හිතෝපදේශ 11:24-26
හිතෝපදේශ 11:24-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කෙනෙක් නො මසුරු ව දෙන නමුදු, බහුල ව අත්කර ගන්නේ ය; තව කෙනෙක් මසුරු ව, දිය යුතු ව තිබූ දෑ නො දී සිටි නමුදු හිඟකමට පත් වන්නේ ය. ත්‍යාගශීලී මිනිසා ඉසුරුමත් වෙයි; අන්‍යයනට පැන් වත් කරන තැනැත්තාට පැන් වත් කරනු ලබයි. ධාන්‍ය සඟවා තබාගන්නාට ජනයා ශාප කරති; එහෙත් ඒවා අලෙවි කරන්නාගේ හිස පිට ආශිර්වාදයකි.
හිතෝපදේශ 11:24-26 Sinhala Revised Old Version (SROV)
විසුරුවන නුමුත් වස්තුව වැඩිකරගන්න කෙනෙක්ද හිඟකමට පැමිණෙන හැටියට අයුතු ලෙස වලක්වාගන්න කෙනෙක්ද ඇත. ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය; පැන් ඉසින තැනැත්තේ පැන් ඉසිනු ලබන්නේය. ධාන්‍ය නොදෙන්නාට සෙනඟ ශාපකරනවා ඇත; එහෙත් එය විකුණන්නාගේ හිසට ආශීර්වාදයක් පැමිණෙයි.
හිතෝපදේශ 11:24-26 Sinhala New Revised Version (NRSV)
කෙනෙක් අත මිට දිගහැර දෙතත් පොහොසත් වෙති; තව කෙනෙක් දැඩි මසුරුකමින් දෙතත් දිළිඳු වෙති. ත්‍යාගශීලී වන්න, එවිට ඔබ පොහොසතෙක් වන්නෙහි ය; අන්‍යයන්ට ආධාර කරන්න, අන්‍යයෝ ඔබට ආධාර කරති. අනුන්ට නො දී ධාන්‍ය රැස් කරන්නාට සෙනඟ සාප කරනු ඇත; එහෙත් එය විකුණන්නා හට ආසිරි ලැබෙනු ඇත.
හිතෝපදේශ 11:24-26 Sinhala New Revised Version 2018 (SNRV)
කෙනෙක් අත මිට දිගහැර දෙතත් පොහොසත් වෙති; තව කෙනෙක් දැඩි මසුරුකමින් දෙතත් දිළිඳු වෙති. ත්‍යාගශීලී වන්න, එවිට ඔබ පොහොසතෙක් වන්නෙහි ය; අන්‍යයන්ට ආධාර කරන්න, අන්‍යයෝ ඔබට ආධාර කරති. අනුන්ට නො දී ධාන්‍ය රැස් කරන්නාට සෙනඟ සාප කරනු ඇත; එහෙත් එය විකුණන්නා හට ආසිරි ලැබෙනු ඇත.
හිතෝපදේශ 11:24-26 New International Version (NIV)
One person gives freely, yet gains even more; another withholds unduly, but comes to poverty. A generous person will prosper; whoever refreshes others will be refreshed. People curse the one who hoards grain, but they pray God’s blessing on the one who is willing to sell.

