හිතෝපදේශ 5:17-19 - Compare All Versions

හිතෝපදේශ 5:17-19 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඒවා ඔබට පමණක් ම වේවා! අන්‍යයන් හා ඊට පංගුකාරකමක් කිසි දා නො තිබේවා! ඔබේ උල්පතට ආශිර්වාද ලැබේවා! තුරුණු වියේ ඔබේ බිරිඳ සමඟ ඔබ ප්‍රීතිය විඳ ගනීවා! සෙනෙහෙබර මුව දෙනක වැනි, සුන්දර මුව දෙනක වැනි, ඇගේ පියයුරුවලින් හැම විට ඔබ සැනසේවා! ඇගේ ආදරයෙන් හැමදා ඔබ බැඳ ගනු ලැබේවා!

බෙදාගන්න
හිතෝපදේශ 5 SCV

හිතෝපදේශ 5:17-19 SROV (Sinhala Revised Old Version)

ඒවා නුඹ සමඟ අන්‍යයන්ට නොව නුඹට පමණක්ම වේවා. නුඹේ උල්පතට ආශීර්වාද ලැබේවා; නුඹේ යෞවන වයසේ භාර්යාව කෙරෙහිම ප්‍රීතිවෙන්න. ප්‍රේමවත් මුවදෙනකු සහ ප්‍රියකරු වැලිමුවදෙනකු මෙන් ඇගේ පියයුරුවලින් සෑමවිටම සතුටුවී, ඇගේ ආදරයෙන් නිතරම ප්‍රීතිමත්වෙන්න.

බෙදාගන්න
හිතෝපදේශ 5 SROV

හිතෝපදේශ 5:17-19 NRSV (Sinhala New Revised Version)

ඔබේ දූදරුවන් අන් අයට නොව, ඔබට ම සතු වස්තුවක් වේ වා! ඔබේ උල්පත වන ප්‍රිය බිරිඳට සව්සිරි වේ වා! ඔබේ යොවුන් වියේ ප්‍රියාව සමඟ ම ප්‍රීතිය ආස්වාදය කරන්න. සුලලිත මුව දෙනක හා සුකොමල පැටියෙකු මෙන් වූ, ඇගේ පියයුරුවලින් විනෝද වන්න. ඇගේ ආදරයෙහි සැමදා ම සතුටින් ඉපිළී යන්න.

බෙදාගන්න
හිතෝපදේශ 5 NRSV

හිතෝපදේශ 5:17-19 SNRV (Sinhala New Revised Version 2018)

ඔබේ දූදරුවන් අන් අයට නොව, ඔබට ම සතු වස්තුවක් වේ වා! ඔබේ උල්පත වන ප්‍රිය බිරිඳට සව්සිරි වේ වා! ඔබේ යොවුන් වියේ ප්‍රියාව සමඟ ම ප්‍රීතිය ආස්වාදය කරන්න. සුලලිත මුව දෙනක හා සුකොමල පැටියෙකු මෙන් වූ, ඇගේ පියයුරුවලින් විනෝද වන්න. ඇගේ ආදරයෙහි සැමදා ම සතුටින් ඉපිළී යන්න.

බෙදාගන්න
හිතෝපදේශ 5 SNRV

හිතෝපදේශ 5:17-19 NIV (New International Version)

Let them be yours alone, never to be shared with strangers. May your fountain be blessed, and may you rejoice in the wife of your youth. A loving doe, a graceful deer— may her breasts satisfy you always, may you ever be intoxicated with her love.

බෙදාගන්න
හිතෝපදේශ 5 NIV