හිතෝපදේශ 9:1-6
හිතෝපදේශ 9:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ප්‍රඥාව ඇගේ නිවස ගොඩ නගන්නී, එහි කුලුනු හත ඉදිකර ගත්තී ය. ඈ මස් මාංස පිළියෙල කොට, මිදි යුෂ පදමට මිශ්‍ර කර, ඇගේ සංග්‍රහ මේසය සූදානම් කොට ඇත. ඈ තම පරිවාර ළඳුන් පිටත් කර යවමින්, පුරවරයේ උස ම තැන සිට මෙසේ නිවේදන කළා ය: “අඥාන සියල්ලෙනි, මෙහෙ පැමිණෙන්න.” විචාර බුද්ධිය නැතියවුනට ඈ මෙසේ කියන්නී ය: “එන්න, මගේ කෑම කන්න; මා පදම් කර ඇති මිදි යුෂ බොන්න. ඔබගේ අනුවණ මාර්ග අතහරින්න, එවිට ඔබ ජීවත් වනු ඇත; අවබෝධ මාර්ගයේ ගමන් කරන්න.”
හිතෝපදේශ 9:1-6 Sinhala Revised Old Version (SROV)
ප්‍රඥාතොමෝ ඇගේ ගෙය ගොඩනගා, ඇගේ කුළුනු සත කපා තිබේ. ඇගේ සතුන් මරා, ඇගේ මුද්‍රිකපානය මිශ්‍රකොට, ඇගේ මේසයද පිළියෙළකර තිබේ. ඇගේ තරුණියන් ඈ පිටත්කර හැර: අනුවණවූ කවුරු නුමුත් මෙහි හැරී ඒවයි නගරයේ උස්තැන්හි සිට මොරගසන්නීය. තේරුම් නැති තැනැත්තාට ඈ මෙසේ කියයි: එන්න, මාගේ කෑමෙන් කා, මා පෙරා තිබෙන මුද්‍රිකපානයෙන් බොන්න. මෝඩකම් අත්හැර ජීවත්වෙන්න; ප්‍රඥා මාර්ගයෙහි යන්න.
හිතෝපදේශ 9:1-6 Sinhala New Revised Version (NRSV)
ප්‍රඥාව ඇගේ මන්දිරය ඉදි කර ඇත, එහි කුළුණු සතක් සාදා ඇත. සතුන්ගේ මසින් ද රස කැවූ මිදිරසයෙන් ද ඇගේ මඟුල් මේසය පිළියෙළ කොට ඇත. තමන් පිටත් කර යැවූ සේවිකාවන් ලවා, නගරයේ ඉහළ ම තැන සිට ඈ මෙසේ ආරාධනා කරන්නී ය: “අනුවණ ජනතාවෙනි, මෙහි පිවිසෙන්න.” මෝඩ මිනිසුන්ට ඈ මෙසේ කියන්නී ය: “එන්න මාගේ බොදුන් අනුභව කොට, රස කැවූ මිදිරස පානය කරන්න. අනුවණකම හැරදමා ජීවත් වන්න; නැණනුවණ මාවතෙහි ගමන් කරන්න.”
හිතෝපදේශ 9:1-6 Sinhala New Revised Version 2018 (SNRV)
ප්‍රඥාව ඇගේ මන්දිරය ඉදි කර ඇත, එහි කුලුණු සතක් සාදා ඇත. සතුන්ගේ මසින් ද රස කැවූ මිදිරසයෙන් ද ඇගේ මඟුල් මේසය පිළියෙළ කොට ඇත. තමන් පිටත් කර යැවූ සේවිකාවන් ලවා, නගරයේ ඉහළ ම තැන සිට ඈ මෙසේ ආරාධනා කරන්නී ය: “අනුවණ ජනතාවෙනි, මෙහි පිවිසෙන්න.” මෝඩ මිනිසුන්ට ඈ මෙසේ කියන්නී ය: “එන්න මාගේ බොදුන් අනුභව කොට, රස කැවූ මිදිරස පානය කරන්න. අනුවණකම හැරදමා ජීවත් වන්න; නැණනුවණ මාවතෙහි ගමන් කරන්න.”
හිතෝපදේශ 9:1-6 New International Version (NIV)
Wisdom has built her house; she has set up its seven pillars. She has prepared her meat and mixed her wine; she has also set her table. She has sent out her servants, and she calls from the highest point of the city, “Let all who are simple come to my house!” To those who have no sense she says, “Come, eat my food and drink the wine I have mixed. Leave your simple ways and you will live; walk in the way of insight.”