හිතෝපදේශ 6:1-5
හිතෝපදේශ 6:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මා පුත, ඔබේ අසල්වැසියා උදෙසා ඔබ ඇපකරුවකු වී නම්, අනෙකකු වෙනුවෙන් අත තබා දිවුරුවේ නම්, ඔබ කී දෙයකින් පටලැවිල්ලකට මැදි වී, ඔබේ මුවේ වචන නිසා උගුලකට හසු වී නම්, මා පුත, ඔබේ අසල්වැසියාගේ අත්වලට ඔබ එසේ හසු වී සිටී නම්, මෙසේ කර ගැලවී ගන්න: ඔබ ම ගොස්, ඔහු ඉදිරියේ යටහත් වී, ඔබේ අසල්වැසියාට කරුණු කියමින් බල කරන්න. ඔබේ ඇසට නින්ද නො දී, ඔබේ ඇහිපිය නිදි බර නො වී, දඩයක්කරුගේ අතින් මිදී යන තිත් මුවකු පරිද්දෙන්, කුරුලු දඩයම්කරුගේ උගුලින් පැන යන කුරුල්ලකු පරිද්දෙන් නිදහස් ව යන්න.
හිතෝපදේශ 6:1-5 Sinhala Revised Old Version (SROV)
මාගේ පුත්රය, නුඹේ අසල්වාසියාට නුඹ ඇපවී, අන් කෙනෙකු උදෙසා නුඹේ අත් ගසා, නුඹේ මුඛයේ කීම්වලින් පටලැවී, නුඹේ මුඛයේ කීම්වලින් අසුවී සිටින්නෙහි නම්, මාගේ පුත්රය, නුඹේ අසල්වාසියා අතට නුඹ අසුවී සිටින නිසා, මෙසේ කොට ගැළවීයන්න: නුඹ ගොස් නුඹේ අසල්වාසියාගේ පාමුල වැටී කන්නලව්කරන්න. නුඹේ ඇස්වලට නින්දවත් නුඹේ ඇසිපියවලට නිදිබරවත් නොදී, දඩයක්කාරයාගේ අතින් තිත්මුවෙකුමෙන්ද පක්ෂි වැද්දාගේ අතින් පක්ෂියෙකු මෙන්ද ගැළවීයන්න.
හිතෝපදේශ 6:1-5 Sinhala New Revised Version (NRSV)
මාගේ පුත්රය, ඔබ මිතුරෙකුට ඇප වී, අන් අයෙකු උදෙසා අත්තිකාරමක් දී, ඔබේ වචනවලට අසු වී, ඔබේ පොරොන්දුවලට මැදි වී සිටින්නෙහි ද? මාගේ පුත්රය, එසේ අසු වී සිටින්නෙහි නම්, මා කියන දේ කර ගැළවී යන්න; ඔබ ගොස්, ඔහුගේ දෙපා ළඟ වැටී පෙරැත්ත කරන්න. නිදි නොගෙන, කිරා නොවැටී, දඩයක්කාරයෙකු අතින් පැන දුවන තිත් මුවෙකු මෙන් ද උගුලක් ඇටවූ වැද්දෙකු අතින් ඉගිළී යන කුරුල්ලෙකු මෙන් ගැළවී යන්න.
හිතෝපදේශ 6:1-5 Sinhala New Revised Version 2018 (SNRV)
මාගේ පුත්රය, ඔබ මිතුරෙකුට ඇප වී, අන් අයෙකු උදෙසා අත්තිකාරමක් දී, ඔබේ වචනවලට අසු වී, ඔබේ පොරොන්දුවලට මැදි වී සිටින්නෙහි ද? මාගේ පුත්රය, එසේ අසු වී සිටින්නෙහි නම්, මා කියන දේ කර ගැළවී යන්න; ඔබ ගොස්, ඔහුගේ දෙපා ළඟ වැටී පෙරැත්ත කරන්න. නිදි නොගෙන, කිරා නොවැටී, දඩයක්කාරයෙකු අතින් පැන දුවන තිත් මුවෙකු මෙන් ද උගුලක් ඇටවූ වැද්දෙකු අතින් ඉගිළී යන කුරුල්ලෙකු මෙන් ගැළවී යන්න.
හිතෝපදේශ 6:1-5 New International Version (NIV)
My son, if you have put up security for your neighbor, if you have shaken hands in pledge for a stranger, you have been trapped by what you said, ensnared by the words of your mouth. So do this, my son, to free yourself, since you have fallen into your neighbor’s hands: Go—to the point of exhaustion— and give your neighbor no rest! Allow no sleep to your eyes, no slumber to your eyelids. Free yourself, like a gazelle from the hand of the hunter, like a bird from the snare of the fowler.