හිතෝපදේශ 8:1-3 - Compare All Versions
හිතෝපදේශ 8:1-3 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ප්‍රඥාව උස් හඬින් අමතන්නේ නැති ද? අවබෝධය ඇගේ උස් හඬ නගන්නේ නැති ද? මාර්ගය ඔස්සේ මාවත් එකට හමුවන තැන, උස් තැනක ඈ පිහිටා සිටගනී. පුරවරයට යන පුර දොරටු පසෙක සිට, පුරවර පිවිසුමේ සිට ඈ හඬ නගා මෙසේ කියන්නී ය
හිතෝපදේශ 8:1-3 SROV (Sinhala Revised Old Version)
ප්‍රඥාතොමෝ මොර නොගසන්නීද? ඥානයද ඇගේ හඬ නොනගින්නීද? ඈ මග අසල උස් තැන්වල මුදුනෙත් මංසන්ධිවලත් සිටින්නීය; නගරයට පැමිණෙන වාසල් ළඟත් පිවිසෙන දොරවලත් ඈ ශබ්දනගා කියන්නී
හිතෝපදේශ 8:1-3 NRSV (Sinhala New Revised Version)
ප්‍රඥා තුමීගේ මොරගැසීම අසන්න; ඥානාංගනාවගේ හඬගැසීමට සවන් දෙන්න. ඕ තොමෝ කඳු මුදුන්හි ද පාර අද්දර ද මංසන්දිවල ද සිටින්නී ය. නගරයට පිවිසෙන වාසල් දොරටු ළඟ ඈ හඬ නඟා මෙසේ කියන්නී ය
හිතෝපදේශ 8:1-3 SNRV (Sinhala New Revised Version 2018)
ප්‍රඥා තුමීගේ මොරගැසීම අසන්න; ඥානාංගනාවගේ හඬගැසීමට සවන් දෙන්න. ඕ තොමෝ කඳු මුදුන්හි ද පාර අද්දර ද මංසන්දිවල ද සිටින්නී ය. නගරයට පිවිසෙන වාසල් දොරටු ළඟ ඈ හඬ නඟා මෙසේ කියන්නී ය
හිතෝපදේශ 8:1-3 NIV (New International Version)
Does not wisdom call out? Does not understanding raise her voice? At the highest point along the way, where the paths meet, she takes her stand; beside the gate leading into the city, at the entrance, she cries aloud