හිතෝපදේශ 1:8-19
හිතෝපදේශ 1:8-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සවන් දෙන්න මා පුත, ඔබේ පියාගේ අවවාදය වෙත; ඔබේ මවගේ උපදෙස් අත්හැර නො දමන්න. ඒවා ඔබේ හිසට ආකර්ෂවත් මල් දමක් ද ඔබේ ගෙල සරසන මාලයක් ද වේ. මා පුත, පව්කරුවෝ ඔබ පොලඹවන කල, ඔවුනට අවනත නො වන්න. “එන්න, අප සමඟ එන්න. අපි ලේ හැලුමට මග රැක සිටිමු; අපි රැක සිට අහිංසකයින් අහේතුක ව අල්ලා ගනිමු. ෂෙයෝල සේ අපි ඔවුන් පණ පිටින් ගිල දමමු; වළ පල්ලට යන්නවුන් පරිදි, මුළුමනින් ඔවුන් ගිල දමමු. හැම අයුරක අගනා භාණ්ඩ අපට ලැබෙනු ඇත; කොල්ල කෑ දෙයින් අපේ ගෙවල් පුරවාගත හැක. අප හා සමාගම්කාර වෙයන්න. අප හැමට පොදු පසුම්බියක් තබා ගනිමු” යි ඔවුන් පැවසිය හැක. මා පුත, ඔවුන් යන මාර්ගයේ නො යන්න; ඔවුන්ගේ මාවතින් ඔබේ පා වළක්වාගන්න. මන්ද ඔවුන්ගේ පාද දුෂ්ටකමට යුහුසුලු ය; ලේ හැලුමට කඩිනම් ය. තවද යම් පක්ෂියකුට පෙනෙන ලෙස දැලක් එලීම කෙතරම් නිෂ්ඵල ද! එහෙත් මේ මිනිසුන් රැක සිටින්නේ, තමන්ගේ ම ලේ හැලුමට ය; ඔවුන් රහසේ රැක සිටින්නේ තමන්ගේ ම ජීවිතවලට ය. අයුතු වාසියට ගිජුවන සියල්ලන්ගේ මාර්ග එසේ වේ. අයුතු වාසි ලබන්නන්ගේ ජීවිත අයුතු වාසියෙන් ම නැසේ.
හිතෝපදේශ 1:8-19 Sinhala Revised Old Version (SROV)
මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ගුරුකම අසන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න. මක්නිසාද ඒවා නුඹේ හිසට හොබනා මාලාවක්ද නුඹේ බෙල්ලට මාලයක්ද වෙත්. මාගේ පුත්‍රය, පව්කාරයෝ නුඹ පොළඹත් නම්, එකඟ නොවන්න. ඔවුන් කථාකොට: අප සමඟ එන්න, ලෙය ගැන රැක සිට, නිකරුණේ නිර්දෝෂ අය ගැන සැඟවී සිටිමු; ෂෙයෝල මෙන් අපි ඔවුන් පණපිටින්ද වළට බසින්නන් මෙන් සහමුලින්ද ගිලගනිමු; සියලු ආකාර අනර්ඝ වස්තු අපට සම්බවේ, අපේ ගෙවල් කොල්ලයෙන් පුරවා ගන්නෙමු; නුඹ අප සමඟ පංගුකාර වෙන්න; අප සියල්ලන්ට එක පසුම්බියක්ම තිබේවයි කියන නුමුත්, මාගේ පුත්‍රය, ඔවුන් සමඟ ඒ මාර්ගයේ නොයන්න; නුඹේ පය ඔවුන්ගේ මාවතින් වළක්වාගන්න. මක්නිසාද ඔවුන්ගේ පාදයෝ නපුරට දුවති, ඔව්හු ලේ වැගිරීමට ඉක්මන්වෙති. යම්කිසි පක්ෂියෙකුට පෙණෙන ලෙස දැල එළාතැබීම නිෂ්ඵලය. ඔව්හු වනාහි තමුන්ගේම ලෙය ගැන රැක සිටිති, තමුන්ගේම ප්‍රාණයට විරුද්ධව සැඟවී සිටිති. ලාභයට ලෝභිවූ සියල්ලන්ගේ මාර්ග එසේමය; එය හිමිකාරයන්ගේ ප්‍රාණය එයින්ම හානිවේ.
හිතෝපදේශ 1:8-19 Sinhala New Revised Version (NRSV)
මාගේ පුත්‍රය, පියාගේ අවවාදය අසන්න; මවගේ උපදෙස් ඉවත නොදමන්න. ඒවා ඔබේ සිරසට හොබනා කිරුළක් ද ගෙලට අගනා මාලයක් ද වන්නේ ය. මාගේ පුත්‍රය, පවිටුන් මෙසේ කියමින් ඔබ පොළඹවන විට, එකඟ නොවන්න: “අප සමඟ එන්න, අපි මඟ රැක සිට කෙනෙකු මරාදමමු; සැඟවී සිට, වරදක් නොකළ නිදොස් අයෙකුට පහර දෙමු. පාතාලය මෙන් අපි ඔවුන් පණපිටින් ගිලදමමු; නිවැරදි වුව ද, ඔවුන් අපායට බසින්නවුන් මෙන් වනු ඇත. නන් වැදෑරුම් අගනා වස්තු අපි පැහැරගනිමු; කොල්ලකාගත් දෙයින් අපේ ගේදොර පුරවාගනිමු. එන්න, අපේ කල්ලියට එක් වන්න; අප කාටත් පොදු පසුම්බියක් තබාගනිමු.” මාගේ පුත්‍රය, ඒ පාරෙහි නම් නොයන්න; ඔවුන්ගේ ක්‍රියා මාර්ගයෙන් ඈත් වන්න. ඔව්හු, අපරාධ කිරීමට කඩාබිඳගෙන යති; ලේ වැගිරීමට වේගයෙන් දුවති. කුරුල්ලා බලා සිටිය දී දැල දැමීමෙන් පලක් නැත. මේ මිනිස්සු තමන්ට ම උගුල් අටවාගනිති; තමන්ගේ ම විනාශයට උපා යොදති. අයුතු ලාභයට ගිජු වන්නා එයින් ම වැනසේ. ඔහුගේ ඉරණම එය වේ.
හිතෝපදේශ 1:8-19 Sinhala New Revised Version 2018 (SNRV)

හිතෝපදේශ 1:8-19 New International Version (NIV)
Listen, my son, to your father’s instruction and do not forsake your mother’s teaching. They are a garland to grace your head and a chain to adorn your neck. My son, if sinful men entice you, do not give in to them. If they say, “Come along with us; let’s lie in wait for innocent blood, let’s ambush some harmless soul; let’s swallow them alive, like the grave, and whole, like those who go down to the pit; we will get all sorts of valuable things and fill our houses with plunder; cast lots with us; we will all share the loot”— my son, do not go along with them, do not set foot on their paths; for their feet rush into evil, they are swift to shed blood. How useless to spread a net where every bird can see it! These men lie in wait for their own blood; they ambush only themselves! Such are the paths of all who go after ill-gotten gain; it takes away the life of those who get it.