හිතෝපදේශ 5:15-20 - Compare All Versions
හිතෝපදේශ 5:15-20 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔබේ ම පොකුණේ වතුර, ඔබේ ම උල්පතින් ගලන ජලය පානය කරන්න. ඔබගේ උල්පත් පිටත වීදිවලටත්, ඔබගේ ජල ධාරා ප්‍රසිද්ධ ස්ථානවලටත් ගලා යා යුතු ද? ඒවා ඔබට පමණක් ම වේවා! අන්‍යයන් හා ඊට පංගුකාරකමක් කිසි දා නො තිබේවා! ඔබේ උල්පතට ආශිර්වාද ලැබේවා! තුරුණු වියේ ඔබේ බිරිඳ සමඟ ඔබ ප්‍රීතිය විඳ ගනීවා! සෙනෙහෙබර මුව දෙනක වැනි, සුන්දර මුව දෙනක වැනි, ඇගේ පියයුරුවලින් හැම විට ඔබ සැනසේවා! ඇගේ ආදරයෙන් හැමදා ඔබ බැඳ ගනු ලැබේවා! අනාචාර ගැහැණියකට බැඳෙන්නේ කුමට ද? මා පුත, අන් සතු අඹුවකගේ ළැම වැලඳගන්නේ කුමකට ද?
හිතෝපදේශ 5:15-20 SROV (Sinhala Revised Old Version)
නුඹේම පොකුණෙන් වතුරද නුඹේම ළිඳෙන් උනන වතුරද බොන්න. නුඹේ උල්පත් පිටතටත් ජල ගංගා වීථිවලටත් විසිරයා යුතුද? ඒවා නුඹ සමඟ අන්‍යයන්ට නොව නුඹට පමණක්ම වේවා. නුඹේ උල්පතට ආශීර්වාද ලැබේවා; නුඹේ යෞවන වයසේ භාර්යාව කෙරෙහිම ප්‍රීතිවෙන්න. ප්‍රේමවත් මුවදෙනකු සහ ප්‍රියකරු වැලිමුවදෙනකු මෙන් ඇගේ පියයුරුවලින් සෑමවිටම සතුටුවී, ඇගේ ආදරයෙන් නිතරම ප්‍රීතිමත්වෙන්න. එසේය, මාගේ පුත්‍රය, නුඹ මක්නිසා අන්‍ය ස්ත්‍රියෙකු කෙරෙහි ප්‍රීතිමත්ව, අන්‍ය තැනැත්තියෙකුගේ ළය වැළඳගන්නෙහිද?
හිතෝපදේශ 5:15-20 NRSV (Sinhala New Revised Version)
ඔබේ ම පොකුණේ ගලන ජලය ද ඔබේ ම ළිඳෙන් උනන වතුර ද බොන්න. ඔබේ උල්පත පිටතට වත්, ජලධාරා වීදියට වත් ගලා යා යුතු නැත. ඔබේ දූදරුවන් අන් අයට නොව, ඔබට ම සතු වස්තුවක් වේ වා! ඔබේ උල්පත වන ප්‍රිය බිරිඳට සව්සිරි වේ වා! ඔබේ යොවුන් වියේ ප්‍රියාව සමඟ ම ප්‍රීතිය ආස්වාදය කරන්න. සුලලිත මුව දෙනක හා සුකොමල පැටියෙකු මෙන් වූ, ඇගේ පියයුරුවලින් විනෝද වන්න. ඇගේ ආදරයෙහි සැමදා ම සතුටින් ඉපිළී යන්න. මාගේ පුත්‍රය, ඔබ පරදාර සේවනයෙන් උමතු වන්නේ කුමට ද? සල්ලාල ගැහැණියක වැළඳගන්නේ මන් ද?
හිතෝපදේශ 5:15-20 SNRV (Sinhala New Revised Version 2018)
ඔබේ ම පොකුණේ ගලන ජලය ද ඔබේ ම ළිඳෙන් උනන වතුර ද බොන්න. ඔබේ උල්පත පිටතට වත්, ජලධාරා වීදියට වත් ගලා යා යුතු නැත. ඔබේ දූදරුවන් අන් අයට නොව, ඔබට ම සතු වස්තුවක් වේ වා! ඔබේ උල්පත වන ප්‍රිය බිරිඳට සව්සිරි වේ වා! ඔබේ යොවුන් වියේ ප්‍රියාව සමඟ ම ප්‍රීතිය ආස්වාදය කරන්න. සුලලිත මුව දෙනක හා සුකොමල පැටියෙකු මෙන් වූ, ඇගේ පියයුරුවලින් විනෝද වන්න. ඇගේ ආදරයෙහි සැමදා ම සතුටින් ඉපිළී යන්න. මාගේ පුත්‍රය, ඔබ පරදාර සේවනයෙන් උමතු වන්නේ කුමට ද? සල්ලාල ගැහැණියක වැළඳගන්නේ මන් ද?
හිතෝපදේශ 5:15-20 NIV (New International Version)
Drink water from your own cistern, running water from your own well. Should your springs overflow in the streets, your streams of water in the public squares? Let them be yours alone, never to be shared with strangers. May your fountain be blessed, and may you rejoice in the wife of your youth. A loving doe, a graceful deer— may her breasts satisfy you always, may you ever be intoxicated with her love. Why, my son, be intoxicated with another man’s wife? Why embrace the bosom of a wayward woman?