හිතෝපදේශ 4:18-27 - Compare All Versions

හිතෝපදේශ 4:18-27 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දමිටුන්ගේ මාවත, දවසේ සම්පූර්ණ ආලෝකය තෙක් දීප්තියෙන් වැඩෙන අරුණ උදයේ සූර්යාලෝකය මෙනි. එහෙත්, දුෂ්ටයින්ගේ මාර්ගය ඝන අන්ධකාරය වැන්න; තමන් පැකිළෙන්නේ, කවරක් හේතුකොටගෙනදැයි ඔවුහු නො දනිති. මා පුත, මා කියන දේට අවධානය යොමන්න; මගේ වචනවලට සාවධාන ව සවන් දෙන්න. ඒවාට ඔබගේ දර්ශන පථයෙන් බැහැර වන්නට ඉඩ නො තබන්න; ඔබගේ හද තුළ ම ඒවා තබා ගන්න. මන්ද ඒවා හමුවූවනට ඒවා ජීවනය ය; සකල මිනිස් සිරුරට ම එය සුව සැපත ය. අන් සියල්ලට ම වඩා ඔබගේ හදවත රැක ගන්න; මන්ද ජීවනයේ උල්පත් එයින් ය. ඔබගේ මුවින් ප්‍රයෝගකාරීත්වය පහ කර, දූෂිත කතා ඔබේ දෙතොලින් ඈත් ව තබන්න. ඔබගේ දෑස් කෙළින් ම ඉදිරිය බලත්වා! ඔබගේ බැල්ම සෘජු ව ඉදිරියට යොමු වේවා! ඔබගේ පාදවලට සමතලා මාවත් තනා ගන්න; ස්ථිර මාර්ගවල පමණක් ගමන් කරන්න. දකුණට හෝ වමට හෝ නො හැරී ඔබගේ පාද නපුරෙන් වළකා ගන්න.

බෙදාගන්න
හිතෝපදේශ 4 SCV

හිතෝපදේශ 4:18-27 SROV (Sinhala Revised Old Version)

නුමුත් ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්ය. දුෂ්ටයන්ගේ මාර්ගය අන්ධකාරය මෙන්ය. තුමූ කුමකින් පැකිලෙද්දැයි ඔව්හු නොදනිති. මාගේ පුත්‍රය, මාගේ වචනවලට ඇහුම්කන්දී, මාගේ කීම්වලට නුඹේ කන නමන්න. ඒවා නුඹේ ඇස් ඉදිරියෙන් පහ නොවේවා; නුඹේ සිත තුළ ඒවා තබාගන්න. මක්නිසාද ඒවා සම්බවන්නන්ට ඒවා ජීවනයත් ඔවුන්ගේ සකල ශරීරයට සුවයත්වේ. සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය. වංචා මුඛය නුඹෙන් පහකොට, වංක තොල් නුඹෙන් දුරුකරන්න. නුඹේ ඇස් ඉස්සරහම බලත්වා, නුඹේ ඇසිපියද නුඹ ඉදිරියෙහි කෙළින්ම බලත්වා. නුඹේ පාදවල මාවත සමතලාකරන්න, නුඹේ සියලු මාර්ග ස්ථිරව තිබේවා. දකුණටවත් වමටවත් නොහැරෙන්න. නුඹේ පාද නපුරෙන් පහකරන්න.

බෙදාගන්න
හිතෝපදේශ 4 SROV

හිතෝපදේශ 4:18-27 NRSV (Sinhala New Revised Version)

එහෙත් දැහැමියන්ගේ මාවත උදේ පායන හිරු මෙන් ය, එය මද්දහනය දක්වා දීප්තියෙන් වැඩි වේගෙන යයි. දුදනන්ගේ මඟ ගනඳුරින් වැසී ඇත; තමන් කුමක පැටලෙත් දැ යි ඔව්හු නොදනිති. මාගේ පුත්‍රය, මා කියන දෙයට සවන් දෙන්න, මාගේ අවවාදයට කන් යොමු කරන්න. ඒවා ඔබේ සිතින් පහ නොවේ වා; ඒවා ඔබේ හදවතෙහි නිදන් කර තබන්න. ඒවායින් ඔබට ජීවන සම්පත ද ඔබේ සර්වාංගයට සුව සැපත ද අත් වේ. අන් හැම දෙයට ම වඩා ඔබේ සිත රැකගන්න; මන්ද, ඔබේ දිවි මඟ හැඩගැසෙන්නේ එයිනි. රැවටිලිකාර කියමන් ඔබෙන් පහකරන්න. කෛරාටික වදන් ඔබෙන් දුරලන්න. දෙසිත් නැති ව එක එල්ලේ කෙළින් බලන්න; දෙගිඩියාවෙන් තොර ව ඉදිරිය බලා යන්න. ඔබ යා යුතු මඟ හිතාමතා සලසාගන්න; එවිට ඔබ කරන සියල්ල ස්ථිර වනු ඇත. හරි මඟින් දකුණට හෝ වමට හෝ නොහැරෙන්න; ඔබේ දෙපා නපුරෙන් දුරු කරගන්න.

බෙදාගන්න
හිතෝපදේශ 4 NRSV

හිතෝපදේශ 4:18-27 SNRV (Sinhala New Revised Version 2018)

එහෙත් දැහැමියන්ගේ මාවත උදේ පායන හිරු මෙන් ය, එය මද්දහනය දක්වා දීප්තියෙන් වැඩි වේගෙන යයි. දුදනන්ගේ මඟ ගනඳුරින් වැසී ඇත; තමන් කුමක පැටලෙත් දැ යි ඔව්හු නොදනිති. මාගේ පුත්‍රය, මා කියන දෙයට සවන් දෙන්න, මාගේ අවවාදයට කන් යොමු කරන්න. ඒවා ඔබේ සිතින් පහ නොවේ වා; ඒවා ඔබේ හදවතෙහි නිදන් කර තබන්න. ඒවායින් ඔබට ජීවන සම්පත ද ඔබේ සර්වාංගයට සුව සැපත ද අත් වේ. අන් හැම දෙයට ම වඩා ඔබේ සිත රැකගන්න; මන්ද, ඔබේ දිවි මඟ හැඩගැසෙන්නේ එයිනි. රැවටිලිකාර කියමන් ඔබෙන් පහකරන්න. කෛරාටික වදන් ඔබෙන් දුරලන්න. දෙසිත් නැති ව එක එල්ලේ කෙළින් බලන්න; දෙගිඩියාවෙන් තොර ව ඉදිරිය බලා යන්න. ඔබ යා යුතු මඟ හිතාමතා සලසාගන්න; එවිට ඔබ කරන සියල්ල ස්ථිර වනු ඇත. හරි මඟින් දකුණට හෝ වමට හෝ නොහැරෙන්න; ඔබේ දෙපා නපුරෙන් දුරු කරගන්න.

බෙදාගන්න
හිතෝපදේශ 4 SNRV

හිතෝපදේශ 4:18-27 NIV (New International Version)

The path of the righteous is like the morning sun, shining ever brighter till the full light of day. But the way of the wicked is like deep darkness; they do not know what makes them stumble. My son, pay attention to what I say; turn your ear to my words. Do not let them out of your sight, keep them within your heart; for they are life to those who find them and health to one’s whole body. Above all else, guard your heart, for everything you do flows from it. Keep your mouth free of perversity; keep corrupt talk far from your lips. Let your eyes look straight ahead; fix your gaze directly before you. Give careful thought to the paths for your feet and be steadfast in all your ways. Do not turn to the right or the left; keep your foot from evil.

බෙදාගන්න
හිතෝපදේශ 4 NIV