හිතෝපදේශ 28:18-20
හිතෝපදේශ 28:18-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නිර්දෝෂී ව ජීවත්වන්නෝ සුරක්ෂිත ය; එහෙත් වංචනික මාර්ගයේ යන්නා හදිසියේ ම ඇද වැටෙන්නේ ය. තම බිම් කොටස වගාකරන්නාට ආහාර බහුල වේ; එහෙත් මවා ගත් හීන පසු පස යන්නෝ දුගී භාවයට හසු වන්නෝ ය. විශ්වසනීය මිනිසා, විපුල ආශිර්වාද ලබන්නේ ය; එහෙත් ධනවත්වීමට කෙටි මං සොයන්නා දඬුවම් නො ලබා නො සිටී.
හිතෝපදේශ 28:18-20 Sinhala Revised Old Version (SROV)
ඇදනැතිකමින් හැසිරෙන්නා ගැළවෙයි. එහෙත් තමාගේ මාර්ගවල වංකවූ තැනැත්තා හදිසියෙන් වැටෙන්නේය. තමාගේ බිම අස්වද්දන්නාට බොහෝසෙයින් කෑම ලැබේ; එහෙත් නිෂ්ඵල අය අනුව යන්නා දිළිඳුකමින් පූර්ණවේ. විශ්වාස මනුෂ්‍යයෙකුට බොහෝ ආශීර්වාද ලැබේ; එහෙත් වස්තු උපදවාගන්ට ඉක්මන්වෙන්නා දඬුවම් නොලැබ නොසිටියි.
හිතෝපදේශ 28:18-20 Sinhala New Revised Version (NRSV)
අවංක ලෙස ජීවත් වෙන්නා ගැළවෙයි; වංක ලෙස ජීවත් වෙන්නා විපතට වැටෙයි. වැර වීරියෙන් වගාකරන්නාට බතබුලත බහුල ය; නිෂ්ඵල ව්‍යාපාරවල යෙදෙන්නාගේ දිළිඳු බව ඉමහත් ය. විශ්වාස කටයුතු මිනිසාට ආසිරි විපුල ය; ධනය ඉපැයීමට ඉක්මන් වන්නා දඬුවම් ලබනු නියත ය.
හිතෝපදේශ 28:18-20 Sinhala New Revised Version 2018 (SNRV)
අවංක ලෙස ජීවත් වෙන්නා ගැළවෙයි; වංක ලෙස ජීවත් වෙන්නා විපතට වැටෙයි. වැර වීරියෙන් වගාකරන්නාට බතබුලත බහුල ය; නිෂ්ඵල ව්‍යාපාරවල යෙදෙන්නාගේ දිළිඳු බව ඉමහත් ය. විශ්වාස කටයුතු මිනිසාට ආසිරි විපුල ය; ධනය ඉපැයීමට ඉක්මන් වන්නා දඬුවම් ලබනු නියත ය.
හිතෝපදේශ 28:18-20 New International Version (NIV)
The one whose walk is blameless is kept safe, but the one whose ways are perverse will fall into the pit. Those who work their land will have abundant food, but those who chase fantasies will have their fill of poverty. A faithful person will be richly blessed, but one eager to get rich will not go unpunished.