හිතෝපදේශ 14:22-23
හිතෝපදේශ 14:22-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නපුරු උපා යොදන්නෝ මංමුළා නො වෙත් ද? එහෙත් සෙත සැලසුම් කරන්නෝ, ප්‍රේමයත්, විශ්වාසවන්ත භාවයත් හිමි කර ගනිති. වෙහෙසී වැඩ කිරීම් සියල්ලෙන් ලාභ ලැබේ; එහෙත් නිෂ්ඵල කතාව දුගී භාවයට මං පාදයි.
බෙදාගන්න
හිතෝපදේශ 14 කියවන්නහිතෝපදේශ 14:22-23 Sinhala Revised Old Version (SROV)
නපුර යොදන්නන් වරද්දාගන්නවා නොවේද? එහෙත් යහපත යොදන්නන්ට කරුණාවද සැබෑකමද ලැබෙන්නේය. සියලු වැඩවලින් ලාභ උපදියි; එහෙත් තොල්වල කථාවෙන් පැමිණෙන්නේ හිඟකම පමණක්ය.
බෙදාගන්න
හිතෝපදේශ 14 කියවන්නහිතෝපදේශ 14:22-23 Sinhala New Revised Version (NRSV)
නපුරු උපා යොදන්නා බරපතල වරදක් කරයි; යහපත කරන්නා කරුණාව ද විශ්වාසය ද ලබයි. වැඩක යෙදුණොත් ජීවිකාව ලැබේ; කතාවට ම වැටුණොත් දිළිඳුකම ලැබේ.
බෙදාගන්න
හිතෝපදේශ 14 කියවන්න