ගීතාවලිය 105:16-22
ගීතාවලිය 105:16-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ දේශය පිට සාගතය කැඳවා, ඔවුන්ගේ සැපයුම්, සිඳ දැමූ සේක. උන්වහන්සේ ඔවුනට පෙරටුව මිනිසකු පිටත් කර යැවූ සේක. ඒ, වහලකු වශයෙන් විකුණන ලද යෝසෙප් ය. ඔහුගේ පා විලංගු ලූ ඔවුහු, ඔහුගේ ගෙල යදමින් බැන්දහ. ඔහු අනාවැකියෙන් පවසා තිබූ දෑ ඉටු වන තෙක්, ස්වාමින්වහන්සේගේ වචනය මගින් ඔහු සෝදිසි කරන ලදී. එවිට රජු, ඔහු නිදහස් කරවූයේ ය; ජාතීන්ගේ ආණ්ඩුකාරයා ඔහු නිදහස් කර යැවී ය. රජු තම ගෘහ වාසීන්ගේ ස්වාමියා වශයෙන්, තමන් සන්තක සියල්ලේ ආණ්ඩුකාරයා වශයෙන් ඔහු පත් කළේ, ඔහුට රිසි පරිදි රජුගේ අධිපතීනට උපදෙස් දෙන පිණිසත්, රජුගේ වැඩිහිටියනට ප්‍රඥාව උගන්වන පිණිසත් ය.
ගීතාවලිය 105:16-22 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ දේශයට දුර්භික්ෂයක් පමුණුවා, මුළු ආහාර වෘත්තිය සිඳදැමූසේක. ඔවුන්ට පෙරටුව මනුෂ්‍යයෙකු යැවූසේක; යෝසෙප් දාසයෙක් කොට විකුණන ලද්දේය. ඔව්හු ඔහුගේ පාද විලංගු ලා රිදෙවුවෝය; ඔහු යදම්වලින් බඳිනලද්දේය. ඔහුගේ වචනය සිදුවන තෙක් ස්වාමීන්ගේ වාක්‍යය ඔහු පරීක්ෂාකෙළේය. රජතෙම මනුෂ්‍යයන් යවා ඔහු මිදුවේය; එසේය, මනුෂ්‍ය වර්ගයන්ගේ ආණ්ඩුකාරයා ඔහු නිදහස්කර ඇරියේය. තමාගේ ආණ්ඩුකාරයන් කැමතිලෙස බඳින්ටත්, තමාගේ මන්ත්‍රීන්ට නුවණ දෙන්ටත්, තමාගේ ගෙට ස්වාමියෙක්ද තමාගේ සියලු සම්පත්තියට අධිපතියෙක්ද කොට ඔහු පත්කෙළේය.
ගීතාවලිය 105:16-22 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ දේශයට සාගතයක් පැමිණෙවූ සේක; කෑම අහේනියක් ඇති කරවූ සේක. එහෙත්, එතුමාණෝ ඔවුන්ට පෙරටු ව මිනිසෙකු යැවූ සේක. එනම්, වහල්කමට විකුණන ලද ජෝසෙප් ය. ඔහුගේ පාදවලට විලංගු දමන ලදී; ගෙල වටා යකඩ වළල්ලක් දමන ලදී. ඔහු කී අනාගත කීම ඉටු වන තුරු සමිඳුන්ගේ අතින් ඔහු පරීක්ෂා කරන ලදී. එවිට මිසරයේ රජ ඔහු මුදා හරින්නට අණ කෙළේ ය. ජාතීන්ගේ පාලකයා ඔහු නිදහස් කෙළේ ය. රජතුමා රාජකාරිය ඔහුට භාර දුන්නේ ය. මුළු දේශයේ ආණ්ඩුකාරයා ලෙස ඔහු පත් කෙළේ ය. රජතුමා නිලධාරීන්ට නිදහසේ උවදෙස් දීම ඔහුට පැවැරී ය. මන්ත්‍රීවරුන්ට අනුශාසනා දීමේ අවසර ඔහුට ලැබුණේ ය.
ගීතාවලිය 105:16-22 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණෝ දේශයට සාගතයක් පැමිණෙවූ සේක; කෑම අහේනියක් ඇති කරවූ සේක. එහෙත්, එතුමාණෝ ඔවුන්ට පෙරටු ව මිනිසෙකු යැවූ සේක. එනම්, වහල්කමට විකුණන ලද ජෝසෙප් ය. ඔහුගේ පාදවලට විලංගු දමන ලදී; ගෙල වටා යකඩ වළල්ලක් දමන ලදී. ඔහු කී අනාගත කීම ඉටු වන තුරු සමිඳුන්ගේ අතින් ඔහු පරීක්ෂා කරන ලදී. එවිට මිසරයේ රජ ඔහු මුදා හරින්නට අණ කෙළේ ය. ජාතීන්ගේ පාලකයා ඔහු නිදහස් කෙළේ ය. රජතුමා රාජකාරිය ඔහුට භාර දුන්නේ ය. මුළු දේශයේ ආණ්ඩුකාරයා ලෙස ඔහු පත් කෙළේ ය. රජතුමා නිලධාරීන්ට නිදහසේ උවදෙස් දීම ඔහුට පැවැරී ය. මන්ත්‍රීවරුන්ට අනුශාසනා දීමේ අවසර ඔහුට ලැබුණේ ය.
ගීතාවලිය 105:16-22 New International Version (NIV)
He called down famine on the land and destroyed all their supplies of food; and he sent a man before them— Joseph, sold as a slave. They bruised his feet with shackles, his neck was put in irons, till what he foretold came to pass, till the word of the LORD proved him true. The king sent and released him, the ruler of peoples set him free. He made him master of his household, ruler over all he possessed, to instruct his princes as he pleased and teach his elders wisdom.