හිතෝපදේශ 10:1-10
හිතෝපදේශ 10:1-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සාලමොන්ගේ හිතෝපදේශ: ප්‍රඥාවත් පුත්‍රයා තම පියාට ප්‍රීතිය ගෙනේ, අඥාන පුත්‍රයා තම මව ශෝකයට පමුණුවයි. අදමිටුකමින් උපයා ගත් ධනයේ වටිනාකමක් නැත; එහෙත් දමිටුකම මරණයෙන් ගලවයි. ධර්මිෂ්ඨයිනට කුස ගින්නේ සිටින්නට ස්වාමින්වහන්සේ ඉඩ නො තබන සේක; එහෙත්, දුෂ්ටයින්ගේ තෘෂ්ණාව ඉෂ්ටවීම වළකන සේක. කම්මැලි දෑත මිනිසකු දුප්පත් කරවයි; එහෙත් උද්යෝගිමත් දෑත, ධනය ගෙන එයි. ග්‍රීෂ්ම කාලයේ පලදාව එක් රැස් කරන්නා නැණවත් පුතෙකි; අස්වනු කාලයේ නිදාගන්නා නින්දා සහගත පුතෙකි. ධර්මිෂ්ඨයාගේ හිස පිට ආශිර්වාද වෙයි; එහෙත් දුෂ්ටයාගේ මුඛය සැහැසිකම මුවා කර ගනී. ධර්මිෂ්ඨයින් ගැන මතකය ද ආශිර්වාදයකි; එහෙත් දුෂ්ටයාගේ නාමය දිරා යයි. ප්‍රඥාවත් හදවතක් ඇත්තා, අණ-පනත් පිළිගනී; එහෙත් වාචාල අඥානයා විනාශයට පත් වේ. ඍජු ගතියෙන් කටයුතු කරන්නා, සුරක්ෂිත ව දිවි ගෙවයි; එහෙත් ඇද මාවත්වල යන්නාගේ වංකකම එළි වෙයි. ඇසින් ඉඟිකරන්නා කරදර උපද්දයි; වාචාල අඥානයා විනාශයට ළං වෙයි.
හිතෝපදේශ 10:1-10 Sinhala Revised Old Version (SROV)
සාලමොන්ගේ හිතෝපදේශය. ඥානවන්ත පුත්‍රයෙක් පියා ප්‍රීතිකරන්නේය; එහෙත් අඥාන පුත්‍රයෙක් තමාගේ මවුට ශෝකයක්ය. දුෂ්ටකමේ වස්තුවලින් උපකාරයක් නොලැබේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි. ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයා හාමත්වෙන්ට නාරිනසේක; එහෙත් දුෂ්ටයන්ගේ අභිලාෂය උන්වහන්සේ නිෂ්ඵලකරනසේක. අලස අතකින් ක්‍රියාකරන්නා දිළිඳුවන්නේය; එහෙත් උත්සාහ ඇත්තාගේ හස්තය ධනය උපදවන්නේය. ග්‍රීෂ්ම කාලයෙහි රැස්කරගන්නා ඥානවන්ත පුත්‍රයෙක්ය; ගොයම් කපන කාලයෙහි නිදන්නා ලජ්ජා ඇතිකරවන පුත්‍රයෙක්ය. ධර්මිෂ්ඨයාගේ හිස පිට ආශීර්වාද තිබේ; එහෙත් බලාත්කාරය දුෂ්ටයාගේ මුඛය වසන්නේය. ධර්මිෂ්ඨයා සිහිකිරීම වාසනාවන්තය; එහෙත් දුෂ්ටයන්ගේ නම දිරායන්නේය. ප්‍රඥාවත් සිතක් ඇත්තා ආඥා පිළිගනියි; එහෙත් දොඩවන මෝඩයා හෙළාදමනු ලැබේ. ඇද නැතුව හැසිරෙන්නා සුවසේ සිටියි; එහෙත් තමාගේ මාර්ග ඇදකරගන්න අය අසුවනු ලබන්නේය. ඇසින් ඉඟිකරන්නා දුක් උපදවයි; එහෙත් දොඩවන මෝඩයාද හෙළාදමනු ලැබේ.
හිතෝපදේශ 10:1-10 Sinhala New Revised Version (NRSV)
සලමොන් නිරිඳුන්ගේ හිතෝපදේශ මේ ය: නැණවත් පුතා පියා හට ප්‍රීතියකි, අනුවණ පුතා මවට ශෝකයකි. වංකකමින් ලබන වස්තුව නිෂ්ඵල වෙයි; එහෙත් අවංකකම මරණින් මුදයි. සමිඳාණෝ දැහැමි දනා හාමතට නොහරින සේක; එහෙත් දුදනන්ගේ මන දොළ නිෂ්ඵල කරන සේක. අලසකමින් දිළිඳුකම උපදියි; කඩිසරකමින් ධනය උපදියි. ගිම්හානයෙහි අස්වැන්න රැස් කරන්නා නැණවත් පුතෙකි; අස්වැන්න කාලයෙහි නිදන්නා නින්දිත පුතෙකි. දැහැමියන්ගේ හිස මත ආසිරි පැතිරෙයි; දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවෙයි. දැහැමි දනා සැමරීම වාසනාවකි; එහෙත් දුදනන්ගේ නාමය පිළිකුලකි. පැණවතා අණපණත් පිළිගනියි; නන්දොඩන මෝඩයා වැනසී යයි. අවංක ව හැසිරෙන්නා සුව සේ වසයි; වංක මඟෙහි යන්නාගේ ක්‍රියා එළි වෙයි. වපර ඇසින් වරද දෙස බලන්නා කරදර උපදවයි; එහෙත් නිර්භය විවේචනය කරන්නා සාමය ගෙන දෙයි.
හිතෝපදේශ 10:1-10 Sinhala New Revised Version 2018 (SNRV)
සලමොන් නිරිඳුන්ගේ හිතෝපදේශ මේ ය: නැණවත් පුතා පියා හට ප්‍රීතියකි, අනුවණ පුතා මවට ශෝකයකි. වංකකමින් ලබන වස්තුව නිෂ්ඵල වෙයි; එහෙත් අවංකකම මරණින් මුදයි. සමිඳාණෝ දැහැමි දනා හාමතට නොහරින සේක; එහෙත් දුදනන්ගේ මන දොළ නිෂ්ඵල කරන සේක. අලසකමින් දිළිඳුකම උපදියි; කඩිසරකමින් ධනය උපදියි. ගිම්හානයෙහි අස්වැන්න රැස් කරන්නා නැණවත් පුතෙකි; අස්වැන්න කාලයෙහි නිදන්නා නින්දිත පුතෙකි. දැහැමියන්ගේ හිස මත ආසිරි පැතිරෙයි; දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවෙයි. දැහැමි දනා සැමරීම වාසනාවකි; එහෙත් දුදනන්ගේ නාමය පිළිකුලකි. පැණවතා අණපනත් පිළිගනියි; නන්දොඩන මෝඩයා වැනසී යයි. අවංක ව හැසිරෙන්නා සුව සේ වසයි; වංක මඟෙහි යන්නාගේ ක්‍රියා එළි වෙයි. වපර ඇසින් වරද දෙස බලන්නා කරදර උපදවයි; එහෙත් නිර්භය විවේචනය කරන්නා සාමය ගෙන දෙයි.
හිතෝපදේශ 10:1-10 New International Version (NIV)
The proverbs of Solomon: A wise son brings joy to his father, but a foolish son brings grief to his mother. Ill-gotten treasures have no lasting value, but righteousness delivers from death. The LORD does not let the righteous go hungry, but he thwarts the craving of the wicked. Lazy hands make for poverty, but diligent hands bring wealth. He who gathers crops in summer is a prudent son, but he who sleeps during harvest is a disgraceful son. Blessings crown the head of the righteous, but violence overwhelms the mouth of the wicked. The name of the righteous is used in blessings, but the name of the wicked will rot. The wise in heart accept commands, but a chattering fool comes to ruin. Whoever walks in integrity walks securely, but whoever takes crooked paths will be found out. Whoever winks maliciously causes grief, and a chattering fool comes to ruin.