ගීතාවලිය 107:1-6
ගීතාවලිය 107:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේට තුති පුදන්න; මන්ද උන්වහන්සේ යහපත් ය; උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදා පවතින්නේ ය. ස්වාමින්වහන්සේගෙන් මිදීම ලද්දෝ, සතුරු අතින් උන්වහන්සේ මිදූ අය එසේ කියත්වා! උන්වහන්සේ දේශ-දේශාන්තර වෙතින්, එනම්, නැගෙනහිරින් හා බටහිරින් ද උතුරින් හා දකුණින් ද ඔවුන් එක් රැස් කළ සේක. ඇතැම්හු පදිංචියට සුදුසු නගරයක් සොයාගත නො හැකි ව කාන්තාර මුඩුබිම්හි මංමුළා ව ගියහ. ඔවුහු සාගින්නෙන් ද පිපාසයෙන් ද යුතු වූවෝ, ශක්තිය පිරිහී බෙලහීන ව සිටියෝ ය. එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ; උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක.
ගීතාවලිය 107:1-6 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. ස්වාමීන් විසින් මුදනලද්දෝ එසේ කියත්වා. මක්නිසාද උන්වහන්සේ එදිරිකාරයාගේ අතින් ඔවුන් මුදා, දේශවලින් එනම් නැගෙනහිරින් හා බස්නාහිරින්ද උතුරෙන් හා දකුණෙන්ද ඔවුන් රැස්කොට ගත්සේක. ඔව්හු වනාන්තරයෙහි කාන්තාර මාර්ගයක මුළාව ගියෝය; වාසයට නුවරක් නොලැබුවෝය. සයින් පීඩිතව පිපාසිතව, ඔවුන්ගේ ආත්මය ඔවුන් තුළ ක්ලාන්තවිය. එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගැසුවෝය, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් මුදාගත්සේක.
ගීතාවලිය 107:1-6 Sinhala New Revised Version (NRSV)
සමිඳුන් හට තුති පුදන්න. එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. සමිඳුන් විසින් මුදන ලද්දෝ ඒ වදන් යළි යළිත් කියත් වා! මන්ද, එතුමාණෝ පීඩාකරුගේ අතින් ඔවුන් මිදූ සේක. එතුමාණෝ විදෙස් රටවලින් ද නැගෙනහිරෙන් හා බස්නාහිරෙන් ද උතුරෙන් හා දකුණෙන් ද ඔවුන් එක් රැස් කළ සේක. සමහරු වල් බිහි වූ පාළුකරයේ වල්මත් වූ හ. විසීමට නගරයක් ඔවුන්ට සොයාගත නොහැකි විය. සාගින්නෙන් හා පිපාසයෙන් පෙළී ඔව්හු ක්ලාන්තයෙන් බෙලහීන වූ හ. එවිට, ඔව්හු තම විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ගේ විපතින් ඔවුන් මුදාගත් සේක.
ගීතාවලිය 107:1-6 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ හට තුති පුදන්න. එතුමාණෝ යහපත් ය; එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. සමිඳුන් විසින් මුදන ලද්දෝ ඒ වදන් යළි යළිත් කියත් වා! මන්ද, එතුමාණෝ පීඩාකරුගේ අතින් ඔවුන් මිදූ සේක. එතුමාණෝ විදෙස් රටවලින් ද නැගෙනහිරෙන් හා බස්නාහිරෙන් ද උතුරෙන් හා දකුණෙන් ද ඔවුන් එක් රැස් කළ සේක. සමහරු වල් බිහි වූ පාළුකරයේ වල්මත් වූ හ. විසීමට නගරයක් ඔවුන්ට සොයාගත නොහැකි විය. සාගින්නෙන් හා පිපාසයෙන් පෙළී ඔව්හු ක්ලාන්තයෙන් බෙලහීන වූ හ. එවිට, ඔව්හු තම විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ගේ විපතින් ඔවුන් මුදාගත් සේක.
ගීතාවලිය 107:1-6 New International Version (NIV)
Give thanks to the LORD, for he is good; his love endures forever. Let the redeemed of the LORD tell their story— those he redeemed from the hand of the foe, those he gathered from the lands, from east and west, from north and south. Some wandered in desert wastelands, finding no way to a city where they could settle. They were hungry and thirsty, and their lives ebbed away. Then they cried out to the LORD in their trouble, and he delivered them from their distress.

