හිතෝපදේශ 14:7-8
හිතෝපදේශ 14:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අඥානයා වෙතින් ඈත් ව සිටින්න; මන්ද ඔහුගේ තොල් අතරින් දැනුම හමු නො වේ. නුවණ ඇත්තන්ගේ ප්රඥාව තම මාර්ගය වටහා ගැනීම ය; එහෙත් අඥානයින්ගේ මෝඩකම රැවටිල්ල ය.
බෙදාගන්න
හිතෝපදේශ 14 කියවන්නහිතෝපදේශ 14:7-8 Sinhala Revised Old Version (SROV)
අඥානයා ඉදිරියට යන්න, එවිට ඔහුට දැනගැනීමේ තොල් නැති බව නුඹට පෙනෙන්නේය. බුද්ධිමත් අයගේ ප්රඥාව නම් තමාගේ මාර්ගය තේරුම්ගැනීමය; එහෙත් අඥානයන්ගේ මෝඩකම වංචාවය.
බෙදාගන්න
හිතෝපදේශ 14 කියවන්නහිතෝපදේශ 14:7-8 Sinhala New Revised Version (NRSV)
අඥානයා කෙරෙන් ඈත් වන්න; ඔහුට කලඳක් වත් දැනුම නැති බව ඔබට පෙනේ. නැණනුවණ ඇති අය ජීවන මඟ තේරුම්ගනිති; අනුවණ අය සිය මෝඩකමින් මංමුළා වෙති.
බෙදාගන්න
හිතෝපදේශ 14 කියවන්න