ගීතාවලිය 107:13-15
ගීතාවලිය 107:13-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ; උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක. උන්වහන්සේ අන්ධකාරයේ හා මරණාන්ධකාර ගැඹුරින් ඔවුන් ඉවතට ගත් සේක; ඔවුන් බැඳි බැඳුම්, බිඳ දැමූ සේක. ඔවුහු උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැනත්, මිනිසුන් උදෙසා වූ උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැනත් ස්වාමින්වහන්සේට ස්තුති කරත්වා!
ගීතාවලිය 107:13-15 Sinhala Revised Old Version (SROV)
එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගැසුවෝය, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් ගැළෙවුසේක. උන්වහන්සේ අඳුරෙන්ද මරණ සෙවණෙන්ද ඔවුන් පිටතට ගෙන, ඔවුන්ගේ බැමි බින්දසේක. ස්වාමීන්ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා.
ගීතාවලිය 107:13-15 Sinhala New Revised Version (NRSV)
එවිට ඔව්හු තම විපතේ දී සමිඳුන්ට මොරගැසුවෝ ය. එතුමාණෝ ඔවුන්ට පැමිණි විපතින් ඔවුන් ගළවාගත් සේක. එතුමාණෝ තිත්ත කළුවරින් ඔවුන් පිටතට ගෙන, ඔවුන්ගේ යදම් බිඳදැමූ සේක. සමිඳුන්ගේ තිර පෙම ද මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ද ගැන මනුෂ්‍යයෝ එතුමන්ට තුති පුදත් වා!
ගීතාවලිය 107:13-15 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට ඔව්හු තම විපතේ දී සමිඳුන්ට මොරගැසුවෝ ය. එතුමාණෝ ඔවුන්ට පැමිණි විපතින් ඔවුන් ගළවාගත් සේක. එතුමාණෝ තිත්ත කළුවරින් ඔවුන් පිටතට ගෙන, ඔවුන්ගේ යදම් බිඳදැමූ සේක. සමිඳුන්ගේ තිර පෙම ද මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ද ගැන මනුෂ්‍යයෝ එතුමාණන්ට තුති පුදත් වා!
ගීතාවලිය 107:13-15 New International Version (NIV)
Then they cried to the LORD in their trouble, and he saved them from their distress. He brought them out of darkness, the utter darkness, and broke away their chains. Let them give thanks to the LORD for his unfailing love and his wonderful deeds for mankind