ගීතාවලිය 107:19-21
ගීතාවලිය 107:19-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ; උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක. උන්වහන්සේ ස්වකීය වචනය එවා, ඔවුන් සුව කළ සේක්, විනාශයෙන් ඔවුන් බේරා ගත් සේක. ඔවුහු උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැනත්, මිනිසුන් උදෙසා වූ උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැනත් ස්වාමින්වහන්සේට ස්තුති කරත්වා!
ගීතාවලිය 107:19-21 Sinhala Revised Old Version (SROV)
එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගසති. උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් ගළවනසේක. උන්වහන්සේ ස්වකීය වචනය එවා ඔවුන් සුවකොට ඔවුන්ගේ විනාශවලින් මුදාහරිනසේක. ස්වාමීන්ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා.
ගීතාවලිය 107:19-21 Sinhala New Revised Version (NRSV)
එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ගේ විපතින් ඔවුන් ගළවාගත් සේක. එතුමාණෝ සිය වදනින් ඔවුන් සුවපත් කළ සේක. ඔවුන් මරණින් ගොඩගත් සේක. සමිඳුන්ගේ තිර පෙම ද මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ද ගැන මනුෂ්‍යයෝ එතුමන්ට තුති පුදත් වා!
ගීතාවලිය 107:19-21 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ගේ විපතින් ඔවුන් ගළවාගත් සේක. එතුමාණෝ සිය වදනින් ඔවුන් සුවපත් කළ සේක. ඔවුන් මරණින් ගොඩගත් සේක. සමිඳුන්ගේ තිර පෙම ද මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ද ගැන මනුෂ්‍යයෝ එතුමාණන්ට තුති පුදත් වා!
ගීතාවලිය 107:19-21 New International Version (NIV)
Then they cried to the LORD in their trouble, and he saved them from their distress. He sent out his word and healed them; he rescued them from the grave. Let them give thanks to the LORD for his unfailing love and his wonderful deeds for mankind.