හිතෝපදේශ 2:2-6
හිතෝපදේශ 2:2-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ප්රඥාවට ඔබේ සවන් යොමා, අවබෝධයට ඔබේ හද විවර කරන්නේ නම්, ඇත්තෙන් ම ඔබ අවබෝධයට හඬ ගසා, බුද්ධියට ඔබේ කටහඬ අවදිකරන්නේ නම්, ඔබ රිදී සොයන්නාක් මෙන් එය සොයමින්, සැඟවුණු වස්තුවක් සොයන්නාක් මෙන් වෙහෙසෙන්නේ නම්, ස්වාමින්වහන්සේට භය පක්ෂපාතවීම කුමක් දැයි ඔබ වටහා ගනු ඇත; දෙවියන්වහන්සේ දැනගැනීම ඔබ අත්කර ගනු ඇත. මන්ද ප්රඥාව දෙන්නේ ස්වාමින්වහන්සේ ය; දැනගැන්ම හා අවබෝධය පැමිණෙන්නේ, උන්වහන්සේගේ මුවෙනි.
හිතෝපදේශ 2:2-6 Sinhala Revised Old Version (SROV)
ප්රඥාවට ඇහුම්කන්දී, ඥානයට නුඹේ සිත යොමුකරන්නෙහි නම්, එසේය, නුඹ නුවණට හඬගසා, ඥානයට නුඹේ ශබ්දය නගන්නෙහි නම්, නුඹ රිදී මෙන් ඇය සොයා, නිධාන ගැන මෙන් ඇය ගැන විභාගකරන්නෙහි නම්, නුඹ ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම තේරුම්ගන්නෙහිය, දෙවියන්වහන්සේ හැඳිනගැනීමටද පැමිණෙන්නෙහිය. මක්නිසාද ප්රඥාව දෙන්නේ ස්වාමීන්වහනසේය; උන්වහන්සේගේ මුඛයෙන් දැනගැන්මද ඥානයද පැමිණෙන්නේය.
හිතෝපදේශ 2:2-6 Sinhala New Revised Version (NRSV)
ප්රඥාවට සවන් දෙන්න, ඥානයට අවධානය යොමු කරන්න. නුවණ ඉල්ලා සිටින්න, ඥානයට හඬගසා ඇය පතන්න. රිදී සොයන්නාක් මෙන් ඇය සොයන්න; සැඟවී ඇති නිධානයක් මෙන් ඇය ගැන විපරම් කරන්න. එසේ කළොත්, දේව ගරුබිය කුමක් දැ යි ඔබට තේරුම් යයි. දෙවියන් ගැන අවබෝධය ඔබට ලැබෙයි. මන්ද, ප්රඥාව සමිඳුන්ගේ ම දීමනාවකි. දැනුම හා ඥානය පහළ වන්නේ සමිඳුන්ගේ මුවෙනි.
හිතෝපදේශ 2:2-6 Sinhala New Revised Version 2018 (SNRV)
ප්රඥාවට සවන් දෙන්න, ඥානයට අවධානය යොමු කරන්න. නුවණ ඉල්ලා සිටින්න, ඥානයට හඬගසා ඇය පතන්න. රිදී සොයන්නාක් මෙන් ඇය සොයන්න; සැඟවී ඇති නිධානයක් මෙන් ඇය ගැන විපරම් කරන්න. එසේ කළොත්, දේව ගරුබිය කුමක් දැ යි ඔබට තේරුම් යයි. දෙවියන් ගැන අවබෝධය ඔබට ලැබෙයි. මන්ද, ප්රඥාව සමිඳුන්ගේ ම දීමනාවකි. දැනුම හා ඥානය පහළ වන්නේ සමිඳුන්ගේ මුවෙනි.
හිතෝපදේශ 2:2-6 New International Version (NIV)
turning your ear to wisdom and applying your heart to understanding— indeed, if you call out for insight and cry aloud for understanding, and if you look for it as for silver and search for it as for hidden treasure, then you will understand the fear of the LORD and find the knowledge of God. For the LORD gives wisdom; from his mouth come knowledge and understanding.