හිතෝපදේශ 2:9-11 - Compare All Versions
හිතෝපදේශ 2:9-11 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එවිට ඔබ දමිටුකම හා යුක්තිය ද සාධාරණත්වය ද හැම යහ මාවතක් ද වටහා ගනු ඇත. මන්ද ප්‍රඥාව ඔබේ හදවතට පිවිසෙනු ඇත, දැනගැන්ම ඔබේ ජීවයට ප්‍රීතිය වනු ඇත. විචක්ෂණ බුද්ධිය ඔබ බලා ගනු ඇත; අවබෝධය ඔබ රැකවල් කරනු ඇත.
හිතෝපදේශ 2:9-11 SROV (Sinhala Revised Old Version)
එවිට නුඹ ධර්මිෂ්ඨකමද යුක්තියද සෘජුකමද, එසේය, සියලු යහපත් මාවත්ද තේරුම්ගන්නෙහිය. මක්නිසාද ප්‍රඥාව නුඹේ සිතට ඇතුල්වන්නේය, දැනගැන්මද නුඹේ ආත්මයට ප්‍රසන්නවන්නේය; සිහිය නුඹ රැකවල්කරන්නේය, ඥානයද නුඹ ආරක්ෂාකරන්නේය
හිතෝපදේශ 2:9-11 NRSV (Sinhala New Revised Version)
මෙසේ ඔබ, දැහැමිකම ද යුක්තිය ද සත්‍යවාදී බව ද යන සියලු යහ මඟ තේරුම්ගන්නෙහි ය. ප්‍රඥාව ඔබේ මනසට පිවිසෙයි; දැනුම ඔබේ සිතට ප්‍රීතිය ගෙන දෙයි. සිහි නුවණ ඔබ රැකවල් කරයි; තියුණු නැණ ඔබ රැකගනියි.
හිතෝපදේශ 2:9-11 SNRV (Sinhala New Revised Version 2018)
මෙසේ ඔබ, දැහැමිකම ද යුක්තිය ද සත්‍යවාදී බව ද යන සියලු යහ මඟ තේරුම්ගන්නෙහි ය. ප්‍රඥාව ඔබේ මනසට පිවිසෙයි; දැනුම ඔබේ සිතට ප්‍රීතිය ගෙන දෙයි. සිහි නුවණ ඔබ රැකවල් කරයි; තියුණු නැණ ඔබ රැකගනියි.
හිතෝපදේශ 2:9-11 NIV (New International Version)
Then you will understand what is right and just and fair—every good path. For wisdom will enter your heart, and knowledge will be pleasant to your soul. Discretion will protect you, and understanding will guard you.