හිතෝපදේශ 15:14-17
හිතෝපදේශ 15:14-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නුවණැති හදවත දැනුම සොයයි; එහෙත් අඥානයාගේ මුඛය මෝඩකම වඩවයි. පීඩා විඳින්නන්ට හැමදාමත් දුක්ඛිත ය; එහෙත් සතුටු සිත නිරන්තරයෙන් මංගල සිරි විඳී. කරදර-විපත් සමඟ මහ ධන සම්පත්වලට වඩා ස්වාමින්වහන්සේට භයවීම සමඟ ස්වල්පයක් හොඳ ය. ද්වේෂයෙන් යුතු ව රසමසවුළු බුදිනවාට වඩා ප්‍රේමයෙන් යුතු ව එළවළු ටිකක් හොඳ ය.
හිතෝපදේශ 15:14-17 Sinhala Revised Old Version (SROV)
නුවණ ඇත්තාගේ සිත දැනගැන්ම සොයයි; එහෙත් අඥානයන්ගේ මුඛය මෝඩකම අනුභවකරයි. දුක්ඛිතයාගේ සියලුම දවස් නරකය; එහෙත් සතුටු සිත නිරන්තර මංගල්‍යයක්ය. කරදර ඇතුව බොහෝ වස්තු ඇතිවීමට වඩා ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ඇතුව ස්වල්පයක් හොඳය. වෛරය ඇතුව තර ගොනෙකුගේ මසට වඩා ප්‍රේමය ඇතුව පලා කෑම හොඳය.
හිතෝපදේශ 15:14-17 Sinhala New Revised Version (NRSV)
නැණැතියෝ දැනුම සොයා යති; අනුවණයෝ මෝඩකමින් තෘප්තියට පත් වෙති. පීඩිතයන්ට හැම දවස ම අසුබ දිනයකි; සතුටු සිත ඇති අයට හැමදා ම මඟුල් උළෙලකි. කරදර සහිත විපුල සැප සම්පතට වඩා, සමිඳුන් කෙරේ ගරුබිය ඇති ව හිඟකම හොඳ ය. වෛරය ඇති ව රස මස’වුළු බුදීමට වඩා, සෙනෙහස ඇති ව ලුණු කැඳ බීම හොඳ ය.
හිතෝපදේශ 15:14-17 Sinhala New Revised Version 2018 (SNRV)
නැණැතියෝ දැනුම සොයා යති; අනුවණයෝ මෝඩකමින් තෘප්තියට පත් වෙති. පීඩිතයන්ට හැම දවස ම අසුබ දිනයකි; සතුටු සිත ඇති අයට හැමදා ම මඟුල් උළෙලකි. කරදර සහිත විපුල සැප සම්පතට වඩා, සමිඳුන් කෙරේ ගරුබිය ඇති ව හිඟකම හොඳ ය. වෛරය ඇති ව රස මස’වුළු බුදීමට වඩා, සෙනෙහස ඇති ව ලුණු කැඳ බීම හොඳ ය.
හිතෝපදේශ 15:14-17 New International Version (NIV)
The discerning heart seeks knowledge, but the mouth of a fool feeds on folly. All the days of the oppressed are wretched, but the cheerful heart has a continual feast. Better a little with the fear of the LORD than great wealth with turmoil. Better a small serving of vegetables with love than a fattened calf with hatred.