හිතෝපදේශ 8:15-18
හිතෝපදේශ 8:15-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
රජවරු මා මගින් රජකම් කරති; පාලකයෝ මා මගින් යුක්ති සහගත නීති පනවති. අධිපතීන් ආණ්ඩුකරන්නේත්, පොළොව මුළුල්ලේ බලධරයින් රට පාලනය කරන්නේත් මා මගිනි. මට ප්‍රේම වන්නන්ට මමත් ප්‍රේම කරන්නෙමි. මා සොයන්නවුන්ට මම සම්භ වන්නෙමි. ධනය ද ගෞරවය ද පවතින සම්පත් හා සෞභාග්‍ය ද මා වෙත ඇත.
හිතෝපදේශ 8:15-18 Sinhala Revised Old Version (SROV)
මා කරණකොටගෙන රජවරු රජකම්කරති, ආණ්ඩුකාරයෝද යුක්තිය නියමකරති. මා කරණකොටගෙන අධිපතීහුද උත්තමයෝද එනම් පොළොවේ සියලු විනිශ්චයකාරයෝද ආණ්ඩුකෙරෙති. මට ප්‍රේමකරන්නන්ට මම ප්‍රේමකරමි; මා සොයන්නන්ට මම සම්බවන්නෙමි; වස්තුවද ගෞරවයද එසේය, පවතින සම්පත්ද ධර්මිෂ්ඨකමද මා වෙත තිබේ.
හිතෝපදේශ 8:15-18 Sinhala New Revised Version (NRSV)
මාගේ පිහිටෙන් භූපතීහු රජකම් කරති; අධිපතීහු සාධාරණ නීති පණවති; මාගේ වරමින් අධිපතීහු රට පාලනය කරති; ලොව සියලු මැති ඇමතිවරු රට ආණ්ඩු කරති. මට පෙම් කරන්නන්ට මමත් පෙම් කරමි, මා සොයන්නන්ට මා සම්බ වනු ඇත. වස්තුව ද ගෞරවය ද අසීමිත සම්පත් ද දැහැමි ජීවිතයේ ආසිරි ද මා වෙත ඇත.
හිතෝපදේශ 8:15-18 Sinhala New Revised Version 2018 (SNRV)
මාගේ පිහිටෙන් භූපතීහු රජකම් කරති; අධිපතීහු සාධාරණ නීති පණවති; මාගේ වරමින් අධිපතීහු රට පාලනය කරති; ලොව සියලු මැති ඇමතිවරු රට ආණ්ඩු කරති. මට පෙම් කරන්නන්ට මමත් පෙම් කරමි, මා සොයන්නන්ට මා සම්බ වනු ඇත. වස්තුව ද ගෞරවය ද අසීමිත සම්පත් ද දැහැමි ජීවිතයේ ආසිරි ද මා වෙත ඇත.
හිතෝපදේශ 8:15-18 New International Version (NIV)
By me kings reign and rulers issue decrees that are just; by me princes govern, and nobles—all who rule on earth. I love those who love me, and those who seek me find me. With me are riches and honor, enduring wealth and prosperity.