හිතෝපදේශ 19:8-23

හිතෝපදේශ 19:8-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)

දැනුම් තේරුම් ලබාගන්නා කවරෙක් වුව තම ජීවයට ප්‍රේම වෙයි; අවබෝධයට ලැදිව කටයුතු කරන්නා සඵලවත් වෙයි. බොරු සාක්ෂිකරු දඬුවම් නො ලැබ නො සිටී; බොරු වගුරුවන්නා, විනාශ වී යයි. සුඛෝපභෝගී ව ජීවත් වීම අඥානයකුට නොහොබනා ය; අධිපතීන් පාලනය කිරීම, වහලකුට ඊට වඩා කොතරම් නොහොබනා ද! දැනුම් තේරුම් ඇත්තා කෝප ගන්න පමාවෙයි; අන් කෙනකුගේ වරද නො සැලකීම ඔහුගේ ගෞරවයයි. රජකුගේ දැඩි කෝපය සිංහ ගර්ජනාවක් වැන්න; එහෙත් ඔහුගේ කරුණාව, තණ මත පිනි වගේ ය. අඥාන පුත්‍රයා, ඔහුගේ පියාගේ විනාශය ය. දබර කරන බිරිඳ, නො නැවතී හැලෙන වතුර බිංදු වැන්න. ගේ-දොර හා ධන සම්පත් මා-පියන්ගෙන් එන උරුමයකි; එහෙත් නැණවත් බිරිඳක්, ලැබෙන්නේ ස්වාමින්වහන්සේගෙනි. අලසකම තද නින්දට මග පාදයි; කම්මැලියාට ආහාර අහේනි ඇති වෙයි. ආඥාව පිළිපදින්නා තම ජීවිතය රැක ගනී; තම මාර්ගවලට අපරීක්ෂාකාරීවන්නා මියැදේ. දුප්පතුන්ට කරුණා පෑම ස්වාමින්වහන්සේට ණයට දීමකි; ඔහු කළ දෑට උන්වහන්සේ ප්‍රතිඵල දෙන සේක. ඔබගේ පුත්‍රයා හික්මවන්න, එවිට බලාපොරොත්තුවක් තියේ; එහෙත් ඔහුගේ විනාශයට සිත් නැඹුරු නො කරන්න. වහා කිපෙන මිනිසා එහි විපාකය ද විඳිය යුතු ය; ඔබ ඔහු නිදහස් කළහොත්, යළි යළිත් එසේ කරන්නට සිදු වේ. අවවාදයට සවන් දී ගුරු-හරුකම පිළිගන්න; එවිට අනාගතය සඳහා ඔබ ප්‍රඥාව අත්කර ගනී. මිනිසාගේ හදවතේ සැලසුම් බොහෝ ය; එහෙත් සඵලවත් වන්නේ, ස්වාමින්වහන්සේගේ අරමුණ ය. මිනිසකුගේ දැඩි ආශාව නොමියෙන ප්‍රේමයයි; බොරුකාරයකු වනවාට වඩා දුප්පත්කම හොඳ ය. ස්වාමින්වහන්සේට භයවීම ජීවනයට මග පෙන්වයි; එහි පිහිටන්නා සෑහීම ඇතුව විශ්‍රාම ලබන්නේ ය, විපත්තිය ඔහුට ළං නො වේ.

හිතෝපදේශ 19:8-23 Sinhala Revised Old Version (SROV)

ප්‍රඥාව ලබාගන්නා තමාගේ ආත්මයට ප්‍රේමවන්නේය; ඥානය තබාගන්නාට ශුභසිද්ධවේ. බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි; මුසාවාද නික්මවන්නාද නැතිවෙයි. සැප ජීවිකාව අඥානයෙකුට නොහොබනේය; ඊට වඩා, මෙහෙකරුවෙක් අධිපතීන් කෙරෙහි ආණ්ඩුකිරීම නොහොබනේය. සිහි කල්පනාව ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි; වරදක් නොසලකා හැරීමද ඔහුගේ ගෞරවයක්ය. රජුගේ උදහස සිංහයෙකුගේ ගර්ජනාවට සමානය; එහෙත් ඔහුගේ කරුණාව තෘණ පිට පිනි මෙන්ය. අඥාන පුත්‍රයෙක් ඔහුගේ පියාට විපත්තියක්ය; භාර්යාවකුගේ තරඟද නොනවතින වතුර බින්දු වැටීමක්ය. ගෙයක් හා සම්පත් පියවරුන්ගෙන් ලැබෙන උරුමයක්ය; නුමුත් නුවණින් හැසිරෙන භාර්යාවක් ලැබෙන්නේ ස්වාමීන්වහන්සේගෙන් ය. අලසකම තද නින්දට පමුණුවයි; කම්මැළි තැනැත්තේ බඩගිනි විඳියි. ආඥාව රක්ෂාකරන්නා තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නේය; එහෙත් තමාගේ මාර්ග ගැන නොසලකන්නා නසින්නේය. දුප්පතුන්ට අනුකම්පාකරන්නා ස්වාමීන්වහන්සේට ණයට දෙන්නේය; ඔහුගේ හොඳ ක්‍රියාවට උන්වහන්සේ ඔහුට ප්‍රතිඵලදෙනසේක. බලාපොරොත්තුවක් ඇති බැවින් නුඹේ පුත්‍රයාට දඬුවම්කරන්න; නුමුත් ඔහු නැතිකරන්ට කල්පනා නොකරන්න. අධික තරහකාරයා දඬුවම විඳින්නේය; මක්නිසාද නුඹ ඔහු මිදුවත් නැවත නැවතත් එසේ කරන්ට ඕනෑ වෙයි. නුඹේ මතු කාලයෙහි නුඹ ප්‍රඥාවන්තව සිටින පිණිස මන්ත්‍රණය අසා ගුරුකම පිළිගන්න. මනුෂ්‍යයෙකුගේ සිතේ බොහෝ යෝජනා ඇත්තේය; එහෙත් ස්ථිරවෙන්නේ ස්වාමීන්වහන්සේගේ මන්ත්‍රණයය. මනුෂ්‍යයෙකුගේ ප්‍රිය ගතිය ඔහුගේ කරුණාවන්තකමය; බොරුකාරයෙකුට වඩා දිළින්දෙක් උතුම්ය. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ජීවනයට පමුණුවයි; එය ඇත්තා තෘප්තියට පැමිණ, විපතට අසු නොවී සිටියි.

හිතෝපදේශ 19:8-23 Sinhala New Revised Version (NRSV)

ප්‍රඥාව ලබාගන්නා අර්ථ සිද්ධිය සාදාගනියි; සිහි නුවණින් ක්‍රියා කරන්නා සෞභාග්‍යය සලසාගනියි. බොරු සාක්කිකරුට දඬුවම නියත ය; මුසාවාදය දෙසන්නාට විපත සිකුරු ය. මෝඩයෙකුට නායකත්වය නොහොබී; අධිපතිකම් කිරීම වහලුන්ට කිසිසේත් නොහොබී. සිහිකල්පනාව ඇත්තා වහා නොකිපෙන සුලු ය; අනුන්ගේ වරද නොතකා හැරීම උදාර ගුණයකි. රජුගේ උදහස සිහ රදෙකුගේ ගර්ජනාව වැනි ය, ඔහුගේ කරුණාව තණ මත පිනි බිඳු වැනි ය. අනුවණ පුතා පියාගේ විනාශය වේ. බැණ වදින බිරිඳ නොනැවතී වහින වැස්සකි. ගෙවතු හා වස්තුව පියාගෙන් ලැබෙන උරුමයකි; නුවණින් ක්‍රියා කරන බිරිඳ දෙවි තුම දෙන දීමනාවකි. කුසීතකම බර නින්දට පමුණුවයි. කම්මැළියා සාගින්නෙන් පෙළෙයි. දේව නීති පිළිපදින අයට දිගායු ඇත, ඒවා මඟහරින අයට මරණය ඇත. දිළිඳුන්ට දෙන්නා සමිඳුන්ට ණයට දෙයි, පසු ව සමිඳාණෝ ඔහුට වැඩි වැඩියෙනුත් දෙන සේක. බාල වියේ දී ම පුතුට දඬුවම් දී හික්මවන්න, එහෙත් මැරෙන තරම් ඔහුට නොතළන්න. වහා කිපෙන අය දඬුවම් විඳිනු ඇත; ඔබ ඔහු වරක් මිදුවත් නැවත නැවත එය කිරීමට සිදු වේ. අවවාදයට සවන් දී උපදෙස් පිළිගන්න; එවිට ඔබ මතු දවස නැණවතෙක් වන්නෙහි ය. මිනිසා සිතින් බොහෝ දේ අරමුණු කරයි; එහෙත් ස්ථිරවන්නේ සමිඳුන්ගේ අරමුණ ය. මිනිසෙකුගේ පැතුම විය යුත්තේ දයා කරුණාව ය; දිළිඳුකම වංකකමට වඩා යෙහෙකි. සමිඳුන්ට ගරුබිය, ජීවනයේ මඟ ය; ඒ මඟ යන මිනිසා විපතින් දුරු ව තෘප්තියට පැමිණෙයි.

හිතෝපදේශ 19:8-23 Sinhala New Revised Version 2018 (SNRV)

හිතෝපදේශ 19:8-23 New International Version (NIV)

The one who gets wisdom loves life; the one who cherishes understanding will soon prosper. A false witness will not go unpunished, and whoever pours out lies will perish. It is not fitting for a fool to live in luxury— how much worse for a slave to rule over princes! A person’s wisdom yields patience; it is to one’s glory to overlook an offense. A king’s rage is like the roar of a lion, but his favor is like dew on the grass. A foolish child is a father’s ruin, and a quarrelsome wife is like the constant dripping of a leaky roof. Houses and wealth are inherited from parents, but a prudent wife is from the LORD. Laziness brings on deep sleep, and the shiftless go hungry. Whoever keeps commandments keeps their life, but whoever shows contempt for their ways will die. Whoever is kind to the poor lends to the LORD, and he will reward them for what they have done. Discipline your children, for in that there is hope; do not be a willing party to their death. A hot-tempered person must pay the penalty; rescue them, and you will have to do it again. Listen to advice and accept discipline, and at the end you will be counted among the wise. Many are the plans in a person’s heart, but it is the LORD’s purpose that prevails. What a person desires is unfailing love; better to be poor than a liar. The fear of the LORD leads to life; then one rests content, untouched by trouble.