හිතෝපදේශ 2:1-7

හිතෝපදේශ 2:1-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මා පුත, ඔබ මගේ වචන පිළිගෙන, මගේ ආඥා ඔබ තුළ ගබඩා කර ගන්නේ නම්, ප්‍රඥාවට ඔබේ සවන් යොමා, අවබෝධයට ඔබේ හද විවර කරන්නේ නම්, ඇත්තෙන් ම ඔබ අවබෝධයට හඬ ගසා, බුද්ධියට ඔබේ කටහඬ අවදිකරන්නේ නම්, ඔබ රිදී සොයන්නාක් මෙන් එය සොයමින්, සැඟවුණු වස්තුවක් සොයන්නාක් මෙන් වෙහෙසෙන්නේ නම්, ස්වාමින්වහන්සේට භය පක්ෂපාතවීම කුමක් දැයි ඔබ වටහා ගනු ඇත; දෙවියන්වහන්සේ දැනගැනීම ඔබ අත්කර ගනු ඇත. මන්ද ප්‍රඥාව දෙන්නේ ස්වාමින්වහන්සේ ය; දැනගැන්ම හා අවබෝධය පැමිණෙන්නේ, උන්වහන්සේගේ මුවෙනි. අවංකවූවන් සඳහා උන්වහන්සේ ජයග්‍රහණය ගබඩා කර තබන සේක; නිර්දෝෂ ව කටයුතු කරන්නවුන්ට උන්වහන්සේ පලිහක් වන්නේ

හිතෝපදේශ 2:1-7 Sinhala Revised Old Version (SROV)

මාගේ පුත්‍රය, නුඹ මාගේ කීම් පිළිගෙන, මාගේ ආඥා නුඹ වෙත තබාගෙන, ප්‍රඥාවට ඇහුම්කන්දී, ඥානයට නුඹේ සිත යොමුකරන්නෙහි නම්, එසේය, නුඹ නුවණට හඬගසා, ඥානයට නුඹේ ශබ්දය නගන්නෙහි නම්, නුඹ රිදී මෙන් ඇය සොයා, නිධාන ගැන මෙන් ඇය ගැන විභාගකරන්නෙහි නම්, නුඹ ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම තේරුම්ගන්නෙහිය, දෙවියන්වහන්සේ හැඳිනගැනීමටද පැමිණෙන්නෙහිය. මක්නිසාද ප්‍රඥාව දෙන්නේ ස්වාමීන්වහනසේය; උන්වහන්සේගේ මුඛයෙන් දැනගැන්මද ඥානයද පැමිණෙන්නේය. උන්වහන්සේ අවංක තැනැත්තන්ට හරි ප්‍රඥාව රැස්කර තබනසේක, සෘජුලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ පලිහක් වනසේක.