂ්‍යයෝ එතුමාණන්ට තුති පුදත් වා! ඔව්හු තුති පූජා පුදත් වා! ප්‍රීති ගී ගයා එතුමාණන්ගේ ක්‍රියා ප්‍රකාශ කරත් වා! සමහරු නැව්වලින් සමුදුර තරණය කරති; මෙලෙස සිය ජීවිකාව සඳහා වෙළෙඳාම් කරති. ඔව්හු සමිඳුන්ගේ ක්‍රියා ද මුහුද මත එතුමාණෝ කළ අරුමපුදුම දේ ද දකිති. මන්ද, එතුමාණෝ අණ දෙමින් එහි රැළ නංවන චණ්ඩ මාරුතය හටගැන්වූ සේක. නැව් අහස උඩට විසි වී ගැඹුරේ පතිත විය. ඒ විපතින් නැවියෝ අධෛර්යයට පත් වූ හ. ඔව්හු බේබද්දන් මෙන් වීසි වෙමින් වැනි වැනී ගියහ. ඔවුන්ගේ දස්කමින් පලක් නො වී ය. එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ට පැමිණි විපතින් ඔවුන් මුදාගත් සේක. එතුමාණෝ කුණාටුව සංසිඳෙවු සේක. එවිට මුහුදේ රැළ නිසල විය. නිසලතාව ඇති වූ බැවින් ඔව්හු සතුටු වූ හ. එතුමාණෝ ඔවුන් අදහස් කළ වරායට ඔවුන් පැමිණෙවු සේක.