හිතෝපදේශ 11:1-9

හිතෝපදේශ 11:1-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

වංචනික තරාදි, ස්වාමින්වහන්සේට පිළිකුලකි; එහෙත් නිවැරදි කිරුම්-මිනුම් උන්වහන්සේට ප්‍රසන්න ය. උඩඟුව පැමිණි කල, නින්දාව ඒ සමඟ පැමිණේ; එහෙත් නිහතමානීත්වය සමඟ ප්‍රඥාව පැමිණේ. ඍජු ගති ඇත්තවුන්ගේ අවංකත්වය, ඔවුනට මග පෙන්වයි; එහෙත් ද්‍රෝහීන් ඔවුන්ගේ වංචනිකත්වයෙන් වැනසේ. උදහසේ දවසේදී ධන සම්පත් පලක් නො වේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් නිදහස් කරයි. නිදොස් අයගේ දමිටුකම, ඔවුන්ට සෘජු මාවත් තනා දෙයි; එහෙත් දුෂ්ටයින් ඔවුන්ගේ ම දුෂ්ටකමින් ඇද වැටේ. ඍජු ගති ඇත්තවුන්ගේ දමිටුකම, ඔවුන් නිදහස් කරයි; එහෙත් ද්‍රෝහීහු තෘෂ්ණා උගුලට හසු වෙති. දුෂ්ට මිනිසා මැරුණු කල, ඔහුගේ බලාපොරොත්තු සුන් වේ; ඔහුගේ ශක්තියෙන් ඔහු අපේක්ෂා කළ සියල්ල පහව යේ. දමිටු මිනිසා විපත්තියෙන් මිදේ; ඒ වෙනුවට දුෂ්ට මිනිසා පිට විපත්තිය පැමිණේ. අභක්තිකයා තම මුවින්, තම අසල්වැසියා විනාශ කරයි; එහෙත් දමිටු මිනිසා නුවණෙහි පිහිටා ඉන් ගැලවී යයි.

හිතෝපදේශ 11:1-9 Sinhala Revised Old Version (SROV)

හොර තරාදිය ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් හරි කළන්පඩියට උන්වහන්සේ ප්‍රසන්නය. උඩඟුකම පැමිණෙන කල ලජ්ජාවත් පැමිණෙයි; එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව තිබේ. ඇද නැත්තන්ගේ අවංකකම ඔවුන්ට මග පෙන්වයි; එහෙත් ද්‍රෝහීන්ගේ වංචාකම ඔවුන් විනාශකරයි. උදහස් දවසේදී සම්පතෙන් උපකාර නොලැබේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි. නිර්දෝෂ අයගේ ධර්මිෂ්ඨකම ඔහුගේ මාර්ගය සමතලාකරයි; එහෙත් දුෂ්ටයා තමාගේම දුෂ්ටකමෙන් වැටෙයි. ඇද නැත්තන්ගේ ධර්මිෂ්ඨකම ඔවුන් ගළවයි; එහෙත් ද්‍රෝහිකාරයෝ තමුන්ගේ ප්‍රයෝගයෙන් අසුවනු ලබති. දුෂ්ට මනුෂ්‍යයා නසිනකල ඔහුගේ බලාපොරොත්තුව නැතිවෙයි; අයුතුකම්කරන්නන්ගේ ප්‍රාර්ථනාවද නැතිවෙයි. ධර්මිෂ්ඨයා විපතින් මුදනු ලබයි, දුෂ්ටයා ඔහු වෙනුවට විපතට පත්වෙයි. අභක්තිකයා තමාගේ මුඛයෙන් තමාගේ අසල්වාසියා විනාශකරයි; එහෙත් දැනගැන්ම කරණකොටගෙන ධර්මිෂ්ඨයෝ ගැළවෙන්නෝය.

හිතෝපදේශ 11:1-9 Sinhala New Revised Version (NRSV)

හොර තරාදිය සමිඳුන්ට පිළිකුලකි; හරි පඩි සමිඳුන්ට ප්‍රීතියකි. අහංකාරය සමඟ නින්දාව එයි; එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව ඇත. අවංක අයට අවංකකම මඟපෙන්වයි. ද්‍රෝහියා සිය ද්‍රෝහිකමින් විනාශ වෙයි. මැරෙන දිනයේ දී සම්පතින් වැඩක් නැත; එහෙත් දැහැමි ජීවිතය මරණින් මුදයි. දැහැමිකමින් නිදොස් මිනිසාගේ ජීවිත ගමන පහසු වේ; අදමිටුකමින් අදමිටුන්ගේ ම වැටීම සිදු වේ. අවංක අය සිය දැහැමිකමින් ගැළවෙති; එහෙත් ද්‍රෝහියෝ සිය කූටෝපායවලට අසු වෙති. දුදනාගේ මරණය සමඟ ඔහුගේ පැතුම ද නැසෙයි; අභක්තිකයන්ගේ ප්‍රාර්ථනා ද එසේ ම නැසෙයි. ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙනු ඇත; දුෂ්ටයා මිදෙනු වෙනුවට විපතට පත් වෙනු ඇත. අභක්තිකයාගේ බසින් මිනිස්සු විනාශ වෙති; එහෙත් දමිටු අය ප්‍රඥාවෙන් ගැළවෙති.

හිතෝපදේශ 11:1-9 Sinhala New Revised Version 2018 (SNRV)