හිතෝපදේශ 1:1-7
හිතෝපදේශ 1:1-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දාවිත්ගේ පුත්රයා වන ඉශ්රායෙල් රජු වූ සාලමොන්ගේ හිතෝපදේශ: මේවා, ප්රඥාව හා උපදෙස දැනගැන්මටත්, අවබෝධයේ වචන වටහා ගැන්මටත් ය. නැණවත් හැසිරීමේ උපදෙස් ලබා ගැනීමටත් එමඟින් හරි දේ යුතු දේ හා සාධාරණ දේ කිරීමටත් ය. නුවණ මද අයට සිහි නුවණ ද යෞවනයනට අවබෝධය හා විචක්ෂණ බුද්ධිය ද ගෙන දීමටත් ය. ප්රඥාවත්හු සවන් දී, තම උගත්කම වැඩි කර ගනිත්වා! බුද්ධිමත්හු නිපුණතාව ලබාගනිත්වා! ඒ, හිතෝපදේශ හා උපමා කතා ද ප්රාඥයින්ගේ කියුම් හා ප්රහේලිකා ද වටහාගැනීමෙනි. ස්වාමින්වහන්සේට භයවීම, ප්රඥාවේ පටන් ගැන්ම ය; එහෙත් අඥානයෝ ප්රඥාව ද උපදෙස ද සුළු කොට තකති.
හිතෝපදේශ 1:1-7 Sinhala Revised Old Version (SROV)
ඉශ්රායෙල්ගේ රජවූ දාවිත්ගේ පුත්ර සාලමොන්ගේ හිතෝපදේශ. ඒවා වනාහි ප්රඥාවද ගුරුකමද දැනගැනීමටත්; බුද්ධිමත් වාක්ය තේරුම්ගැනීමටත්; ඥානවන්ත හැසිරීමේද ධර්මිෂ්ඨකමේද යුක්තියේද අවංකකමේද ගුරුකම් ලබාගැනීමටත්; අනුවණයන්ට ඥානයද තරුණයාට දැනගැන්ම සහ සිහිකල්පනාවද දීමටත්ය. හිතෝපදේශයක් හා උපහැරණයක්ද ඥානවන්තයන්ගේ වචන හා ඔවුන්ගේ ගැඹුරු කීම්ද තේරුම්ගන්න හැටියට ඥානවන්තයා අසා ඉගෙනගැන්ම වැඩිකරගන්නේය; නුවණ ඇත්තා හොඳ ගුරුකම් ලබා ගන්නේය. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම දැනගැන්මේ පටන්ගැන්මය. අඥානයෝ ප්රඥාවද ගුරුකමද හෙළාදකිති.
හිතෝපදේශ 1:1-7 Sinhala New Revised Version (NRSV)
ඉශ්රායෙල් රජ වූ, දාවිත්ගේ පුත් සලමොන් පැවසූ හිතෝපදේශ මේ ය: ඒවායින්, ප්රඥාව ද විනය ධර්ම ද ධර්මාවබෝධය ද ලැබෙනු ඇත. ඒවායින්, බුද්ධි වර්ධනය හා දැහැමි ක්රියා ද අවංකකම ද යුක්තිය හා සාධාරණකම ද පිළිබඳ උපදෙස් ලැබෙනු ඇත. ඒවායින්, අනුවණයන් හට නුවණ ද තරුණයන් හට මනා අවබෝධය හා සිහිකල්පනාව ද ලැබෙනු ඇත. හිතෝපදේශ හා උපහැරණ ද බුද්ධිමතුන්ගේ කියුම් ද ප්රහේලිකා ද තේරුම්ගනු වස් නුවණැතියෝ ඒවාට සවන් දී දැනුම දියුණු කරගන්නෝ ය; ප්රාඥයෝ උපදෙස් ලබාගන්නෝ ය. දේව ගරුබිය ප්රඥාවේ මුල් පියවර යි; අනුවණයෝ නැණනුවණ හා විනය ධර්ම හෙළා දකිති.
හිතෝපදේශ 1:1-7 Sinhala New Revised Version 2018 (SNRV)
ඉශ්රායෙල් රජ වූ, දාවිත්ගේ පුත් සලමොන් පැවසූ හිතෝපදේශ මේ ය: ඒවායින්, ප්රඥාව ද විනය ධර්ම ද ධර්මාවබෝධය ද ලැබෙනු ඇත. ඒවායින්, බුද්ධි වර්ධනය හා දැහැමි ක්රියා ද අවංකකම ද යුක්තිය හා සාධාරණකම ද පිළිබඳ උපදෙස් ලැබෙනු ඇත. ඒවායින්, අනුවණයන් හට නුවණ ද තරුණයන් හට මනා අවබෝධය හා සිහිකල්පනාව ද ලැබෙනු ඇත. හිතෝපදේශ හා උපහැරණ ද බුද්ධිමතුන්ගේ කියුම් ද ප්රහේලිකා ද තේරුම්ගනු වස් නුවණැතියෝ ඒවාට සවන් දී දැනුම දියුණු කරගන්නෝ ය; ප්රාඥයෝ උපදෙස් ලබාගන්නෝ ය. දේව ගරුබිය ප්රඥාවේ මුල් පියවර යි; අනුවණයෝ නැණනුවණ හා විනය ධර්ම හෙළා දකිති.
හිතෝපදේශ 1:1-7 New International Version (NIV)
The proverbs of Solomon son of David, king of Israel: for gaining wisdom and instruction; for understanding words of insight; for receiving instruction in prudent behavior, doing what is right and just and fair; for giving prudence to those who are simple, knowledge and discretion to the young— let the wise listen and add to their learning, and let the discerning get guidance— for understanding proverbs and parables, the sayings and riddles of the wise. The fear of the LORD is the beginning of knowledge, but fools despise wisdom and instruction.