හිතෝපදේශ 5:3-10
හිතෝපදේශ 5:3-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අනාචාර ගැහැණියකගේ තොල්වලින් මී පැණි වෑහේ; ඇගේ කතාව තෙල්වලටත් වඩා සුමුදු ය. එහෙත් අවසානයේදී ඇය කොහොඹ මෙන් තිත්ත වනු ඇත; දෙමුවහත් කඩුවක් මෙන් මාරක වනු ඇත. ඇගේ දෙපා බැස යන්නේ, මරණය වෙතට ය; ඇගේ පියවර ඇදී යන්නේ මිනී වළට ය. ජීවනයේ මාර්ගය ගැන ඇගේ කිසි සැලකිල්ලක් නැත. ඇගේ මාවත් ඇද ය, එහෙත් ඈ ඒ වග නො දන්නී ය. එබැවින් දැන්, මා පුතුනි, මට සවන් දෙන්න; මා පවසන දෙයින් ඉවත නො හැරෙන්න. ඇගේ මාවතින් ඈත් ව සිටින්න; ඇගේ නිවසේ දොර අසලටවත් නො යන්න. ඔබගේ ශක්තියේ පල අනුනට නො දේවා! කෘෘරවූවන්ට, ඔබගේ ජීවිත අවුරුදු පාවා නො දේවා! ඔබගේ ධනය අන්‍යයන්ගේ විනෝදය පිණිස නො වේවා! ඔබගේ වෙහෙස මහන්සිය, පිට ගෙදරක් ධනවත් නො කෙරේවා!
හිතෝපදේශ 5:3-10 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද අන් ස්ත්‍රියෙකුගේ තොල්වලින් මීපැණි වෑස්සෙන්නේය, ඇගේ මුඛය තෙල්වලටත් වඩා සිනිඳුය. එහෙත් ඇගේ අන්තිමය කොසඹ මෙන් තික්තව, දෙමුවහත් කඩුවක් මෙන් තියුණුව තිබේ. ඇගේ පාද මරණයට බසින්නේය; ඇගේ අඩි ෂෙයෝලටම පැමිණෙන්නේය. ඈට ජීවනයේ මාවත නොපෙනෙන ලෙස ඇගේ පාරවල් ඇදව තිබේ, ඈ ඒ බව නොදන්නීය. එබැවින් මාගේ පුත්‍රයෙනි, මට ඇහුම්කන්දී, මාගේ මුඛයේ කීම්වලින් ඉවත් නොවී සිටින්න. නුඹේ ශෝභනකම අනුන්ටත් නුඹේ අවුරුදු කෲර අයටත් නොදෙන පිණිසද, නුඹේ සම්පතින් අන්‍යයන් තෘප්තියට නොපැමිණෙන පිණිසද, නුඹේ වීර්යයේ ඵල අන්‍ය ගෙදරකට නොලැබෙන පිණිසද, අන්තිමේදී නුඹේ මාංසයද ශරීරයද ක්ෂයවන කල නුඹ කෙඳිරිගා
හිතෝපදේශ 5:3-10 Sinhala New Revised Version (NRSV)
වෙසඟනගේ දෙතොලින් මී පැණි වෑහෙයි; ඇගේ තෙපුල් ඔලීව තෙලට වඩා සුමුදු ය; එහෙත් ඒවා අවසානයේ දී දිවි කදුරු මෙන් තිත්ත වනු ඇත; දෙපිට කැපෙන කඩුපතක් මෙන් තියුණු වනු ඇත. ඇගේ දෙපා මරණය බලා යයි; ඇගේ පියවර පාතාල ලෝකයට යයි; ඇය ජීවන මාර්ගය ගැන නොසලකයි; ඇගේ ක්‍රියා මාර්ග අස්ථිර ය, වගකීමෙන් තොර ය. එබැවින් මාගේ පුත්‍රය, මට සවන් දෙන්න; මා පවසන ඔවා වදනින් ඈත් ව නොසිටින්න. එවැනි ගැහැණියකගෙන් දුරු වී සිටින්න; ඇගේ දොරකඩට වත් නොයන්න. එසේ යාමෙන්, ඔබේ ගෞරවය අනුන් ඉදිරියේ නැති කරගනු ඇත. ඔබේ ආයු නපුරු අය නිසා කෙටි වනු ඇත. ඔබේ සැපසම්පතින් වෙන අය තෘප්තියට පත් වනු ඇත. ඔබ වැරවීරියෙන් උපයන දේ අන් ගෙදරකට අත් වනු ඇත.
හිතෝපදේශ 5:3-10 Sinhala New Revised Version 2018 (SNRV)

හිතෝපදේශ 5:3-10 New International Version (NIV)
For the lips of the adulterous woman drip honey, and her speech is smoother than oil; but in the end she is bitter as gall, sharp as a double-edged sword. Her feet go down to death; her steps lead straight to the grave. She gives no thought to the way of life; her paths wander aimlessly, but she does not know it. Now then, my sons, listen to me; do not turn aside from what I say. Keep to a path far from her, do not go near the door of her house, lest you lose your honor to others and your dignity to one who is cruel, lest strangers feast on your wealth and your toil enrich the house of another.