ගීතාවලිය 107:17-42

ගීතාවලිය 107:17-42 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඇතැම්හු තම කැරලිකාරී මාර්ග නිසා, අඥාන බවට පැමිණියෝ, තම අයුතුකම් හේතු කොට හිංසා-පීඩා වින්දෝ ය. සියලු ආහාර ඔවුනට අප්පිරියා වී, ඔවුහු මරණයේ දොරටුවට ම ළං වූහ. එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ; උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක. උන්වහන්සේ ස්වකීය වචනය එවා, ඔවුන් සුව කළ සේක්, විනාශයෙන් ඔවුන් බේරා ගත් සේක. ඔවුහු උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැනත්, මිනිසුන් උදෙසා වූ උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැනත් ස්වාමින්වහන්සේට ස්තුති කරත්වා! ඔවුහු ස්තුති පූජා යාග කරත්වා! ප්‍රීති ගීතයෙන් උන්වහන්සේ කළ දෑ පවසත්වා! ඇතැම්හු නැව්වලින් මුහුදු ගියහ; ඔවුහු මහ සමුදුරේ වෙළඳ ව්‍යාපාරිකයෝ ය. ඔවුහු ස්වාමින්වහන්සේගේ ක්‍රියා දුටුවෝ ය; සාගර ගැඹුරෙහි උන්වහන්සේගේ අසිරිමත් වැඩ දුටුවෝ ය. මන්ද උන්වහන්සේ අණ කරමින්, චණ්ඩ මාරුතය කැලඹූ කල, රළ රැළි ඉහළ පැන නැංගේ ය. එවිට නැව් ඉහළට අහසට විසි විණ; යළි පහළ ගැඹුරට පහත් විණ; එම උපද්‍රවයෙන් ඔවුන්ගේ ධෛර්යය දියවී ගියේ ය. ඔවුහු බීමත් මිනිසුන් මෙන් වැනි වැනී, ගාට ගාටා ගියෝ, කිසිවක් කර කියාගත නො හැකි තැනට පත් වූවෝ ය. එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ; උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක. උන්වහන්සේ චණ්ඩ මාරුතය, නිශ්චල කළ සේක; මුහුදු රළ පෙළ ද නිසල විණ. නිසලතාව ඇති වූ බැවින් ඔවුහු ප්‍රමෝදයට පත් වූහ; ඔවුන්ගේ අභිලාෂය වූ වරායට උන්වහන්සේ ඔවුන්ට මග පෙන් වූ සේක. ඔවුහු උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැනත්, මිනිසුන් උදෙසා වූ උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැනත් ස්වාමින්වහන්සේට ස්තුති කරත්වා! ඔවුහු ජන එකමුතුවේදී උන්වහන්සේ උසස් කරත්වා! වැඩිහිටි සභා මඬුල්ලේදී උන්වහන්සේට ප්‍රශංසා කරත්වා! උන්වහන්සේ ගංගා, නිරුදක කතරක් බවට පමුණු වන සේක; ජල උල්පත්, වියළි බිමක් බවට පමුණු වන සේක. උන්වහන්සේ සාර භූමිය, ලවණ මුඩු බිමක් කරන සේක; එසේ කරන්නේ, එහි විසූ ජනයාගේ දුෂ්ටකම් නිසා ය. නිරුදක කතර, දිය පොකුණු බවට හරවන සේක්; වියළි භූමිය, ජල උල්පත් තෝතැන්නක් බවට හරවන සේක. උන්වහන්සේ සාගිනි වූවන් එහි වාසයට කැඳවාගෙන එන සේක; ඔවුහු පදිංචියට එහි නුවරක් පිහිටුවා ගනිති. ඔවුහු කුඹුරු වපුරන්නෝ ය; මිදි වතු වවන්නෝ ය; සරු සාර අස්වැන්නක් නෙළාගන්නෝ ය. උන්වහන්සේ ඔවුනට ආශිර්වාද කරන සේක; ඔවුහු ගණනින් වැඩි වර්ධන වන්නාහ; ඔවුන්ගේ සත්ව සම්පත ද අඩු වන්නට උන්වහන්සේ ඉඩ නො දෙන සේක. මෙයින් පසු, පීඩනය ද විපත්තිය හා දුක් කරදර ද හේතුවෙන්, ගණනින් හීන වන්නට වන් ඔවුහු යටත් කරනු ද ලැබූහ. අධිපතීන් පිට අවඥාව වැගුරූ උන්වහන්සේ, ඔවුන් මග තොට නො දැන, මංමුළා ව යන්නට සැලසූ සේක. එහෙත් දුගීන් ඔවුන්ගේ දුක් හිරිහැරවලින් මුදා ලූ උන්වහන්සේ, ඔවුන්ගේ පවුල් බැටළු රංචු මෙන් බොහෝ වන්නට සැලසූ සේක. ධාර්මිකයෝ ඒ දැක ප්‍රීති ප්‍රමෝද වන්නාහ; එහෙත් දුෂ්ට සියල්ලෝ කට පියා ගනිති.

ගීතාවලිය 107:17-42 Sinhala Revised Old Version (SROV)

මෝඩයෝ තමුන්ගේ අපරාධ නිසාත් අයුතුකම් නිසාත් පීඩා විඳිති. ඔවුන්ට සියලු ආකාර කෑම අප්‍රියවේ; ඔව්හු මරණ ද්වාරවලට ළංවෙති. එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගසති. උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් ගළවනසේක. උන්වහන්සේ ස්වකීය වචනය එවා ඔවුන් සුවකොට ඔවුන්ගේ විනාශවලින් මුදාහරිනසේක. ස්වාමීන්ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා. ඔව්හු ස්තුති පූජා පුදා, ගී කීමෙන් උන්වහන්සේගේ ක්‍රියාවන් ප්‍රකාශකෙරෙත්වා. නැව්වලින් මුහුදේ යන්නාවූ, මහත් ජලයේ වැඩකරන්නාවූ තැනැත්තෝ ස්වාමීන්ගේ ක්‍රියාද ගැඹුරෙහි උන්වහන්සේගේ පුදුමද දකිති. මක්නිසාද උන්වහන්සේ අණකොට, එහි රැළ නංවන්නාවූ තද කුණාටුව හටගන්වනසේක. ඔව්හු අහසට නගිති, ගැඹුරට බසිති. ඒ විපතින් ඔවුන්ගේ ප්‍රාණය දියවෙයි. ඔව්හු බේබද්දෙකු මෙන් ඇලවෙවී ඔබ මොබ වැනි වැනී යති, ඔවුන්ගේ නුවන නැතිවී යයි. එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගසති, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් පිටතට ගෙනෙනසේක. උන්වහන්සේ මුහුදේ රැළ නිශ්චල වන ලෙස කුණාටුව සන්සිඳවනසේක. එවිට නිශ්චලයක් වූ බැවින් ඔව්හු සන්තෝෂවෙති; උන්වහන්සේද රිසිවූ වරායට ඔවුන් පමුණුවනසේක. ස්වාමීන්ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා. ඔව්හු ජන සමාගමේදී උන්වහන්සේ උසස්කරමින්, වැඩිමහල්ලන්ගේ ආසනයේදී උන්වහන්සේට ප්‍රශංසාකෙරෙත්වා. උන්වහන්සේ ගංගා කාන්තාරයක්ද දිය උල්පත් වියළි බිමක්ද කරනසේක; වැසියන්ගේ දුෂ්ටකම නිසා සාරවූ දේශය ලවණ කාන්තාරයක් කරනසේක. උන්වහන්සේ කාන්තාරයක් දිය පොකුණක්ද වියළි බිමක් දිය උල්පත්ද කරනසේක. බඩගිනිවූවන් විසින් වාසයට යෝග්‍යවූ නුවරක් සාදන පිණිසත්, කෙත් වපුරා, මිදිවතු වවා, ඵල ලබාගන්නා පිණිසත්, ඔවුන් එහි වාසයකරවනසේක. ඔවුන් අතිශයින් බෝවන ලෙස උන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකරනසේක; ඔවුන්ගේ සිව්පාවුන් අඩුවෙන්ට නොදෙනසේක. ඉන්පසු ඔව්හු පීඩා, විපත්ති හා දුක් නිසා අඩුවී පහත්කරනු ලබති. උන්වහන්සේ අධිපතීන් කෙරෙහි නින්දාව වගුරුවා, මං නැති පාළු තැන්වල මුළාවයන්ට සලස්වනසේක. එහෙත් උන්වහන්සේ දිළිඳා පීඩාවෙන් මුදා උසස්කොට, බැටළු රැළක් මෙන් ඔහුගෙන් පවුල් උපදවනසේක. අවංකයෝ ඒ දැක සන්තෝෂවන්නෝය; සියලු ආකාර අයුතුකමද කට පියාගන්නේය.

ගීතාවලිය 107:17-42 Sinhala New Revised Version (NRSV)

ඇතැම් අනුවණයෝ තමන්ගේ අපරාධ නිසාත්, අයුතුකම් නිසාත් පීඩා විඳිති. ඔවුන්ට සියලු ආකාර කෑම අප්‍රිය වේ; ඔව්හු මරුමුවට ළං ව සිටියෝ ය. එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ගේ විපතින් ඔවුන් ගළවාගත් සේක. එතුමාණෝ සිය වදනින් ඔවුන් සුවපත් කළ සේක. ඔවුන් මරණින් ගොඩගත් සේක. සමිඳුන්ගේ තිර පෙම ද මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ද ගැන මනුෂ්‍යයෝ එතුමන්ට තුති පුදත් වා! ඔව්හු තුති පූජා පුදත් වා! ප්‍රීති ගී ගයා එතුමන්ගේ ක්‍රියා ප්‍රකාශ කරත් වා! සමහරු නැව්වලින් සමුදුර තරණය කරති; මෙලෙස සිය ජීවිකාව සඳහා වෙළෙඳාම් කරති. ඔව්හු සමිඳුන්ගේ ක්‍රියා ද මුහුද මත එතුමන් කළ අරුමපුදුම දේ ද දකිති. මන්ද, එතුමාණෝ අණ දෙමින් එහි රැළ නංවන චණ්ඩ මාරුතය හටගැන්වූ සේක. නැව් අහස උඩට විසි වී ගැඹුරේ පතිත විය. ඒ විපතින් නැවියෝ අධෛර්යයට පත් වූ හ. ඔව්හු බේබද්දන් මෙන් වීසි වෙමින් වැනි වැනී ගියහ. ඔවුන්ගේ දස්කමින් පලක් නො වී ය. එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ට පැමිණි විපතින් ඔවුන් මුදාගත් සේක. එතුමාණෝ කුණාටුව සංසිඳෙවු සේක. එවිට මුහුදේ රැළ නිසල විය. නිසලතාව ඇති වූ බැවින් ඔව්හු සතුටු වූ හ. එතුමාණෝ ඔවුන් අදහස් කළ වරායට ඔවුන් පැමිණෙවු සේක. සමිඳුන්ගේ තිර පෙම හා මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ එතුමන්ට තුති පුදත් වා! ඔව්හු මහා සභාව මැද එතුමන්ගේ ශ්‍රේෂ්ඨත්වය පසසත් වා! ප්‍රජා මූලිකයන්ගේ රැස්වීමේ දී එතුමන්ට ප්‍රශංසා කරත් වා! එතුමාණෝ ගංගා වැලි කතරට හරවන සේක; දිය උල්පතක් වියළි බිමක් කරන සේක. එතුමාණෝ සරු බිම ලුණු කතරක් කරන සේක. ඊට හේතුව වැසියන්ගේ අපරාධ වන්නේ ය. එතුමාණෝ කාන්තාරය දිය පොකුණක් කරන සේක; වියළි බිමක් දිය උල්පතක් ද කරන සේක; සාගිනි වූවන් එහි වාසය කරවූ සේක; ඔව්හු ජීවත් වීමට සුදුසු නුවරක් සෑදුවෝ ය. ඔව්හු කෙත් වපුරා මිදි වතු වගා කළෝ ය; එයින් සරු අස්වැන්න ලබාගත්හ. ඔවුන්ට බොහෝ දරුපල ලැබෙන ලෙස එතුමාණෝ ඔවුන්ට ආසිරි දුන් සේක; ඔවුන්ගේ සිවුපාවුන්ගේ ගණන අඩු වන්න ඉඩ නුදුන් සේක. ඉන්පසු දුක් පීඩා හා විපත්ති නිසා ඔවුන්ගේ ගණන අඩු වී ඔව්හු දුබල වූ හ. එතුමාණෝ අධිපතීන් නින්දාවට පත් කොට, මං නැති පාළු තැන්වල මුළා වී යන්න සැලැසූ සේක. එහෙත්, එතුමාණෝ දිළිඳුන් පීඩාවෙන් මුදා උසස් කොට බැටළු රැළක් මෙන් ඔවුන්ගේ පවුල් වැඩි කළ සේක. සුදනෝ ඒ දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; දුදනෝ කලකිරීමට පත්වන්නෝ ය.

ගීතාවලිය 107:17-42 Sinhala New Revised Version 2018 (SNRV)

ඇතැම් අනුවණයෝ තමන්ගේ අපරාධ නිසාත්, අයුතුකම් නිසාත් පීඩා විඳිති. ඔවුන්ට සියලු ආකාර කෑම අප්‍රිය වේ; ඔව්හු මරුමුවට ළං ව සිටියෝ ය. එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ගේ විපතින් ඔවුන් ගළවාගත් සේක. එතුමාණෝ සිය වදනින් ඔවුන් සුවපත් කළ සේක. ඔවුන් මරණින් ගොඩගත් සේක. සමිඳුන්ගේ තිර පෙම ද මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ද ගැන මනුෂ්‍යයෝ එතුමාණන්ට තුති පුදත් වා! ඔව්හු තුති පූජා පුදත් වා! ප්‍රීති ගී ගයා එතුමාණන්ගේ ක්‍රියා ප්‍රකාශ කරත් වා! සමහරු නැව්වලින් සමුදුර තරණය කරති; මෙලෙස සිය ජීවිකාව සඳහා වෙළෙඳාම් කරති. ඔව්හු සමිඳුන්ගේ ක්‍රියා ද මුහුද මත එතුමාණෝ කළ අරුමපුදුම දේ ද දකිති. මන්ද, එතුමාණෝ අණ දෙමින් එහි රැළ නංවන චණ්ඩ මාරුතය හටගැන්වූ සේක. නැව් අහස උඩට විසි වී ගැඹුරේ පතිත විය. ඒ විපතින් නැවියෝ අධෛර්යයට පත් වූ හ. ඔව්හු බේබද්දන් මෙන් වීසි වෙමින් වැනි වැනී ගියහ. ඔවුන්ගේ දස්කමින් පලක් නො වී ය. එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ට පැමිණි විපතින් ඔවුන් මුදාගත් සේක. එතුමාණෝ කුණාටුව සංසිඳෙවු සේක. එවිට මුහුදේ රැළ නිසල විය. නිසලතාව ඇති වූ බැවින් ඔව්හු සතුටු වූ හ. එතුමාණෝ ඔවුන් අදහස් කළ වරායට ඔවුන් පැමිණෙවු සේක. සමිඳුන්ගේ තිර පෙම හා මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ එතුමාණන්ට තුති පුදත් වා! ඔව්හු මහා සභාව මැද එතුමාණන්ගේ ශ්‍රේෂ්ඨත්වය පසසත් වා! ප්‍රජා මූලිකයන්ගේ රැස්වීමේ දී එතුමාණන්ට ප්‍රශංසා කරත් වා! එතුමාණෝ ගංගා වැලි කතරට හරවන සේක; දිය උල්පතක් වියළි බිමක් කරන සේක. එතුමාණෝ සරු බිම ලුණු කතරක් කරන සේක. ඊට හේතුව වැසියන්ගේ අපරාධ වන්නේ ය. එතුමාණෝ කාන්තාරය දිය පොකුණක් කරන සේක; වියළි බිමක් දිය උල්පතක් ද කරන සේක; සාගිනි වූවන් එහි වාසය කරවූ සේක; ඔව්හු ජීවත් වීමට සුදුසු නුවරක් සෑදුවෝ ය. ඔව්හු කෙත් වපුරා මිදි වතු වගා කළෝ ය; එයින් සරු අස්වැන්න ලබාගත්හ. ඔවුන්ට බොහෝ දරුපල ලැබෙන ලෙස එතුමාණෝ ඔවුන්ට ආසිරි දුන් සේක; ඔවුන්ගේ සිවුපාවුන්ගේ ගණන අඩු වන්න ඉඩ නුදුන් සේක. ඉන්පසු දුක් පීඩා හා විපත්ති නිසා ඔවුන්ගේ ගණන අඩු වී ඔව්හු දුබල වූ හ. එතුමාණෝ අධිපතීන් නින්දාවට පත් කොට, මං නැති පාළු තැන්වල මුළා වී යන්න සැලැසූ සේක. එහෙත්, එතුමාණෝ දිළිඳුන් පීඩාවෙන් මුදා උසස් කොට බැටළු රැළක් මෙන් ඔවුන්ගේ පවුල් වැඩි කළ සේක. සුදනෝ ඒ දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; දුදනෝ කලකිරීමට පත්වන්නෝ ය.

ගීතාවලිය 107:17-42 New International Version (NIV)

Some became fools through their rebellious ways and suffered affliction because of their iniquities. They loathed all food and drew near the gates of death. Then they cried to the LORD in their trouble, and he saved them from their distress. He sent out his word and healed them; he rescued them from the grave. Let them give thanks to the LORD for his unfailing love and his wonderful deeds for mankind. Let them sacrifice thank offerings and tell of his works with songs of joy. Some went out on the sea in ships; they were merchants on the mighty waters. They saw the works of the LORD, his wonderful deeds in the deep. For he spoke and stirred up a tempest that lifted high the waves. They mounted up to the heavens and went down to the depths; in their peril their courage melted away. They reeled and staggered like drunkards; they were at their wits’ end. Then they cried out to the LORD in their trouble, and he brought them out of their distress. He stilled the storm to a whisper; the waves of the sea were hushed. They were glad when it grew calm, and he guided them to their desired haven. Let them give thanks to the LORD for his unfailing love and his wonderful deeds for mankind. Let them exalt him in the assembly of the people and praise him in the council of the elders. He turned rivers into a desert, flowing springs into thirsty ground, and fruitful land into a salt waste, because of the wickedness of those who lived there. He turned the desert into pools of water and the parched ground into flowing springs; there he brought the hungry to live, and they founded a city where they could settle. They sowed fields and planted vineyards that yielded a fruitful harvest; he blessed them, and their numbers greatly increased, and he did not let their herds diminish. Then their numbers decreased, and they were humbled by oppression, calamity and sorrow; he who pours contempt on nobles made them wander in a trackless waste. But he lifted the needy out of their affliction and increased their families like flocks. The upright see and rejoice, but all the wicked shut their mouths.