හිතෝපදේශ 2:1-11

හිතෝපදේශ 2:1-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මා පුත, ඔබ මගේ වචන පිළිගෙන, මගේ ආඥා ඔබ තුළ ගබඩා කර ගන්නේ නම්, ප්‍රඥාවට ඔබේ සවන් යොමා, අවබෝධයට ඔබේ හද විවර කරන්නේ නම්, ඇත්තෙන් ම ඔබ අවබෝධයට හඬ ගසා, බුද්ධියට ඔබේ කටහඬ අවදිකරන්නේ නම්, ඔබ රිදී සොයන්නාක් මෙන් එය සොයමින්, සැඟවුණු වස්තුවක් සොයන්නාක් මෙන් වෙහෙසෙන්නේ නම්, ස්වාමින්වහන්සේට භය පක්ෂපාතවීම කුමක් දැයි ඔබ වටහා ගනු ඇත; දෙවියන්වහන්සේ දැනගැනීම ඔබ අත්කර ගනු ඇත. මන්ද ප්‍රඥාව දෙන්නේ ස්වාමින්වහන්සේ ය; දැනගැන්ම හා අවබෝධය පැමිණෙන්නේ, උන්වහන්සේගේ මුවෙනි. අවංකවූවන් සඳහා උන්වහන්සේ ජයග්‍රහණය ගබඩා කර තබන සේක; නිර්දෝෂ ව කටයුතු කරන්නවුන්ට උන්වහන්සේ පලිහක් වන්නේ, යුක්තියේ මාවත් රැකවල් කරමිනි; ස්වකීය විශ්වාසිකයින්ගේ මාර්ගය සුරකිමිනි. එවිට ඔබ දමිටුකම හා යුක්තිය ද සාධාරණත්වය ද හැම යහ මාවතක් ද වටහා ගනු ඇත. මන්ද ප්‍රඥාව ඔබේ හදවතට පිවිසෙනු ඇත, දැනගැන්ම ඔබේ ජීවයට ප්‍රීතිය වනු ඇත. විචක්ෂණ බුද්ධිය ඔබ බලා ගනු ඇත; අවබෝධය ඔබ රැකවල් කරනු ඇත.

හිතෝපදේශ 2:1-11 Sinhala Revised Old Version (SROV)

මාගේ පුත්‍රය, නුඹ මාගේ කීම් පිළිගෙන, මාගේ ආඥා නුඹ වෙත තබාගෙන, ප්‍රඥාවට ඇහුම්කන්දී, ඥානයට නුඹේ සිත යොමුකරන්නෙහි නම්, එසේය, නුඹ නුවණට හඬගසා, ඥානයට නුඹේ ශබ්දය නගන්නෙහි නම්, නුඹ රිදී මෙන් ඇය සොයා, නිධාන ගැන මෙන් ඇය ගැන විභාගකරන්නෙහි නම්, නුඹ ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම තේරුම්ගන්නෙහිය, දෙවියන්වහන්සේ හැඳිනගැනීමටද පැමිණෙන්නෙහිය. මක්නිසාද ප්‍රඥාව දෙන්නේ ස්වාමීන්වහනසේය; උන්වහන්සේගේ මුඛයෙන් දැනගැන්මද ඥානයද පැමිණෙන්නේය. උන්වහන්සේ අවංක තැනැත්තන්ට හරි ප්‍රඥාව රැස්කර තබනසේක, සෘජුලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ පලිහක් වනසේක. එසේ උන්වහන්සේ යුක්තියේ මාවත් ආරක්ෂාකරමින්, තමන් භක්තිවන්තයන්ගේ මාර්ගය සුරක්ෂිතකරනසේක. එවිට නුඹ ධර්මිෂ්ඨකමද යුක්තියද සෘජුකමද, එසේය, සියලු යහපත් මාවත්ද තේරුම්ගන්නෙහිය. මක්නිසාද ප්‍රඥාව නුඹේ සිතට ඇතුල්වන්නේය, දැනගැන්මද නුඹේ ආත්මයට ප්‍රසන්නවන්නේය; සිහිය නුඹ රැකවල්කරන්නේය, ඥානයද නුඹ ආරක්ෂාකරන්නේය

හිතෝපදේශ 2:1-11 Sinhala New Revised Version (NRSV)

මාගේ පුත්‍රය, මාගේ ඔවා බස් හිතට ගන්න; මාගේ උපදෙස් සිතෙහි නිදන් කරගන්න. ප්‍රඥාවට සවන් දෙන්න, ඥානයට අවධානය යොමු කරන්න. නුවණ ඉල්ලා සිටින්න, ඥානයට හඬගසා ඇය පතන්න. රිදී සොයන්නාක් මෙන් ඇය සොයන්න; සැඟවී ඇති නිධානයක් මෙන් ඇය ගැන විපරම් කරන්න. එසේ කළොත්, දේව ගරුබිය කුමක් දැ යි ඔබට තේරුම් යයි. දෙවියන් ගැන අවබෝධය ඔබට ලැබෙයි. මන්ද, ප්‍රඥාව සමිඳුන්ගේ ම දීමනාවකි. දැනුම හා ඥානය පහළ වන්නේ සමිඳුන්ගේ මුවෙනි. සමිඳාණෝ අවංක වූවන් හට නියම ප්‍රඥාව දෙන සේක; සත්‍යවාදී අයට එතුමාණෝ පලිහක් වන සේක. සමිඳාණෝ යුක්ති මාවත ආරක්ෂා කරන සේක; බැතිමතුන්ගේ මාර්ගය රැකවල් කරන සේක. මෙසේ ඔබ, දැහැමිකම ද යුක්තිය ද සත්‍යවාදී බව ද යන සියලු යහ මඟ තේරුම්ගන්නෙහි ය. ප්‍රඥාව ඔබේ මනසට පිවිසෙයි; දැනුම ඔබේ සිතට ප්‍රීතිය ගෙන දෙයි. සිහි නුවණ ඔබ රැකවල් කරයි; තියුණු නැණ ඔබ රැකගනියි.

හිතෝපදේශ 2:1-11 Sinhala New Revised Version 2018 (SNRV)