ගීතාවලිය 104:10-24

ගීතාවලිය 104:10-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මිටියාවතට ගලා හැලෙන්නට ඔබ නිම වූ දිය දහරා කඳු අතරින් රිංගා ගලා යයි. බැද්දේ සතා සීපා සියල්ලනට ඒවා ජලය සපයයි; වනගත බූරුවෝ ඒවායින් බී පිපාස සංසිඳුවා ගනිති. ආකාශ පක්ෂීහු ඒ දිය පාර අද්දර කූඩු තනා, අතු පතර හිඳ ගී ගයති. උන්වහන්සේගේ උදාර වාස භවනේ සිට උන්වහන්සේ කඳුවලට ජලය සපයන සේක; උන්වහන්සේගේ වැඩවල පලයෙන්, මහ පොළොව තෘප්තිමත් වෙයි. ඔබවහන්සේ ගව ආදී සතුන් සඳහා තෘණ වැඩෙන්නට සැලසූ සේක්; මිනිසාට වගා කරනට ගස් වැල් දුන් සේක; ඒවා පොළොවෙන් අහර හටගැන්වීමට ය; එනම්, මිනිසාගේ හද ඔකඳ කරන මිදි යුෂ ද ඔහුගේ වත එළිය කරවන තෙල් ද ඔහුගේ ගත සවිගන්වන ධාන්‍ය ද සඳහා ය. ස්වාමින්වහන්සේගේ ගස්, එනම්, උන්වහන්සේ සිට වූ ලෙබනොන්හි දේවදාර ගස්වලට, මනාව ජලය සැපයේ. කුරුලු-කිරිලි, ඒවායේ තම කැදලි තනා ගනිති; කොක්කු, සයිප්‍රස් ගස් තම නිවෙස් කර ගනිති. උස් ගිරි ශිඛර හිමි වල්එළුවන්ට ය; පර්වත කූට සාවුන්ගේ සුරැකුම් පොළවල් ය. ඔබ සඳු නිර්මාණ කළේ, කාල, සෘතු දක්වන්නට ය. බැස යා යුතු වේලාව හිරු දනියි. ඔබ අන්ධකාරය ගෙන එයි, එය රාත්‍රියයි, එවිට වනයේ මෘගයෝ එළියට ඇදෙති. නාඹර සිංහයෝ ගොදුර ගැන ගොරවමින්, දෙවියන්වහන්සේගෙන් තම කෑම ඉල්ලති. හිරු නැගෙනා කල උන් හීන් සැරේ ඇදී ගොස්, ආපසු අවුත් තම ලෙන් තුළ ලැග ගනිති. එවිට මිනිසා තම වැඩට පිටත් ව යයි; සවස් වන තුරු ඔහු වෙහෙස වෙයි. ඔබගේ නිමැවුම් කොතරම් අපමණ ද! අහෝ ස්වාමින්වහන්ස, ඒ සියල්ල ඔබ නිමවා ඇත්තේ ප්‍රඥාවෙනි. මේ මුළු පොළොව ඔබ මැවූ සියල්ලන්ගෙන් පිරී ඇත.

ගීතාවලිය 104:10-24 Sinhala Revised Old Version (SROV)

උන්වහන්සේ මිටියාවත්වලට උල්පත් යවනසේක. ඒවා කඳු අතරේ ගලායයි. ඒවා වනයේ සියලු මෘගයන්ට පැන් දෙයි; වල් කොටළුවෝ එයින් පිපාසා සන්සිඳුවාගනිති. ඒවා අද්දර ආකාශ පක්ෂීහු වැස, අතු අතරේ නාදකෙරෙති. උන්වහන්සේ තමන් උඩුමහල්වලින් කඳු තෙමනසේක. පොළොව ඔබගේ ක්‍රියාවල ඵලයෙන් තෘප්තියට පැමිණෙන්නීය. උන්වහන්සේ පොළොවෙන් කෑම හටගන්වන පිණිස සිව්පාවුන්ට තණකොළත්, මනුෂ්‍යයාගේ ප්‍රයෝජනයට පලා ජාතිත්, මනුෂ්‍යයාගේ සිත සතුටුකරන මුද්‍රිකපානයත්, ඔහුගේ මුහුණ පැහැපත්කරන්ට තෙලුත්, සිත ශක්තිමත්කරන ආහාරත් හටගන්වනසේක. ස්වාමීන්ගේ වෘක්ෂයෝ, එනම් උන්වහන්සේ සිටෙවු, ලෙබනොන්හි කිහිරි වෘක්ෂයෝ, තෘප්තියට පැමිණෙති; එහි කුරුල්ලෝ කූඩු සාදාගනිති. මානකොකාගේ ගෙය නම් දේවදාර ගස්ය. උස් කඳු වල් එළුවන්ටය; පර්වත සාවුන්ට ආරක්ෂාස්ථානයක්වේ. උන්වහන්සේ කාල විශේෂ පිණිස සඳ සෑදූසේක. සූර්යයා තමාගේ බැසයාම දනියි. ඔබ අඳුර පමුණුවනසේක, එවිට රෑවේ; එකල වනයේ සියලු මෘගයෝ බැහැරයති. තරුණ සිංහයෝ ගොදුරු ගැන ගර්ජනාකරමින්, දෙවියන්වහන්සේගෙන් කෑම ඉල්ලති. හිරු උදාවන කල උන් පහවගොස් උන්ගේ ගුහාවල ලගිති. මනුෂ්‍යයා සවස දක්වා තමාගේ කර්මාන්තයටත් වැඩටත් නික්ම යයි. ස්වාමිනි, ඔබගේ කර්මාන්ත කොපමණ නානාප්‍රකාරද! ඔබ මේ සියල්ල ප්‍රඥාවෙන් සෑදූසේක. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය.

ගීතාවලිය 104:10-24 Sinhala New Revised Version (NRSV)

සමිඳාණෝ මිටියාවත්වල උල්පත් හටගන්වන සේක. ඒවා කඳු අතරේ ගලා යයි. ඒවා සියලු වන සතුන්ට බීමට දිය දෙයි; වල් කොටළුවෝ එයින් පිපාසා සංසිඳුවා ගනිති. ඒවා අසල, අහසේ පක්ෂීහු කැදලි සාදති; අතු අතරේ ගී නද දෙති. එතුමාණෝ අහස් තලයෙන් කඳුකරයට වැසි වස්වන සේක. එතුමන්ගේ ආසිරිවලින් පොළොව සාරවත් වන්නේ ය, එතුමාණෝ, සිවුපාවුන්ට තණ කොළත්, මිනිසුන්ගේ ප්‍රයෝජනයට ගස් කොළත් පොළොවේ වැඩෙන්නට සලසන සේක. මිනිසාට ආහාර නිපදවන සේක. තවද, ඔබ මිනිසාගේ හද සතුටු කරන මිදියුස ද වත පැහැපත් කරන තෙල ද ගත සවිමත් කරන අහර ද සපයන සේක. සමිඳුන් ම පැළ කරවූ ලෙබනොන්හි කිහිරි ගස්, සමිඳුන්ගේ ම ඒ ගස් බොහෝ වතුර ලබයි. කුරුල්ලෝ ඒ ගස්වල කූඩු සාදාගනිති. මාන කොක්කු දේවදාර ගස් මුදුන්හි කැදලි තනාගනිති. වල් එළුවන්ගේ වාසය උස් කඳුවල වේ. සාවුන්ගේ රැකවරණය පර්වත වේ. මාස වෙන් කර දක්වන පිණිස එතුමාණෝ සඳ සෑදූ සේක; බැස යා යුතු වේලාව හිරු දනියි. ඔබ අඳුර පමුණුවන සේක; එවිට රැය වේ. එකල සියලු වන මෘගයෝ බැහැරට එති. සිංහ පොව්වෝ ගොදුරට සිහ නද කරති. උන් දෙවිඳුන්ගෙන් ගොදුරු ඉල්ලති. හිරු උදා වන කල ඒ සත්තු ආපසු යති; ගුහාවලට වැද ලැගුම් ගනිති. එහෙත් මිනිසා, සවස දක්වා වැඩ කරන පිණිස නික්ම යයි. සමිඳුනි, ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාර ද? ඔබ සියල්ල ප්‍රඥාවෙන් මැවූ සේක. පොළොව ඔබ මැවූ සතුන්ගෙන් පිරී ඇත

ගීතාවලිය 104:10-24 Sinhala New Revised Version 2018 (SNRV)

සමිඳාණෝ මිටියාවත්වල උල්පත් හටගන්වන සේක. ඒවා කඳු අතරේ ගලා යයි. ඒවා සියලු වන සතුන්ට බීමට දිය දෙයි; වල් කොටළුවෝ එයින් පිපාසා සංසිඳුවා ගනිති. ඒවා අසල, අහසේ පක්ෂීහු කැදලි සාදති; අතු අතරේ ගී නද දෙති. එතුමාණෝ අහස් තලයෙන් කඳුකරයට වැසි වස්වන සේක. එතුමාණන්ගේ ආසිරිවලින් පොළොව සාරවත් වන්නේ ය, එතුමාණෝ, සිවුපාවුන්ට තණ කොළත්, මිනිසුන්ගේ ප්‍රයෝජනයට ගස් කොළත් පොළොවේ වැඩෙන්නට සලසන සේක. මිනිසාට ආහාර නිපදවන සේක. තවද, ඔබ මිනිසාගේ හද සතුටු කරන මිදියුස ද වත පැහැපත් කරන තෙල ද ගත සවිමත් කරන අහර ද සපයන සේක. සමිඳුන් ම පැළ කරවූ ලෙබනොන්හි කිහිරි ගස්, සමිඳුන්ගේ ම ඒ ගස් බොහෝ වතුර ලබයි. කුරුල්ලෝ ඒ ගස්වල කූඩු සාදාගනිති. මාන කොක්කු දේවදාර ගස් මුදුන්හි කැදලි තනාගනිති. වල් එළුවන්ගේ වාසය උස් කඳුවල වේ. සාවුන්ගේ රැකවරණය පර්වත වේ. මාස වෙන් කර දක්වන පිණිස එතුමාණෝ සඳ සෑදූ සේක; බැස යා යුතු වේලාව හිරු දනියි. ඔබ අඳුර පමුණුවන සේක; එවිට රැය වේ. එකල සියලු වන මෘගයෝ බැහැරට එති. සිංහ පොව්වෝ ගොදුරට සිහ නද කරති. උන් දෙවිඳුන්ගෙන් ගොදුරු ඉල්ලති. හිරු උදා වන කල ඒ සත්තු ආපසු යති; ගුහාවලට වැද ලැගුම් ගනිති. එහෙත් මිනිසා, සවස දක්වා වැඩ කරන පිණිස නික්ම යයි. සමිඳුනි, ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාර ද? ඔබ සියල්ල ප්‍රඥාවෙන් මැවූ සේක. පොළොව ඔබ මැවූ සතුන්ගෙන් පිරී ඇත