හිතෝපදේශ 1:7-9
හිතෝපදේශ 1:7-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේට භයවීම, ප්රඥාවේ පටන් ගැන්ම ය; එහෙත් අඥානයෝ ප්රඥාව ද උපදෙස ද සුළු කොට තකති. සවන් දෙන්න මා පුත, ඔබේ පියාගේ අවවාදය වෙත; ඔබේ මවගේ උපදෙස් අත්හැර නො දමන්න. ඒවා ඔබේ හිසට ආකර්ෂවත් මල් දමක් ද ඔබේ ගෙල සරසන මාලයක් ද වේ.
හිතෝපදේශ 1:7-9 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම දැනගැන්මේ පටන්ගැන්මය. අඥානයෝ ප්රඥාවද ගුරුකමද හෙළාදකිති. මාගේ පුත්රය, නුඹේ පියාගේ ගුරුකම අසන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න. මක්නිසාද ඒවා නුඹේ හිසට හොබනා මාලාවක්ද නුඹේ බෙල්ලට මාලයක්ද වෙත්.
හිතෝපදේශ 1:7-9 Sinhala New Revised Version (NRSV)
දේව ගරුබිය ප්රඥාවේ මුල් පියවර යි; අනුවණයෝ නැණනුවණ හා විනය ධර්ම හෙළා දකිති. මාගේ පුත්රය, පියාගේ අවවාදය අසන්න; මවගේ උපදෙස් ඉවත නොදමන්න. ඒවා ඔබේ සිරසට හොබනා කිරුළක් ද ගෙලට අගනා මාලයක් ද වන්නේ ය.
හිතෝපදේශ 1:7-9 Sinhala New Revised Version 2018 (SNRV)
දේව ගරුබිය ප්රඥාවේ මුල් පියවර යි; අනුවණයෝ නැණනුවණ හා විනය ධර්ම හෙළා දකිති. මාගේ පුත්රය, පියාගේ අවවාදය අසන්න; මවගේ උපදෙස් ඉවත නොදමන්න. ඒවා ඔබේ සිරසට හොබනා කිරුළක් ද ගෙලට අගනා මාලයක් ද වන්නේ ය.
හිතෝපදේශ 1:7-9 New International Version (NIV)
The fear of the LORD is the beginning of knowledge, but fools despise wisdom and instruction. Listen, my son, to your father’s instruction and do not forsake your mother’s teaching. They are a garland to grace your head and a chain to adorn your neck.
