හිතෝපදේශ 1:10-15
හිතෝපදේශ 1:10-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මා පුත, පව්කරුවෝ ඔබ පොලඹවන කල, ඔවුනට අවනත නො වන්න. “එන්න, අප සමඟ එන්න. අපි ලේ හැලුමට මග රැක සිටිමු; අපි රැක සිට අහිංසකයින් අහේතුක ව අල්ලා ගනිමු. ෂෙයෝල සේ අපි ඔවුන් පණ පිටින් ගිල දමමු; වළ පල්ලට යන්නවුන් පරිදි, මුළුමනින් ඔවුන් ගිල දමමු. හැම අයුරක අගනා භාණ්ඩ අපට ලැබෙනු ඇත; කොල්ල කෑ දෙයින් අපේ ගෙවල් පුරවාගත හැක. අප හා සමාගම්කාර වෙයන්න. අප හැමට පොදු පසුම්බියක් තබා ගනිමු” යි ඔවුන් පැවසිය හැක. මා පුත, ඔවුන් යන මාර්ගයේ නො යන්න; ඔවුන්ගේ මාවතින් ඔබේ පා වළක්වාගන්න.
හිතෝපදේශ 1:10-15 Sinhala Revised Old Version (SROV)
මාගේ පුත්රය, පව්කාරයෝ නුඹ පොළඹත් නම්, එකඟ නොවන්න. ඔවුන් කථාකොට: අප සමඟ එන්න, ලෙය ගැන රැක සිට, නිකරුණේ නිර්දෝෂ අය ගැන සැඟවී සිටිමු; ෂෙයෝල මෙන් අපි ඔවුන් පණපිටින්ද වළට බසින්නන් මෙන් සහමුලින්ද ගිලගනිමු; සියලු ආකාර අනර්ඝ වස්තු අපට සම්බවේ, අපේ ගෙවල් කොල්ලයෙන් පුරවා ගන්නෙමු; නුඹ අප සමඟ පංගුකාර වෙන්න; අප සියල්ලන්ට එක පසුම්බියක්ම තිබේවයි කියන නුමුත්, මාගේ පුත්රය, ඔවුන් සමඟ ඒ මාර්ගයේ නොයන්න; නුඹේ පය ඔවුන්ගේ මාවතින් වළක්වාගන්න.
හිතෝපදේශ 1:10-15 Sinhala New Revised Version (NRSV)
මාගේ පුත්රය, පවිටුන් මෙසේ කියමින් ඔබ පොළඹවන විට, එකඟ නොවන්න: “අප සමඟ එන්න, අපි මඟ රැක සිට කෙනෙකු මරාදමමු; සැඟවී සිට, වරදක් නොකළ නිදොස් අයෙකුට පහර දෙමු. පාතාලය මෙන් අපි ඔවුන් පණපිටින් ගිලදමමු; නිවැරදි වුව ද, ඔවුන් අපායට බසින්නවුන් මෙන් වනු ඇත. නන් වැදෑරුම් අගනා වස්තු අපි පැහැරගනිමු; කොල්ලකාගත් දෙයින් අපේ ගේදොර පුරවාගනිමු. එන්න, අපේ කල්ලියට එක් වන්න; අප කාටත් පොදු පසුම්බියක් තබාගනිමු.” මාගේ පුත්රය, ඒ පාරෙහි නම් නොයන්න; ඔවුන්ගේ ක්රියා මාර්ගයෙන් ඈත් වන්න.
හිතෝපදේශ 1:10-15 Sinhala New Revised Version 2018 (SNRV)
මාගේ පුත්රය, පවිටුන් මෙසේ කියමින් ඔබ පොළඹවන විට, එකඟ නොවන්න: “අප සමඟ එන්න, අපි මඟ රැක සිට කෙනෙකු මරාදමමු; සැඟවී සිට, වරදක් නොකළ නිදොස් අයෙකුට පහර දෙමු. පාතාලය මෙන් අපි ඔවුන් පණපිටින් ගිලදමමු; නිවැරදි වුව ද, ඔවුන් අපායට බසින්නවුන් මෙන් වනු ඇත. නන් වැදෑරුම් අගනා වස්තු අපි පැහැරගනිමු; කොල්ලකාගත් දෙයින් අපේ ගේදොර පුරවාගනිමු. එන්න, අපේ කල්ලියට එක් වන්න; අප කාටත් පොදු පසුම්බියක් තබාගනිමු.” මාගේ පුත්රය, ඒ පාරෙහි නම් නොයන්න; ඔවුන්ගේ ක්රියා මාර්ගයෙන් ඈත් වන්න.
හිතෝපදේශ 1:10-15 New International Version (NIV)
My son, if sinful men entice you, do not give in to them. If they say, “Come along with us; let’s lie in wait for innocent blood, let’s ambush some harmless soul; let’s swallow them alive, like the grave, and whole, like those who go down to the pit; we will get all sorts of valuable things and fill our houses with plunder; cast lots with us; we will all share the loot”— my son, do not go along with them, do not set foot on their paths