හිතෝපදේශ 2:6-10
හිතෝපදේශ 2:6-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද ප්‍රඥාව දෙන්නේ ස්වාමින්වහන්සේ ය; දැනගැන්ම හා අවබෝධය පැමිණෙන්නේ, උන්වහන්සේගේ මුවෙනි. අවංකවූවන් සඳහා උන්වහන්සේ ජයග්‍රහණය ගබඩා කර තබන සේක; නිර්දෝෂ ව කටයුතු කරන්නවුන්ට උන්වහන්සේ පලිහක් වන්නේ, යුක්තියේ මාවත් රැකවල් කරමිනි; ස්වකීය විශ්වාසිකයින්ගේ මාර්ගය සුරකිමිනි. එවිට ඔබ දමිටුකම හා යුක්තිය ද සාධාරණත්වය ද හැම යහ මාවතක් ද වටහා ගනු ඇත. මන්ද ප්‍රඥාව ඔබේ හදවතට පිවිසෙනු ඇත, දැනගැන්ම ඔබේ ජීවයට ප්‍රීතිය වනු ඇත.
හිතෝපදේශ 2:6-10 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ප්‍රඥාව දෙන්නේ ස්වාමීන්වහනසේය; උන්වහන්සේගේ මුඛයෙන් දැනගැන්මද ඥානයද පැමිණෙන්නේය. උන්වහන්සේ අවංක තැනැත්තන්ට හරි ප්‍රඥාව රැස්කර තබනසේක, සෘජුලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ පලිහක් වනසේක. එසේ උන්වහන්සේ යුක්තියේ මාවත් ආරක්ෂාකරමින්, තමන් භක්තිවන්තයන්ගේ මාර්ගය සුරක්ෂිතකරනසේක. එවිට නුඹ ධර්මිෂ්ඨකමද යුක්තියද සෘජුකමද, එසේය, සියලු යහපත් මාවත්ද තේරුම්ගන්නෙහිය. මක්නිසාද ප්‍රඥාව නුඹේ සිතට ඇතුල්වන්නේය, දැනගැන්මද නුඹේ ආත්මයට ප්‍රසන්නවන්නේය
හිතෝපදේශ 2:6-10 Sinhala New Revised Version (NRSV)
මන්ද, ප්‍රඥාව සමිඳුන්ගේ ම දීමනාවකි. දැනුම හා ඥානය පහළ වන්නේ සමිඳුන්ගේ මුවෙනි. සමිඳාණෝ අවංක වූවන් හට නියම ප්‍රඥාව දෙන සේක; සත්‍යවාදී අයට එතුමාණෝ පලිහක් වන සේක. සමිඳාණෝ යුක්ති මාවත ආරක්ෂා කරන සේක; බැතිමතුන්ගේ මාර්ගය රැකවල් කරන සේක. මෙසේ ඔබ, දැහැමිකම ද යුක්තිය ද සත්‍යවාදී බව ද යන සියලු යහ මඟ තේරුම්ගන්නෙහි ය. ප්‍රඥාව ඔබේ මනසට පිවිසෙයි; දැනුම ඔබේ සිතට ප්‍රීතිය ගෙන දෙයි.
හිතෝපදේශ 2:6-10 Sinhala New Revised Version 2018 (SNRV)
මන්ද, ප්‍රඥාව සමිඳුන්ගේ ම දීමනාවකි. දැනුම හා ඥානය පහළ වන්නේ සමිඳුන්ගේ මුවෙනි. සමිඳාණෝ අවංක වූවන් හට නියම ප්‍රඥාව දෙන සේක; සත්‍යවාදී අයට එතුමාණෝ පලිහක් වන සේක. සමිඳාණෝ යුක්ති මාවත ආරක්ෂා කරන සේක; බැතිමතුන්ගේ මාර්ගය රැකවල් කරන සේක. මෙසේ ඔබ, දැහැමිකම ද යුක්තිය ද සත්‍යවාදී බව ද යන සියලු යහ මඟ තේරුම්ගන්නෙහි ය. ප්‍රඥාව ඔබේ මනසට පිවිසෙයි; දැනුම ඔබේ සිතට ප්‍රීතිය ගෙන දෙයි.
හිතෝපදේශ 2:6-10 New International Version (NIV)
For the LORD gives wisdom; from his mouth come knowledge and understanding. He holds success in store for the upright, he is a shield to those whose walk is blameless, for he guards the course of the just and protects the way of his faithful ones. Then you will understand what is right and just and fair—every good path. For wisdom will enter your heart, and knowledge will be pleasant to your soul.