හිතෝපදේශ 26:17-23
හිතෝපදේශ 26:17-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මඟදී අනුන්ගේ ගැටුමකට මැදිහත්වන්නා, පාරේ යන බල්ලකු උගේ කන්වලින් අල්ලා ගත්තා වැනි ය. මාරක ගිනි පෙනෙලි හා ඊ ගස් විදින පිස්සකු වැනි ය, තම අසල්වැසියා රවටමින්, “විහිලුවටයි මා ඒක කළේ යැ” යි කියන මිනිසා. දර නැති වන විට ගින්න නිවෙයි; කේලම් කියන්නෙක් නොමැති විට ගැටුම් සංසිඳේ. ගිනි අඟුරුවලට අඟුරුත්, ගින්නට දරත් යම් සේ ද ආරවුල් ඇවිස්සීමට ගැටුම්කාරී මිනිසාත් ඒ වගේ ය. ඕපාදූප වචන මිහිරි රස කැවිල්ලකි; එය කෙනකුගේ ඇතුළාන්තයට ම ගිලා බහී. සිත යට නපුර තබාගෙන මුදු වදන් තෙපලන තොල්, රිදී ගෑ මැටි බඳුනක් වැන්න.
හිතෝපදේශ 26:17-23 Sinhala Revised Old Version (SROV)
පාරේ යමින් තමාට වැදගැන්මක් නැති ඩබරයකට මැදිවෙන්නා උගේ කන්වලින් බල්ලෙකු අල්ලාගන්න කෙනෙක් මෙන්ය. තමාගේ අසල්වාසියා රවටමින්: මම සෙල්ලමට එය කෙළෙමියි කියන මනුෂ්‍යයා, තමා වටකර ගිනි පෙනෙලිද ඊගස්ද මරණයද විසිකරන පිස්සෙක් වැනිය. දර නැති තැන ගින්න නිවීයයි; එසේම කේලාම්කියන්නෙක් නැති කල තරඟය නවතින්නේය. ගිනිඅඟුරුවලට අඟුරුත් ගින්නට දරත් යම්සේද, ඩබර අවුස්සන්ට තරඟකාර මනුෂ්‍යයා එසේමය. කේලාම්කියන්නෙකුගේ වචන රසවත් භෝජන මෙනි; ඒවාත් බඩ තුළටම බැසයන්නේය. සිත නපුරුව තිබෙද්දී ජ්වලිතව තිබෙන තොල් රිදී බොර ගෑවාවූ මැටි භාජනයක්මෙනි.
හිතෝපදේශ 26:17-23 Sinhala New Revised Version (NRSV)
අනුන්ගේ දබරයකට ඇඟිලි ගසන්නා, පාරේ යන බල්ලෙකු උගේ කන් දෙකින් අල්ලාගන්නෙකු හා සමාන ය. තමාගේ අසල්වැසියා රවටමින්, “මම සෙල්ලමට එය කෙළෙමි”යි කියන මිනිසා, තමා වටකර බියකරු ගිනි පෙනෙලි ද මාරක ඊගස් ද විසි කරන පිස්සෙකු වැනි ය. දර නැති තැන ගින්න නිවෙයි; කේළාම් නැති තැන දබර නවතියි. ගිනි අඟුරුවලට මයිනහමත්, ගින්නට දරත් යම් සේ ද දබරයක් ඇවිස්සීමට කලහකාරී මිනිසාත් එසේ ම ය. කටකතා රසවත් අහරකි, එය ගිලගැනීමට කවුරුත් කැමැති ය. නපුරු හදවත් සඟවාගෙන කරන සිනිඳු කතාව රිදී ගෑ මැටි බඳුනක් වැන්න.
හිතෝපදේශ 26:17-23 Sinhala New Revised Version 2018 (SNRV)
අනුන්ගේ දබරයකට ඇඟිලි ගසන්නා, පාරේ යන බල්ලෙකු උගේ කන් දෙකින් අල්ලාගන්නෙකු හා සමාන ය. තමාගේ අසල්වැසියා රවටමින්, “මම සෙල්ලමට එය කෙළෙමි”යි කියන මිනිසා, තමා වටකර බියකරු ගිනි පෙනෙලි ද මාරක ඊගස් ද විසි කරන පිස්සෙකු වැනි ය. දර නැති තැන ගින්න නිවෙයි; කේළාම් නැති තැන දබර නවතියි. ගිනි අඟුරුවලට මයිනහමත්, ගින්නට දරත් යම් සේ ද දබරයක් ඇවිස්සීමට කලහකාරී මිනිසාත් එසේ ම ය. කටකතා රසවත් අහරකි, එය ගිලගැනීමට කවුරුත් කැමැති ය. නපුරු හදවත් සඟවාගෙන කරන සිනිඳු කතාව රිදී ගෑ මැටි බඳුනක් වැන්න.
හිතෝපදේශ 26:17-23 New International Version (NIV)
Like one who grabs a stray dog by the ears is someone who rushes into a quarrel not their own. Like a maniac shooting flaming arrows of death is one who deceives their neighbor and says, “I was only joking!” Without wood a fire goes out; without a gossip a quarrel dies down. As charcoal to embers and as wood to fire, so is a quarrelsome person for kindling strife. The words of a gossip are like choice morsels; they go down to the inmost parts. Like a coating of silver dross on earthenware are fervent lips with an evil heart.